Tuesday, June 21, 2011

නිදාගන්න හදනකොටම ආදරේ දැනිලා..

දරය කියන දේ අපේ ජීවිතේට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් නේ.. ඒක මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි සියළුම සත්ත්වයන්ට පොදු දෙයක්.. අපේ ජීවිත වල එක්තරා කාල වලදී අපි එක එක ආකාරයේ ආදරයන් විඳිනවා..
http://www.elizabel.com/wp-content/uploads/2007/08/nelson-pic2.jpg

අපි ඉපදුන දවසේ ඉඳලා අපිට ලැබෙන ආදරයක් තමා දෙමවුපියන්ගේ ආදරේ.. ඒ ආදරේ තමා අපිට මුලින්ම ලැබෙන්නේ.. ඊට පස්සේ එක එක නෑදෑයන්ගෙනුත් අපිට ආදරේ ලැබෙනවා එක එක මට්ටමි වලින් අඩු වැඩි වශයෙන්..

http://gothamist.com/attachments/arts_jen/friends0807.jpg

ටිකෙන් ටික උස් මහත් වෙනකොට ඔන්න අපි පෙර පාසල් යන්න පටං ගන්නවා.. එතනදී තමා අපිට මුලින්ම පිටස්තර කෙනෙකුගේ ආදරයක් ලැබෙන්නේ.. පෙර පාසලේ ගුරුවරුන්, යාළුවන් තමයි ඒකට මුල් වෙන්නේ.. ඊ​ට පස්සේ පාසල් යන්න පටං ගත්තම අපි තවත් භාහිර සමාජයට නිරාවරණය වීම නිසා අපේ ජීවිත වලට තවත් පිරිසක් ළං වෙනවා..

ඔය විදියට එක එක කාලයන් වලදී අපේ ජීවිත වලට එක එක අය ළං වෙනවා.. ඒ සමහර ආදරයන් අපේ ජීවිත වලට ගොඩාක් සමීප වෙනවා.. ඒ අතරින් ප්‍රධානම එක තමා දෙමවුපියන්ගෙන් ලැබෙන ආදරේ.. ඊට පස්සේ විවිධ යාළුමිත්‍රයින් ගෙන් ලැබෙන ආදරේ..

http://valentinewallpapers.org/wallpaper/Key-Of-Love/

ඔහොම යනකොට එක කාලයක් එනවා අපේ ජීවිතයට එක්තරා සුවිශේෂ ආදරෙයක් ලැබෙන.. ඕනම කෙනෙක් යොවුන් වයසට එද්දී මේ වගේ ආදරයන් තමන්ගේ ජීවිතේට දැනෙන්න පටං ගන්නවා.. ගැහැණු-පිරිමි මේ හැම කෙනෙකුටම මේක පොදුයි.. ඒ අතරිනුත් සමහර ආදරයන් තියෙනවා ජීවිතේට ගොඩාක්ම සමීප වෙන ඒවා.. සමහර විට ඒවා වර්ථමානය වන විට අහිමි වෙලා තියෙන්නත් පුළුවන්.. ඒත් අපේ හදවත් වල ඒවා සදාකාළිකව රැඳෙනවා..

මේ හදිස්සියේ මෙහෙමෙ පෝස්ට් එකක් ලියන්න හිතුනේ මගේ ජීවිතේට සමීප එක්තරා ආදරයක් නිසා.. හැබැයි දැං ඒක මගේ හිතේ තියෙන එකක් විතරයි.. සමහර විට ඉස්සරත් එහෙම වෙන්න ඇති.. මම එහෙම කියන්න හේතුව තමා අපි දෙන්නා යාළු වෙලා හිටියේ නැති නිසා.. ඒකට හේතු තිබුනා.. ඒව දැං ආයෙත් ඇදල ගන්න ඕන නැති නිසා ඒ ටික අමතක කරමු.. ඒ වුනත් අපි දෙන්නා තාමත් කථාබහ කරනවා..

මේ දවස් දෙකතුනේම අපි යාළුවෝ කීපදෙනෙක් එකතු වෙලා ස්කයිප් එකෙන් කයියක් ගහ ගහ ඉන්නවා රෑ වෙනකනක්ම.. වෙනද වගේම අදත් අපි හතර පස් දෙනෙක් සෙට් වෙලා කයියක් ගහගෙන ඉඳලා කස්ටියටම නිදිමත හැදුන නිසා නිදා ගන්න සෙට් වුනා.. නිදාගන්න යන්න කලින් ජීමේල් එක ලොග් අවුට් වෙන්න හදනකොට මෙන්න ඔන්ලයින් ඉන්නවා අර මම කලින් කියපු මගේ හදවතට පුවිශේෂ වෙච්චි කෙනා..

ඒක දැක්කම නිදිමතත් ගියා.. ඉන්නව දැක්කම ඉතිං කථා නොකරත් බෑනේ.. හැබැයි එයා දැක්කේ නෑ මම ඉන්නවා.. මොකද මම ඉන්විසිබල් හිටියේ ඒ වෙලාවේ.. පස්සේ මම ඔන්ලයින් ගහිං කථා කලා.. කාලෙකින් කටහඬ ඇහුවේ නැති නිසා වොයිස් චැට් පාරකුත් දැම්මා පොඩි වෙලාවක්.. දාලා ඉවර වෙලා එයා ගියා නිදාගන්න.. මම නැවතුනා මේ බ්ලොග් පෝස්ට් එක දාන්න..

එහෙනම් මමත් යනවා නිදා ගන්න..

36 comments:

  1. ඔහොම තමා මචං :P ඔබට අයිති එක්කෙනා දවසක උබ ගාවටම ඒවි :)

    ReplyDelete
  2. කණියා අයිය කියලා තියෙනවා වගේ වෙලාව ආවම අදාල කෙනා ළඟටම එයි සෝරෝ....අර මහ බබාද බඹාද කියලා එකෙක් නළලට කොටනවලුනේ....අන්න ඒ කෙනා සෙට් වෙයි දවසක....

    ReplyDelete
  3. පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්නට කෑමතිනම් මෙහාට එන්න http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  4. තමන් කැමති කෙනා කවදා හරි ලැබෙයි. එතනක් ඉවසන් ඉදිමු. මොකෝ මේ දවස්වල හෙලිකොප්ටර් පදින්නේ නැද්ද ?

    ReplyDelete
  5. හ්ම්ම්, සේම් හියර් :P

    ReplyDelete
  6. වෙඩිමක් වෙඩිමක්!
    සෝරෝ පුතේ උඹට එක අවවාදයක් දෙන්නම්. ඕවා ඕනෑවට වඩා කල් හිතේ තියන් ඉන්න එපා. එයා කැමති වුනා හෝ නැති වුනා වැඩි කල් නොයවා එයාට කියන්න. උඹ එයාට කැමතිනේ එහෙනම් එච්චරයි.
    උඹ පරක්කු වෙලා එයාව උඹට අයිති නැති වුනොත් එදාට උඹට ගොඩක් දුක හිතෙයි. එදාට විතරක් නෙමෙයි මතක්වෙන වාරයක් පාසා උඹට දුක හිතෙයි!

    ReplyDelete
  7. ජීවිතේ ඔහොම තමයි. අපි හිතන පතන හැම දේම අපට ලැබෙන්නේ නෑ. කාලයට ඉඩ දීලා බලගෙන ඉමු. උඹ කැමති කෙනා උඹට ලැබෙයි. එතකල් ඉවසන් ඉන්න තම්යි තියෙන්නේ....

    ReplyDelete
  8. අනේ මන්දා සෝ.. අපි හිතන අපි කැමති දේම වෙනවානම් කොච්චර හොදද... :/ නිදිමතේ කෑගහපු හැටියට මම හිතුවේ ඒ වෙලේම නිදියන්න ඇති කියලා :P

    ReplyDelete
  9. ජීවිතේ කවියක්, ආදරේ එහි සොඳුරුතම වදනක්...

    ReplyDelete
  10. @ලේනා - හා හා ඔවු ඔවු.. මම මේ කට ඇරං බලං ඉන්නේ එනකන් තමා... :D


    @මකුළුවා..... - ඔය බබා තමා බං මේ සේරටම මුල... :D


    @ගිනි අව් සහ ගිනි කෙලි - අඩේ මචං මම ආසම නැති දෙයක්.. කැමති වුන කාලෙක එන්නම්... :D


    @මධුරංග - මම කැමති කෙනා නම් මාව හොයාගෙන එන්නෑ බං..
    මූල්‍යමය ප්‍රශ්න නිසා හෙළිකොප්ටර් පැදිල්ල තාවකාලිකව නවත්තලා තියෙන්නේ... :D


    @DarKneT | ඉෂාර - හික් හික්... :D


    @පූසා - මම නොඅහා ඉඳලා නෙවෙයි මචෝ.. මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.. ඒ ප්‍රශ්නේ නොතිබෙන්න දැං අපි දෙන්නා එක්කෙනෙක් මම හිතන්නේ... :D


    @නචියා - යාර්ස් යාර්ස්.. මම මේ කරන්නේ කාලයට ඉඩ දීලා බලං ඉන්න එක තමා.. ඒත් මම කැමති නෙකා නම් එන්නෑ... :D


    @හසී - ඒකනොවෑ කියන්නේ.. කොහේ නිදාගන්නද.. පට්ට නිදිමතේ තමා හිටියේ.. මෙයා දැක්ක ගමන් ඒව කොහේ ගියාද නෑ... :D


    @StArry aNgeL - යාර්ස් යාර්ස්.. ඒක නම් ඇත්ත... :D

    ReplyDelete
  11. නිදි පෙත්තකුත් ගහලම නිදා ගත්තනං.....

    ReplyDelete
  12. සනීපෙට නින්ද යයි එහෙනං, කොට්ට මුළු එහෙම හපනව නෙමෙයි ඕං....

    ReplyDelete
  13. සහෝදරයා ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවයි....! ඉක්මනටම වැඩේ ගොඩදාගන්න ලැබේවා මෙන්න මගෙන් උණුසුම් සුභපැතුම්...!!!!!!

    ReplyDelete
  14. කවුද බන් එයා :-D

    ReplyDelete
  15. හා හා..ඔහොම හිතින් ආදරේ කර කර ඉදලාම හරි යන්නේ නැ යාලු..වහා පවසන්න ඒ ( අ ) වාසනාවන්තිට :DDDD

    ReplyDelete
  16. මිනිස්සුන්ට තමන් හුගාක් ආදරේ කරන කෙනාව හරි තමන්ට හුගාක් ආදරේ කරන කෙනාව හරී හුගාක් මතක් වෙන්නේ නිදාගන්න යනකොටලු
    :)

    ReplyDelete
  17. ආදරේ ඔහොම තමා

    ReplyDelete
  18. ඔවා ඔහොම තමයි අයියා....

    ReplyDelete
  19. මේ පෝස්ට් එක එයාට මේල් කරා නම්....

    ReplyDelete
  20. සෝරේ අයියේ කෙල්ලෝ කියන්නේ නිකම් හරියට පැනි වරකා ගෙඩි වගේ ජාතියක් බොහොම ඉක්මනට කෝඳුරුවෝ වහන්න ගන්නවා . ඉතින් උඹ ඔය ආදරේ හිතේ තියාගෙන තටම තටම හිටියොත් . වෙනත් කෝඳුරුවෙක් ඇවිල්ලා උඹගේ කෙල්ලව ඩැහැගෙන යාවි .. ප්‍රරශ්න පැත්තක තියලා එයාට කියපන් මචං ..

    කවුද දන්නේ උඹට පට්ට සීරියස් ප්‍රශ්නයක් තියනවාද කියලා කියාගන්න බැරි ජාතියේ එකක් ..

    කොහොම හරි උඹලට ජය වෙන්ඩය කියලා හිතෙන් ප්‍රාර්ථනා කරන්නම් ..

    ReplyDelete
  21. මේ ලෝකේ ගොඩක් අය නොදන්නවා උනාට ඔය වගේ ආදර කතා එමටයි ..මචං. මම එහෙම කියන්නේ අද මමත් ඉන්නේ උඹ ඉන්න තත්වෙම හින්දා.
    සමහර වෙලාවට මට තියෙන ප්‍රශ්නම හෝ ඊට ආසන්න හේතු ඇති උඹටත් ආදරෙයි කියලා කියා ගන්න..බැරි වෙන්න හේතු වුනු.
    මම කරන්නේ කාලයට ඉඩ දීලා බලන් ඉන්න එක.
    ඒත් ඒ විදිය උඹට කොයි තරම් දුරට ගැලපෙයිද මන්දා.

    ReplyDelete
  22. :) :) ආදරේ...අනේ මං නම් වැඩිය කියන්න දන්නැ‍තෝ...අර අනිත් අය කියනව වගේ මොකද ටිකක් හිතලා බැලුවා නම් අයියා?

    ReplyDelete
  23. හ්හ්හ්හ්හ්හ්හ්ම්ම්ම්...
    අනේ මන්දා. :/

    ReplyDelete
  24. @Observer - පිස්සු හැදෙයි.. නිදි පෙති අනවශ්‍යයි.. සැපට නින්ද ගියා... :D

    @nawammawatha - ආයේ මොනව කියනව ද බං අයියේ.. උදේ වෙලත් ඇහැරුනේ නෑ... :D

    @Soda ගුනේ - මේක කවදාවත් ගොඩ දාන්න වෙන්නේ නෑ බං.. මඩේම තියෙන කේස් එකක්.. ස්තූතියි සුභ පැතුමට... :D

    @ම - උඹ දන්නෑ බං... :D

    @පබලු - හපොයි නොපැවසුවේ නෑ.. වැඩක් වුනෙත් නෑ.. අර මම තියපු කේස් එක නිසා... :D

    @අහිංසකි - මොන බොරු ද.. චැට් එකේ දැක්ක නිසා මට මතක් වුනේ... :D

    @ayesha - ආදරේ කඳුලකි මට වේදනා... :D

    @සිතුවිලි නිහඬයි - සික්.. ඒක නේ... :D

    @පිණිබිඳු... - අමුතුවෙන් මේල් කරන්න දෙයක් නෑ සහෝදරී.. මම ලිංක් එකම දුන්නා බලන්න කියලා... :D

    @හිස් අහස - ආයේ අමුතුවෙන් වහන්න දෙයක් නෑ බං සඳරුවෝ.. අනිත් එක අර මම තියපු ප්‍රශ්නේ නිසා කවදාවත් අපිට එකතු වෙන්න බෑ... :D

    @- නිල් අහස - - ආදරෙයි කියලා කියාගන්න බැරි වුනේ නෑ බං.. කිවුවට වැඩක් වුනේ නෑ... :D

    @කඩේ හාමිනේ - කරන්න ඕන දේවල් ඔක්කොම කලා.. වැඩකු වුනේ නෑ... :D

    @Ansh Lucky Sri Jay - අනේ මමත් දන්නෑ... :D

    ReplyDelete
  25. කෝ දියන් චැට් අයිඩි එක මමවත් අහලා බලන්න :DDD

    ReplyDelete
  26. උඹේ චැට් අයි එක දාපං මුලින්ම.. මම උඹව ඇඩ් කරගන්න ඕන නේ... :D

    ReplyDelete
  27. වෙන අතක් බලා ගැනීම හොඳයි වගේ...

    ReplyDelete
  28. උඹ නිදාගන්න එක කියන්නද මේ මෙච්චර වැල් වටාරම් ලිව්වේ?

    ReplyDelete
  29. තමන්ගෙ ආදරේ ළගටම ආවනං ඒක ප්‍රකාශකරන්න තවත් කල් ගනු කුමට.. (එහෙම එකක්වත්ද)
    මේකෙ කියල තියෙන දේ නං හැබෑව.. ආදරේ සුන්දරයි කියනවනේ... ඒක වෙන්ටැ නිදිමත නැතිවුනේ :P

    ReplyDelete
  30. වැඩිය හිතන්න යන්න එපා බං ඔව්වා ගැන

    ReplyDelete
  31. @``` Outsider``` - සිරාවට ඒක නම් ඇත්ත.. ඒත් බැරි එක නේ අවුල... :D

    @KKW - හික් හික් උඹ විතරයි මේක කියවපු උන්ගෙන් මොලේ තියෙන එකෙක් ඉදලා තියෙන්නේ... :D

    @හිම කුමාරි - ළඟටම ආවේ නෑ නේ ඒකනේ අවුල.. මගින් හැරිලා ගියා... :D

    @prasanna86k - පිස්සුද බං එහෙම වැඩිය හිතනව ද මම... :D

    ReplyDelete
  32. ගනන් ගෙනත් බැහැ..ගනන් ගන්න එපා කියන්නත් බැහැ...සැහෙන්න හිතන්න වෙන ප්‍රශ්නයක්..

    ReplyDelete
  33. මගෙත් උපදෙස පමාව පසු තැවීමට හේතු වේ. හෙටවත් කියන්න ළමයෝ.

    ReplyDelete
  34. ඉතිං ඔය කැමති කෙනාට කෙලින්ම තමන්ගේ අදහස නොකියන්න හේතුව මොකද්ද ??

    සමහර විට ඒ කෙනා හිත හිත ඇති අද අහයි හෙට අහයි කියලා . . .

    ඕන එකක් වෙන්න කියලා නිකමට වගේ අහල බලපන් බන්z . .

    ReplyDelete
  35. @ChammA's බ්ලොග් - ඉස්සර හිතුවා සෑහෙන්න.. දැං නම් හිතුවට වැඩක් නැති නිසා හිතන්නෑ... :D

    @Bindi - පමා වුනේ නෑ මා පමා වුනේ... :D

    @දුකා - ලොකු හේතුවකු දැං තියෙනවා බං අයියේ.. ආයේ අමුතුවෙන් අහන්න දෙයක් නෑ.. ඔයා හිතන්නේ මම නිකන් හිටියා කියල ද... :D

    ReplyDelete
  36. උබ අහනකල් එයා ඉන්නවා ඇත්තේ .. වැඩේ ගොඩ යයි බොල

    ReplyDelete