Wednesday, July 27, 2011

අන් සතු හදකට..

දිසි වැඩකට පින්තූර ටිකක් ඕන වෙලා ගූගල් කරාම ආව සයිට් වලට එකින් එකට ගිහින් බලද්දී අහම්බෙන් යැවුනා වෙන සයිට් එකකට.. සයිට් එක ඕපන් වුන ගමන් මහ හයියෙන් සිංදුවක් ඇහෙන්න ගත්ත නිසා සයිට් එකට දෙහි බාගයක් කපන ගමන් අර සද්දේ ඇහෙන තැන එහෙම නැත්තං ප්ලේයර් එක හොයන්න ගත්තා ඒක මියුට් කරලා දාන්න.. අස්සක් මුල්ලක් නෑර ප්ලේයර් එක හොයනකොටම අර කන් කරච්චල් සිංදුව ඉවර වෙලා ලස්සන සිංදුවක් ප්ලේ වෙන්න ගත්තා..

                                                                     http://batmantakpower.blogspot.com/2010/11/i-miss-you.html



හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා...

සින්දුවේ මේ පේලි දෙක ඇහෙනකොටම ප්ලේයර් එක හොයන වැඩේ පැත්තකට දාලා සිංදුව අහන්න ගත්තා ඉබේම.. ඒ විතරක් නෙවෙයි කර කර හිටිය අනිත් වැඩත් ඔක්කොම අමතක වෙලා ගියා.. විශාරද මාළනි බුලත්සිංහල මහත්මිය ගායනා කරන ලස්සන සිංදුවක් මේක.. මේ වගේ හිතට වදින සිංදුවක් ඉතිං අහන්න වෙන්නෙත් අහම්බෙන් නේ.. හැබැයි ඉතිං දැං නම් මේ වගේ සිංදු නිතරම වගේ අහනවා මොකද අපි අහන්නෙ බස් රේඩියෝව නේ..

ආදරේ කරද්දී අපි කාගෙත් හිත් බොළඳ වෙනවා නේ.. ඒ ආදරේ හැටි වෙන්නෑති.. ඇරත් ඉතිං හිමි නැති ආදරේකට අඬන්න තරම් බොළඳයි කියන්නේ.. ඒ හිත කොච්චර නම් බොළඳ වෙන්න ඕන ද.. ඒ ආදරේ මගේම කරගන්න මම තොච්චර නම් උත්සාහ කලා ද.. ඒත් මම පරාද වුනා.. මගේ අසරණ බොළඳ හිත පරාද වුනා.. පළමු පෙම කියන්නේ අපි කාටවත් ලේසියෙන් අමතක කරන්න බැරි දෙයක්.. ඒත් ඉතිං මේක මගේ පළවෙනි ආදරේ නම් නෙවෙයි.. හැබැයි පළවෙනි ආදරේ තරමටම මේක මගේ හදවතට වැදුනා.. තාමත් මම ඒ ආදරේට ආදරෙයි..

අන් සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා...

අපි ආදරය කරන හැම කෙනෙක්ම අපිට අයිති වෙන්නෙ නෑ වගේම වෙන කෙනෙක් ගේ අදරයකට වුනත් අපිට ආදරයක් ඇති වෙන්න පුළුවන්.. ආදරේ අන්ධයි කියල තියෙන්නේ ඒක නිසා වෙන්නැති.. දැං මගේ ආදරේ, මගෙන් ඈත් වෙලා වෙන කෙනෙකුට අයිති වෙලා තිබුන වුනත් ඒ ආදරේටම ආදරේ කරන්නේ අපි දෙන්නම දන්න මගේ අනිත් යාළුවෝ ඔක්කොම කන පැලෙන්න බණිද්දී.. උන් බැන්නා කියල මම කොහොමද මගේ හිත රවට්ටගන්නේ.. එහෙම කරන්න බැරි නිසාම තමා මම ඒ ආදරේට තාමත් ආදරේ කරන්නේ..

කියා ගන්න මට දහසක්‌ දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී...
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක්‌ අප වෙත යොමු වී...

ආයෙමත් කවද හරි දවසක දකින්න තියෙනව නම්..  කතා කරන්නන්න කොච්චර දේවල් තිබුනත් ඒ හැම දේ ම පැත්තට දාලා ඔය මූන දිහා එක විනාඩියක් හරි බලං ඉන්න තිබුනා.. උකුසු ඇස් නෙවෙයි රාජාලි ඇස් තිබුනත් කමක් නෑ කියලා එන්න තිබුනා බලන්න.. ඒත්...................

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැති ද මැවී...
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිඳ හිනහෙනු මැනවී...

පියාඹන්න පුළුන් කිරිල්ලියොන්ට විතරක් නෙවෙයි.. කුරුල්ලොන්ටත් පුළුවන්.. ඒත් ඉතිං කුරුල්ලෙකුට වුනත් එහෙම පියාඹලා එන්න පුළුවන් දුරක් තියෙනව.. ඊට වඩා දුර පියාඹන්න බැරි නිසා ඈත ඉඳන් බලං ඉඳලා හිත රවට්ට ගන්න තිබුනා ඒ පේන දුරින් හරි හිටිය නම්..


අනේ මන්දා මටත් පිස්සු.. ඔන්න ඕව තමා ඔය සිංදුව යන අතරේ මට කල්පනාවට ආව දේවල්.. පිස්සු කියලා මටම හිතුනත් නිරයාසෙන්ම එහෙම හිතෙනවා මේ වගේ සිංදු අහන කොට.. මගේ ආදරේ මට ආදරේ නැති වුනාට තාමත් මාත් එක්ක කතා කරනව කියල දන්නව නේ..

ඒ පාර අද කියනවා කකුල ඉදිමිලා රිදෙනවා කියලා.. ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න කිවුට අහන්නෙත් නෑ.. වද කරල කරල කිවුවම ඔන්න හවස වැඩ ඇරිලා ගෙදර ගිහිං අම්ම එක්ක යනවා කිවුවා.. හෙ​ට තමා විස්තරේ දැනගන්න වෙන්නේ.. 

මගේ පෞද්ගලික දෙයක් නිසා මේ පෝස්ට් එක කියවන අයට නම් මෙලෝ රහක් නම් නැතුව ඇති.. ඒත් ඉතිං මගේ හිත නිදහස් කරගන්න තමා මේක ලිවුවේ..

41 comments:

  1. උකුසු ඇස් නෙවෙයි රාජාලි ඇස් තිබුනත් කමක් නෑ කියලා එන්න තිබුනා බලන්න..

    මාරයි බං.

    ReplyDelete
  2. නියමයි ...........

    ReplyDelete
  3. අලුත් ඇඳුමක්... නියමයි :)

    පොස්ට් එකත් එල, සමහර සින්දු අහද්දී ගොඩාක් දේවල් හිතෙනවා තමා :D

    ReplyDelete
  4. මේ සින්දුව ලංකාවෙ එදා මෙදා තුර බිහිවුණ මේ වර්ගයේ සින්දු අතර හොඳම එකක් නේද? ඕන වෙලාවක මේකට සමවැදෙන්න පුළුවන්!

    ReplyDelete
  5. හ්ම්ම්ම් . . . අපූරුයි . දුකයි . ජය . . .

    ReplyDelete
  6. ඊයෙ වැරදිලාවත් මඤ්ඤං කෝපි බිව්වෙ නෑ නේද ? හැබැයි ඉතින් කොල්ලට හිතුන විදියත් නරකම නෑ වගේ

    ReplyDelete
  7. සෝරෝ මට ඊමේල් එකක් එවපන්. පොඩි හෙල්ප් එකක්.ප්ලීස්

    ReplyDelete
  8. ඔතෙන්ට පත්වෙලා උන්නු කෙනෙකුට නම් මෙලෝ රහක් නැතිවෙන එකක් නෑ...
    මක් කරන්නද දැන්... නාඩ ඉඳින්...

    ReplyDelete
  9. හිත නිදහස් කරගන්න හරි කමක් නෑ පෝස්ට් එකක් ලීව එක හොදයි.
    මාත් ආසයි ඔය සිංදුවට. ලස්සන පදමාලාවක් !!!

    ReplyDelete
  10. @සුපර් - අනිවා මචෝ පුලුවං කමක් තියෙනව නම් යනවා ෂුවර්..!!

    @The Lion - තැංකිවු මචං..!!

    @හසී - අලුත් ඇඳුමේ වැඩ නම් ඉවර නෑ.. ඔවු සමහර සිංදු අපිව නන්නත්තාර කරනවා..!!

    @hare :-) - ආයේ මොනව කියනව ද බං.. සම වැදෙන්න පුළුවන් කියන්නේ සමම වැදෙන්න පුළුවන්..!!

    @සුශාන් ප්‍රියනාත් රත්නායක - ස්තූතියි..!!

    @දිල් - මඤ්ඤං කෝපි තියා මඤ්ඤං කහට උගුරක් වත් බිවුවෙ නෑ බං.. හේ හේ හේ.. මේල් එකක් එවුවා..!!

    @තිස්ස දොඩන්ගොඩ - මොනව කියනවද තිස්සයියේ.. මෙලෝම රහක් නෑ..!!

    @මධුරංග - ලිවුවා කියල එහෙමටම නිදහස් වුනේ නෑ බං..!! :D

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්...

    මොනා කියන්නද ඉතින්... මලේ උඹට ඔය හිතිලා නිල්පාටින් ලියලා තියන දේම තමා මටත් කියන්න තියෙන්නේ....:(

    ReplyDelete
  12. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් ..නෝ කමෙන්ට්ස්

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් සින්දු වලින් හිතේ තියෙන හුගාක් දේවල් කියවෙනවා කියන්නේ ඇත්ත

    ReplyDelete
  14. හ්ම්...අනේ මන්ද...ඕව ඔහොම තමයි අයියා...අපි ආදරේ අය අපිට ආදරේ නෑ...අපිට ආදරේ අයට අපි අදරේ නෑ....ආදරේ කරන දෙන්නෙක්ට ඒ දෙන්න අයිතිත් නෑ

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම් මාත් කැමති සින්දුවක්. ඒත් හිමිනැති නම් දුක් විදෝගෙන හිත රිදෝගෙන නැවතිලා ඉන්න එපා.

    ReplyDelete
  16. හම්....ආදරේ කියන්නෙත් හරිම අමුතු දෙයක් තමය්....

    ReplyDelete
  17. බොට හීනේ ඇහෙනකොට තමා කන්දෙකේ ඇගිලි ගහගන්න හිතෙන්නේ.... හි හි :P

    ReplyDelete
  18. විචාරය අතිවිශිෂ්ටය........

    ReplyDelete
  19. සොරි මම මේක. සම්පූර්ණයෙන්න්.. කියෙව්වෙ නෑ..මොකද මට විරහ වේදනාව තියෙන දේවල් කියෙව්වහම දැනෙන අප්සට් එක පැය ගැනක් යනකල් තියෙන නිසා...

    ReplyDelete
  20. @චමිදේවා - අපි එකම රෑනෙ කුරුල්ලෝ ද.. :D

    @ChammA - ස්තූතියි ආවට..!!

    @ශානු - ඔවු ඒක ඇත්ත..!!

    @සිතුවිලි නිහඬයි - සහතික ඇත්ත කතාව..!!

    @පිණිබිඳු... - ඉන්නේ නෑ ඉන්දවෙනවා.. :D

    @තටු සිඳුනු සමනළියක්.... - ම්ම්ම්ම් ඔව්..!!

    @කිඩෝ - හීනේ මොකක්ද බං ඇහෙන්නේ පේනවා මිසක්.. :D

    @මි හරක් පිඩියා - ඇහ්... හේක විචාරයක් ද.. :D

    @indi - හික් හික් හික්.. :D

    ReplyDelete
  21. හරියට, මගේ කතාව වගේම, කතාවක්.. සෝරෝට...තියෙන්නෙත් මයෙ හිතේ.
    ඔය දුක, හොදටම අදුනන...දැනෙන...තාමත් විදවන කෙනෙක් ...මමත්.

    ඒ හන්දා උඹට උපදෙසක් දෙන්න මම දන්නෑ..මචං.

    ReplyDelete
  22. වරම් නොවේ මට ඔබ හමුවන්නට
    ඈතින් හිඳ හිනහෙනු මැනවී...

    අන්න පද පේලිය.. අයිති කර ගන්න බැරි වස්තුව සතුටින් ඉන්නවා බලලා ගොඩක් කෙල්ලෝ සිතින් සතුටු වෙනවා.. මේක බහුතරයකට පොදු දෙයක් මටත් ... මේ දවස් වල මගෙත් ජාතික ගීය මේ සින්දුව :)

    ReplyDelete
  23. මේ පැත්තේ ඇවිත් දාන මුල්ම කමෙන්ට් එක.. ඒක මෙහෙම පටන් ගන්නම්..

    ආදරේ කියන්නේ අයිති කර ගැනීමම නෙමේ..මොකද අයිති කර ගත්තු පලියට ආදරේ හිමි වෙන් නෑ..අන් සතු වුනු තම්න්ගේ ආදරේ වුනත් අමතක කරන එක තමයි හොද..මොකද ඔය කතාව අස්සේ ජීවිත තුනක් ඇපේට තියන නිසා..

    ReplyDelete
  24. යකෝ මූ මේ අල්ලපු පුටුවේ ඉන්න මටවත් කියන්නේ නෑනේ මේ විස්තරයක්....

    ReplyDelete
  25. හරි හරි දැන් නාඩා ඉඳින්. කෙලීට සනීප වෙයි. ඒකි උඹට ආයෙ යාළු කරගන්න බැයිද බං?

    ReplyDelete
  26. ආදරේ කියන මාතෘකාව ගැන උඹලා තරම්ම මම දන්නේ නෑ නේ .. පෝස්ට් එක රහයිද නැද්ද කියලා හිතන්න එපා .. හිතට එන දේ ලියපන් .මේක බැලුවාම බොක්ක කූල් වෙලා ගියා සත්තයි බං .. හිමි නැති අයට මමත් කොයිතරම් පෙම් කරලා තියනවාද !

    ReplyDelete
  27. ආදරේ කියන්නේ දෙන්න පුළුවන් දෙයක් මිසක් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.. මොන දේ උනත් ආදරේ කරන කෙනා සතුටින් ඉන්නවා නම් ඊටත් වඩා වෙන දෙයක් තියෙනවද?

    ReplyDelete
  28. හිත නිදහස් කරගන්න ලිව්වටා අදහස් හරි ලස්සනයි...

    ඇත්ත.. සින්දුවකට පුලුවන් අපිව සෑහෙන දුර ඈතකට අරන් යන්න.. අන්තිමට සින්දුව ඉවර වෙනකොට ඇස් වල කඳුළු...

    ReplyDelete
  29. හ්ම්ම්... මගේ කථාවත් ඔය වගේම තමයි ඉතින්,,,
    හිමි නැති පෙමකට ඉකි බිඳ හැඳුමට හිත මගෙ බොලඳ වෙලා,

    ReplyDelete
  30. පරෙස්සමෙන් කොල්ලෝ...සිරාවටම ලස්සනයි..

    ReplyDelete
  31. හිමි නැති පෙමක්.... ඉතිං බං මාත් මේ තරම් කල් පෙම් කරපු එකක්වත් මට හිමි වෙලා නෑනේ. ඒ නිසා දැන් ඒක ඒ හැටි ගානක් නෑ.....හැබැයි මම අන් සතු හදකටනම් පෙම් කරලා නෑ

    ReplyDelete
  32. @- නිල් අහස - අල්ලලා දාපං මචං.. :)

    @සුදු හංසි - මගේ ජාතික ගීය කොහොමද බං උඹේ වුනේ.. :D

    @අසනි - මුලින්ම ස්තූතියි මේ පැත්තේ ආවට..
    ඔවු ඔයා කියන එක හරි.. අන්න ඒ හේතුව නිසා තමයි මම මගේ හිත රවට්ට ගන්නේ.. :D

    @අභීත - හික් හික් හික්.. :D

    @prasanna86k - සනීප නම් වෙයි බං.. යාළු තමා කරගන්න බැරි.. :D

    @හිස් අහස - උඹට තරම් ලස්සනට ලියන්න බෑ බං මට.. ප්ලේන්ටියක් ගහපං එහෙනම් බොක්ක රත් වෙන්න.. :D

    @Phoenix (ගිනි කුරුල්ලා) - ඕක තමා හැම කෙනෙක්ම කියන්නේ.. ඕක හිතල තමා මාත් හිත හදාගෙන ඉන්නේ.. :D

    @තාරා - ස්තූතියි.. ඔවු ඒ වගේ සිංදුත් තියෙනවා..!!

    @ප්‍රාර්ථනා - ඒත් ඉතිං "අන්සතු හදකට පෙම් කර වරදට ලොව මට එරෙහි වෙලා" නෑ නේ ද.. :D

    @පබලු - අර මොකෝ පරිස්සම් වෙන්නේ.. :D

    @පූසා - හැමෝටම වගේ එහෙම තමා බං.. කරන පෙම් හැම එකක්ම හිමි වෙන්නේ නෑ..
    නැත්තං කරලා බලපං අන්සතු හදකටත්.. :D

    ReplyDelete
  33. මටත් මෙ වගේම අත්දැකීමක් තියනවා සෝරෝ.පොඩි වෙනසක් තියනවා හැබයි.ඔයාට එයාව අහිමි උනත් තමත් කථා කරනවා.එ කියන්නෙ ඔයාට තමත් අදරේ ඇති ඉස්සර වගේම.අමතක කරන්ඩ බැරි එකනේ.හැබැයි මගේ කථාවෙ එක්කෙනා ගොඩක් වෙනස් උනා.මට අහිමි වෙනකොට උන පොරොන්දු එකක්වත් එයට ඉෂ්ඨකරගන්ඩ බැරි උනා.ඔයා වසනාවන්තයි මට වඩා ගොඩක්.

    ReplyDelete
  34. බොහොම අගේ ඇති සින්දුවක් මලේ. අර කිව්වත් වගේ අන්සතු හදකත් තියනව නෙව අමුතුම රහක් !

    ReplyDelete
  35. ඔයාගේ දහස් ලිව්වේ කිව්වට මේක කියවද්දි මට හිතුනේ මගේ අදහස් කවුරැ හරි හොරකන් කර ගෙන ලියලා කියලා.

    ReplyDelete
  36. දුකයි බන් . . සිරාවටම . . . ඔන්න ඔය වගේ දේවල් හින්දා තමයි කොල්ලෝ මම විස්වාස කරන්නේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි කියලා . . .

    ReplyDelete
  37. ආදරේ කොහොමත් බොලදයි තමයි.... ඒක ඒවිදියට වෙන්න දෙන්න ඕනෙ ...

    ReplyDelete
  38. කොච්චර වුනත් වෙබ් අඩවියක් බලන්න ගියාම සින්දු ඇහෙන එකනම් කරදරයක්.

    ReplyDelete
  39. ඔන්න මම මගේ ඒකෙන් නම් සින්දුව අයින් කළා...
    ඕවා ගණන් ගන්න එපා සොරෝ අයියා.. ආදරේ කියන්නේ අයිති කර ගැනීම මා නෙවෙයි නේ..දුරින් ඉඳං හැමදාමත් ඒ විදියට මා ආදරේ කරන්න..ඒක අයිති කර ගන්නවට වඩා වටිනවා..

    ReplyDelete
  40. කවුරු හරි විරහව ගැන කියනකොට ඒක මට වුනා වගේ දුකයි.ඒත් ඉතින් හිමි වෙලා අහිමි වුන වස්තුව දිහා බලලා දුක් නොවී ඉන්නෙ කොහොමද නේද?

    ReplyDelete
  41. සිරා සිංදුවක්නේ බොල !

    ReplyDelete