Wednesday, December 28, 2011

එයාර්පෝට් ගර්ල්..

හුගිය දවසක එයාර්පෝට් යන්න සිද්ධවුනා එන ගෙස්ට් කෙනෙක් ගන්න.. ප්ලේන් එක එයාර්පෝර්ට් එකට ගොඩබාන්න නියමිත වෙලාව තිබුනේ උදේ පාන්දර 1.40ට නිසා අපි කොට්ටාවෙන් පාන්දර 12.20ට විතර ගමන පිටත් වුනා.. අපි කිවුවට ගියේ මමයි, වෑන් එකේ ඩ්‍රයිවර් අයියයි..
http://www.istockphoto.com/stock-illustration-9381242-girl-at-airport.php

ඒ ගිය ගමන අපිට එයාර්පෝර්ට් එකට යන්න පුළුවන් වුනා පාන්දර 1.30 විතර.. වෙලාව ළඟ නිසා හනිකට බැහැලා ඇතුලට යන්න ටිකට් එකක්  එහෙම අරගෙන බැලුවා ප්ලේන් බාන්න නියමිත වෙලාවල් දාලා තියෙන බෝර්ඩ් එක දිහා.. හුටා.. ඒක බැලුවම තමා මගේ වම් කකුලේ මාපට ඇඟිල්ල රිදෙන්න ගත්තේ.. උදේ 1.40ට බාන්න තිබුන එක බාන්න නියමිත වෙලාව විදියට දාලා තිබුනේ උදේ 3.15ට.. අම්මා ගහයි ටීන් එකෙන් දැං ඉතිං පැය එකහමාරක් විතර බලං ඉඳපල්ලකෝ..

කොහොම හරි වෙන කරන්න දෙයක් නැති නිසා අර නම් ලියන බෝර්ඩ් එකකුත් අරගෙන ඇතුලට ගියා.. පුටුවක් හොයාගෙන ඉඳගන්න හිතං ගියත් එක තැනක් වත් තිබුනේ නෑ මට පොඩ්ඩක් මගේ පස්ස තියලා බලන්න.. මොනව කරන්න ද ඉතිං වෙන කරන්න දෙයක් නැති නිසා හිටගෙන හිටියා වට පිට බල බලං..

ඔන්න ඔහොම ටික වෙලාවක් කැරකි කැරකි ඉන්නකොට ආවා ටිකක් ඇහැට කනට පේන (හරි හරි ඉතිං කං වලින් පේන්නෑ තමයි.. ඒත් ඉතිං කියන කොට එහෙම කියනව නේ.. :D)  ගෑනු දැරිවියක්.. ඒ.සී එකේ වේලි වේලි ඉන්න වෙලේ මම ඉතිං පොඩ්ඩක් ඇහැ දාලා බැලුවා ඒ පැත්තට පොඩ්ඩක් කූල් වෙන්න පුළුවන් ද කියලා.. ඔහොම ටික වෙලාවක් යද්දී වැඩේ පත්තු වුනා.. අර දැරිවි හැරිලා බැලුවා නේ මගේ දිහෑ.. හපොයි ඉතිං ඊට පස්සේ වුන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. මගේ කට ගියා කන් දෙක ගාවටම.. :D

ඒ ළමයත් පොඩි හිනා පාරක් දැම්මා.. දැං ඉතිං මට බුදු ෆිට් එක.. පැය ඉතුරු පැය කම්මැළිකමක් නැතුව ඉන්න පුළුවන් නිසා.. හැබැයි ඒ බලාපොරෙත්තුව තිබුනේ එක තත්පරයක් විතරයි.. අර ළමයා ඒ ක්ෂණිකවම බැලුවේ නැද්ද මාරාවේෂ වෙච්ච බැල්මක්.. බුදු අම්මෝ ඒ බැල්මට මම කූල් නෙවෙයි අයිස්ම වෙලා ගියා..

මුලින් ෆිට් එකක් දීලා පස්සේ එහෙම බැලුවේ මොක ද කියලා කම්පනා කරද්දී මගේ මොලේට ආවා පෙර කරපු වැරැද්දක් අදත් කරල ද කියලා.. එකපාරට ඒක ගැන බලන්නත් බැරි නිසා මම හෙමීට ලිස්සලා ගියා අයිනකට.. ගිහිං නෝමල් එකේ බැලුවා අර වැරැද්ද කරල ද කියලා.. ඒ ළමයගේ වාසනාවට ආයෙමත් මම ඒ වැරැද්ද කරලා තිබුනේ නැති නිසා හෙමීට බැලුවා ඒ ගෑල්ලමයා හිටි පැත්ත.. මෙන්න බොලේ ආයෙමත් මාර බැල්මක දැම්මා.. හැබැයි මගේ පැත්ත හැරිලා නෙවෙයි මම කලිං හිටි පැත්ත බලාගෙන.. සයිඩ් එකෙන් හිටිය නිසා මම පොඩ්ඩක් පස්ස බැලුවා ඒ කෙලින්..

මලා අලි කේෂ් එකක් නේ වෙලා තියෙන්නේ.. මම හිටි තැනට පස්සෙන් කොල්ලෝ දෙන්නෙක් ඉඳගෙන ඒකිට විහිළු කරනවා.. ඒ සීන් වලට තමා අස්පැට් වෙලා තියෙන්නේ.. සික් අපරාදේ අහක යන කුණුගොඩක් දාගෙන අතට ආපු චෑන්ස් එක මිස් කරග්ත්තනේ මම.. නැත්තං කම්මැළිකමක් නැතුව ඒ පැත්ත බල බල ඉන්න තිබුනා ආතල් එකේ ප්ලේන් එක එනකන්..

දැං ඉතිං මොනවා කරන්නද.. ගිය හකුරට නාඩන්නේ අලුත් හකුරක් හොයපන් නේ කියලා ආයේ බඹරෙ වගේ කැරකෙන්න ගත්තා.. ඒත් ඉතිං හරියන එකක් මීටර් වුනේ නැති නිසා ආයෙත් අර ළමයා හිටි පැත්තට හැරුනා, දැං තත්ත්වේ මොන වගේද කියලා බලන්න .. අර කොල්ලෝ දෙන්නා නැති නිසා මම හිතුවා දැං ඉතිං සැනසිල්ලේ මගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා..

හුටා කෙළීය නේද තාප්පෙට.. බඩු මිසිංග් වෙලා... :D

ඔහොම ටික වෙලාවක් ඉඳිද්දී මගේ ගෙස්ට් ආව නිසා මමත් හැරිලා ආවා.. :D

19 comments:

  1. පාඩුවේ බ්ලොග් එක ලියන් ඉන්නේ නැතුව මේ සෝරෝත් දාගන්න ලෙඩ..

    ReplyDelete
  2. ආ මේ එදා නහයෙන් අඩ අඩ ස්ටේටස් දාපු සින්කොන් එක නේ

    ReplyDelete
  3. ඇයි බන් මලේ එතන තිබුනු පුටු දෙතුන් සීයට මක් කරලාද දැන් ? උඹ ගෑල්ලමයින්ට බැල්මට් දැම්ම මිස පුටු හොයන්න නැතුව ඇති..

    ReplyDelete
  4. චැං මම හිතුවෙ ඒ ලමය මෙයා එක්ක කතා කරල ළඟට ඇවිත් අතිනුත් අල්ලල බෑග් එක ඇරල කට උල් කරල...
    "අපි බිස්කුට් දිකක් කමුදි මියා.... උයා කවුරු ඉනකල්දි ඉන්නි ??"
    කියල අහයි කියල...
    කේව කේව.. සුපියල් පා කේව....

    ReplyDelete
  5. අප්පා එදා අඩ අඩ හිටියේ මේකටද..?

    මේ පාර බ්ලොග් එකේ ඇඳුමනං ගති...

    ReplyDelete
  6. අයියෝ මං ඉතුවේ කඩු පයිට් ඔක්කොම ඇති කියලා.....
    කේවා අපේ රුපියක් පා! :D

    ReplyDelete
  7. හැමදාම අනුන්ගේ මලු ඔබන්න ගිහින් මූ නූලෙන් බේරෙන්නේ....

    මොකෙක්ගෙන් හරි කාපු දවසට මුගේ දෙමවුපියන්ට මොනා කියන්නද කියලා හිතා ගන්න බැරුව මම ඉන්නේ....

    ReplyDelete
  8. මාත් දැක්කා දවසක් අඩලා ස්ටේටස් එකක් දාලා.

    කෝ දැන් අස්සයයි,සෝරොයි දෙන්නාම නැති වෙලාද???

    ReplyDelete
  9. හිකි හිකි හිකි උදේ පාන්දර මෙයාගේ ස්ටේටස් දැකලා හිනා ගියා.. මේකයි එහෙනම් කතාව....

    ReplyDelete
  10. අඩේ ඒ උස්සන් හිටපු බෝඩ් එක නේද අපි අද දැක්කේ...

    ReplyDelete
  11. උඹ නොදැක්කට ඒ කෙල්ල වපරයි බං

    ReplyDelete
  12. එලනේ... කරන් යන්න නවත්තන්න එපා...!!

    ReplyDelete
  13. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  14. අයියෝ සල්ලි !!!!
    මට හිතෙන්නේ සෝරෝ අයියත් මම ඉන්න බෝට්ටුවේම ඉන්න එකෙක් වෙන්ටෑ.

    ReplyDelete
  15. සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!

    ReplyDelete
  16. එයා පෝට් එක කියන්නේ මං ආසම නැති තැනක් බං!!!

    ReplyDelete
  17. හික් හික්!!! පවු ව්ඇඩේ සෝරෝ!!!

    ReplyDelete
  18. අෆොයි සෝරෝ කියන්නේ චන්ඩියෙක් නේද බොල.. :)

    ReplyDelete
  19. සික් මෙච්චරකල් අහල විතරයි තිබුනෙ . . . අද උඹ කියලම ඔප්පු කලා උඹ පැනිය කියල

    ReplyDelete