Tuesday, January 31, 2012

සෝරෝ [02 කොටස - බ්ලාග්කරණයට ආ හැටි..]

චැට් කරපු මුල් කාලේ මගේ නම විදියට මම දාගත්තේ Zoro නෙවෙයි කියලා මම මුලින් කිවුව නේ.. ඔය ශ්‍රී චැට් එකට ආව මුල්ම කාලේ මගේ ID එක විදියට මම දාගත්තේ Milush කියලා.. ඒ කියන්නේ මගේ නමේ මුල් කෑල්ල.. ඔහොම ටික කාලයක් යද්දී මට හිතුනා මගේ ID එක විදියට මගේ ඇත්ත නම දාගන්නේ නැතුව වෙන මොකක් හරි නමක් දාගන්න ඕන කියලා.. ඇයි ඉතිං එන සමහරුන්ට තිබුනේ අමුතුම අමුතු නම් නිසා.. එහෙම හිතුන නිසා මම ගෙදර ගිහිං රෑ දවල් නොතකා කල්පනා කලා මට දාගන්න නමක්..

(මගේ ප්‍රොෆයිල් එකට මම මුලින්ම දාපු ෆොටෝ එක මේක)

ඔන්න ඔහොම දස අතේ කල්පනා කර කර ඉන්නකොට එක දවසක් හැන්දෑවක අහම්බෙන් වගේ මගේ කටට ආවා Zoro කියන නම.. පොඩි කාලේ ආසාවෙන් බලපු කාටූන් එකක් නිසා මේ නම මගේ හිතට වැදුනා.. ඔන්න ඉතිං ඔහොම තමා මගේ අන්තර්ජාල නම Zoro කියල භෞතීෂ්ම වුනේ.. එදා ඉඳන් අද වෙනකන් නෙට් එකේදී මම පාවිච්චි කරන නම තමා Zoro කියන එක.. හැබැයි සමහර සයිට් වල රෙජිස්ටර් වෙද්දී කෙලින්ම Zoro කියලා දාන්න බැරි වුන වෙලාවල් වලදී නම වෙනස් වුනා Zoro_lk කියලා..

ශ්‍රී චැට් එකට වෙලා කාලය කකා ඉන්න අතරේ ඒකේ හිටි ඇඩ්මින් එක්ක මම ටිකක් ෆිට් වුනා.. ටිකක් කිවුවට ලොකු යාළුකමක් ඇතිවුනා.. පොරගේ නම තමා තිළිණ.. ඔහොම ටික කාලයක් ඒකේ ඉන්නකොට තිළියා මට කිවුවා “සයිට් එකට අලුතෙන් ඇඩ්මින්ලා ගන්නවා මම උඹේ නමත් කිවුවා“ කියලා.. එහෙම කියලා දුන්නා ලිංක් එකක් මේකේ ගිහිං රෙජිස්ටර් වෙන්න කියලා.. ඒ දුන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු ෆෝරම් එකේ ලිංක් එක.. ඒකේ නම තමා Fantacy Nimnaya එහෙම නැත්තං FN එක.. මේ ෆෝරම් එකෙන් තමා මම මුලින්ම කවි ලියන්න පටං ගත්තේ.. මෙතනදී මට අඳුරගන්න ලැබුනා ගොඩක් අය.. ඒ අය අතරන් බ්ලොග් ලියන අයත් කීපදෙනෙක් ඉන්නවා..

Cleo අක්කා - හද බිඳි සර
Poor Me Elis Buru අක්කා - Il mondo di una povera pazza
රස්තියාදුකාරයා - කෝඳුරු සිතුවිලි
නොදරුවා - නිකමට වගේ
මුතුපබා - කවිමුතු

මීට අමතරව ඒ කාලේ කූඹීයයි, මිගාර අයියයි දෙන්නත් හිටියා.. හැබැයි ඉතිං ඒ දෙන්නා එක්ක නම් වැඩිය කතාබහ කරලා නෑ.. තවත් අය ඇති ඒත් නම් කියන්න මතකයක් නෑ..

ඔහොම FN එකට වෙලා කවි කිය කිය ඉන්න අතරේ ශ්‍රී චැට් එකේ මොඩරේටර් කමකුත් හම්බුනා මුලින්ම.. පස්සේ ඇඩ්මින් කමකුත් සෙට් වුනා.. පස්සේ ශ්‍රී චැට් එක මගේ වගේ වුනා.. ශ්‍රී චැට් එක සහ FN  එක අයිති සිංහලයා කියන සයිට් එකට.. ශ්‍රී චැට් එක කියන්නේ ඒකේ දෙවෙනි චැට් එක.. FN එකේ ඉන්න අතරතුර මට සෙට් වෙන්න පුළුවන් වුනා සිංහලයා එකේ ප්‍රධාන චැට් එක වුන Kasu Kusu එකට.. එහෙම නැත්තං KK එක..

මේකාලේ වෙනකොට FN එකේ දිගට හරයට වැටෙන්න ගත්තා වැල සයිට් වල ලිංක් සහ ෆොටෝ.. හැමදාම උදේට සයිට් එකට ලොග් වුනාම මේ වගේ ත්‍රෙඩ් දෙකක් වත් තියෙනවා.. ඔය කේස් එක නිසා ඒ කාලේ වෙනකොට FN එක භාරවෙලා හිටි Sigiri කියන ඇඩ්මින් මගෙන් ඇහුවා “ඔයා FN එකෙත් මොඩ් කෙනෙක් කරන්නද කියලා“ මමත් ඉතිං හා කිවුවා අතිං පයින් යන එකක් යෑ කියලා.. FN එකේ මොඩ් කෙනෙක් විදියට මාස 7 - 8 විතර හිටියට පස්සේ ඒකෙත් උසස්වීමක් හම්බුනා ඇඩ්මින් කෙනෙක් විදියට.. ඔන්න ඔය වෙනකොට මම ටිකක් පොරක්.. ඇයි ඉතිං ෆෝරම් එකේ ඇඩ්මින් කෙනෙක් නේ.. :D හැබැයි අපි කස්ටිය ආතල් එකේ හිටියේ.. මේ කාලේ තමා අර රංග කියපු චැට් සයිට් අතර ගිය ඔන්ලයින් වලි ගියේ.. :D තාමත් යනවා ඇති සමහරවිට..

ඔහොම ටික කාලයක් යද්දී KK එකටත් අලුතෙන් CM ලා ගත්තේ.. ඒකෙන් මට Hide CM පට්ටමක් හම්බුනා.. ඒ කියන්නේ CM කෙනෙක් කියලා අනිත් අයට පේන්නේ නෑ.. කාලයක් ගතවෙද්දී KK එකෙනුත් සෙට් වුනා බුදු ෆිට් අය කීප දෙනෙක්.. එවුන් අදටත් කතා බහකරලා ඉන්නවා.. 2009 මැයි මාසේ විතර වෙද්දී  KK එකේ අය කීපදෙනෙක් එකතු වෙලා දවස් දෙකක ට්‍රිප් එකකුත් ගියා ඔය ෆිට් එක නිසා..

මෙහෙම චැට් දෙකෙයි ෆෝරම් එකෙයි කාලේ ගත කරන අතරේ Cleo අක්කා කිවුවා බ්ලොග් ගැන.. ඔන්න ඊටපස්සේ මටත් හිතුනා බ්ලොග් එකක් අටවගන්න.. හැබැයි මම හදපු මුල්ම බ්ලොග් එක මේකවත්, සිතුවිල්ලක අරුමවත් නෙවෙයි..

ආයේ කඩන්න වුනා.. තව කොටසකින් හමුවෙමු..

49 comments:

  1. හයියෝ සුපියල් 5 :(

    ReplyDelete
    Replies
    1. ඇයි මොකෝ වුනේ.. නැති වුනා ද.... :D

      Delete
  2. "ඔන්න ඔහොම දස අතේ කල්පනා කර කර ඉන්නකොට එක දවසක් හැන්දෑවක අහම්බෙන් වගේ මගේ කටට ආවා Zoro කියන නම"
    උඹ දන්නවනම් දැන් මගේ කටට එන වචන ටික........... :D

    ReplyDelete
    Replies
    1. කියපං බලන්න රහසින් හරි... :D

      Delete
  3. මොන හුන්නස්ගිරියක්ද යකෝ.....කෝ ඉතිරිය ???

    මේ උබ එලකිරි එකේ ක්ලබ් එකේ එහෙමත් හිටියද ?

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්... ඉවසපං... :D

      නෑ නෑ මම එළකිරියේ නම් හිටියේ නෑ බං...

      Delete
  4. මේකා මේ මොකාටද එන්න යන්නේ ඒ පාර

    ReplyDelete
    Replies
    1. ඇයි මොකාට එනවා වගේ ද උඹට පේන්නේ... :D

      Delete
  5. වෙන නමක් මතක් උනෙම නැද්ද මන්දා.. මොනා උනත් සෝරෝ කියන නම හොඳයි හි හි ;)

    ReplyDelete
    Replies
    1. වෙන වෙන නම් දහසක් අතරින් මේක තමා අල්ලලා ගියේ... :D

      Delete
  6. ඔන්න අපේ කොලුවෙකුගේ..සයිබර් ජිවිත කතාවක්..නියමයි මලේ

    ReplyDelete
    Replies
    1. ඔවු... තව සුට්ටක් තියෙනවා... :D

      Delete
  7. අපොයි ..කියපු විදියට මන් නම් හිතුවේ මොකක් හරි ත්‍රාසජනක වැඩක් කරලා සෝරෝ වගේ ඒ නම ලැබුණා වෙන්න ඇති කියල.....

    මට පෙන්නේ මෙයා පම්පෝරිය ගහල වගේ....

    ReplyDelete
    Replies
    1. මම, මම ගැන පම්පෝරි ගහන්නැතුව ඔයා ගැන පම්පෝරි ගහන්න කියලද කියන්නේ...

      Delete
  8. අප්පෝ...කේන්ති ගියාදත් මන්ද....:P

    ReplyDelete
  9. ෂික් විතරක්.. ඔයිට වැඩිය හොඳ නමක් මතක් වුණේම නැද්ද උඹට..

    ReplyDelete
    Replies
    1. ඔවු බං මට පැණිදොඩං කියන එක මිටර් වුනේ නෑ නේ... :D

      Delete
  10. Replies
    1. “හද බිඳි සර“ තමා සූ ගේ
      “කවියට පෙම්බැඳ“ බෝ ගේ..

      පේලි එහා මෙහා කරන්න එපා කිවුවේ මොකක් ද තිස්සයියා...?

      Delete
  11. මමත් ඔය එකක දෙකට හිටියා බං.

    ReplyDelete
    Replies
    1. ආ.. මොකක් ද උඹ හිටි නම..

      Delete
  12. කතාව තව තියනවැයි...?
    ඔය සෝරෝ කටට නෑවිත් වෙන මොනා හරි ආවනං සික්....

    ReplyDelete
    Replies
    1. තව කොටසක් විතර තියෙනවා..
      කරුමෙට ආවේ මේ නම නේ... :D

      Delete
  13. අප්පා ඔය චැට් වල මාත් ඉස්සර විනොදෙට වගේ හිටිය...

    ReplyDelete
    Replies
    1. ආ එහෙමද... එහෙනම් අපි සෙට් වෙලා ඇති... :D

      Delete
  14. බලමු බලමු සෝරෝ හැරෙන්නේ මොකාටද කියලා ..

    මට හිතෙන්නේ මූ බ්ලොග් එක එක්ක ඉඳලා උසස් වීමක් ලබලා ගූගල් එකේ ඇඩ්මින් කෙනෙක් වෙලා . අපිට ඔය හෙමීට කියන්න යන්නේ ඒක වෙන්නැති නේද ?

    ReplyDelete
    Replies
    1. අඩේ උඹට තේරුනා නේ සීන් එක.. උඹ පස්ට මීටරයක් නේ.... :D

      Delete
    2. උඹ මං ගැන දන්නවනේ ඉතින්

      Delete
    3. ඔවු ඔවු.. ආයේ නොදන්නේ මොකෝ... :D

      Delete
  15. සෝරෝ ඇර උඹට හිතුන අනිත් නම් මොනවද? තුන හතරක් කියපන් බලන්න...

    ඔච්ච්ර ලොකු ඇඩ්මින් ගූගල් ගෲප් එකක් හදපන්කෝ නිකන් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒවා දැං මතක නෑ බං බේලිං අයියේ... :D

      යකෝ ගූගල් එකේ ඇඩ්මින් මම නෙවෙයි.. අර ඊයේ හදලා තිබුනේ ඇඩ්මින්ලා ගෘප් වගයක්... :D

      Delete
  16. සෑහෙන දිග ගමනක්නේ...බලමු බලමු අනිත් කොටසත්..

    ReplyDelete
    Replies
    1. දැං නම ගමනේ අවසානයට ඇවිත් වගේ... :D

      Delete
  17. සෝරෝගේ ඉතිහාස කතාව....එල එල දිගටම යමු

    ReplyDelete
    Replies
    1. ඉතිහාසෙන් දැං වර්තමානෙට ඇවිත් තියෙන්නේ... :D

      Delete
  18. අර පොඩි පිංතූර කෑල්ල පේ‍න්නෙ නෑනෙ... සෝරෝ අයියෙ...

    ReplyDelete
    Replies
    1. මොන පොඩ කෑල්ල ද බං..?

      Delete
  19. අති සාර්ථක ගමනක් වගේ..

    ReplyDelete
  20. දුර ගමනක්නේ ඇවිත් තියෙන්නේ! සඳරුවා කිව්වා වගේ බ්ලොගර් ඇඩ්මින් වෙලා ගූගල් ලොක්කටත් අන්තිමේට රස්සාව නැතිකරයි ද දන්නෑ යන විදියට, ඒත් කමක් නෑ අපේ එකෙක්නේ! ඵල ඵල!

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු දුර ඉඳලා තමා ආවේ... බලමු මේ පෝස්ට් එක කියවලා වත් ගූගලා ඇඩ්මින කමක් දෙයිද කියලා... :D

      Delete
  21. කෝ යකෝ 3 ?? නැති වෙලාද ?

    ReplyDelete
    Replies
    1. හිටපං අද දාන්නම්... :D

      Delete
  22. මාත් කාලයක් කසුකුසුවේ චැට් කලා. ඒ දවස්වල ඒක මාර ජනප්‍රියයි නෙව.

    ReplyDelete
  23. හුටස් මම 3 කියවල මේක බලල තියෙන්නේ ඒක තමා නිකං මඤ්ඤං වුනේ..

    ReplyDelete
  24. 2010.03.16 mathakada KK trip eka

    ReplyDelete