Thursday, March 17, 2011

ලොකු පිම්මක්.... [HK 600 GT]

පොයි දෙවියනේ.. මගේ බ්ලොග් එක අමතකම වෙලා ගිහින් නොවෑ මට.. හප්පා..... දූවිලි හැම තැනම.. ඉන්න පොඩ්ඩක් මම මේ දූවිලි ටික පිහදානකන්.. හෙම්බිරිස්සාව තියෙන අය එහෙම ඉන්නව නම් ලේන්සුවක් ඇරන් නහය වහ ගත්ත නම් හො​දා.. ලේන්සුවක් නැත්තන් අම්මගෙන් ඉල්ලගන්න.. :D

හරි එහෙම නම් ඔන්න අපි කථාවට බහිමූ.. මගේ හෙලිකොප්ටර් ජීවිතේ අළුත් පිටුවක් පෙරැළෙන්න හදනවා කියලා මම කිවුවා මතක ඇති නේ.. මතැක නැත්තන් මේ පෝස්ට් එකේ අන්තිම හරියේ ඇති බලන්නකෝ..

ඔය පෝස්ට් එකේ තියෙන විදියට අපේ ඊළඟ හෙළිය තමා "Belt cp 450 V2" කියන එක.. ඒ වුනාට අපිට දැන් චාන්ස් එකක් ලැබිලා තියෙනවා ඊට වඩා ලොකු සයිස් එකේ එකක් හදන්න.. ලොකු කියන්නේ මේක පට්ට ලොකුයි.. ඒකේ නම තමා "HK 600 GT" කියන එක.. හප්පා ඒකේ සයිස්..

Belt cp 450 V2 කියන එක 450 කැටගරියේ එකක්.. ඒත් මේ අළුත් එක, ඒ කියන්නේ HK 600 GT කියන එක 600 කැටගරියේ එකක්.. නමෙන්ම තේරෙනව නේ මේකේ සයිස් එක.. 450 වෙනුවට 500 ට හරි 550 ට හරි යන්නේ නැතුව කෙලින්ම 600 ට යන්න පුළුවන් වෙලා අපිට..

මේක ගෙන්වුවෙත් අපේ අයියගේ අර යාළුවා හරහා ම තමා.. ඒ අයියට පිං සිද්ධ වෙන්න අපිට සෑහෙන්න මුදලක් ඉතිරිකරගන්න පුළුවන් වුනා.. මුළු හෙළිකොප්ටරේම ගෙන්න ගනන බැරි වුනත් සෑහෙන්න තරමක කෑලි ප්‍රමාණයක් ගෙන්නවාගන්න පුළුවන් වුනා අපිට.. ඒ කියන්නේ රු. 15000.00 - 18000.00 අතර ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් වුනා.. ඒත් ඉතිං මේකට අවශ්‍ය ඉතුරු ටික ගන්න වෙන්නේ අපිට.. ඒකට තව රු.15000.00 ක් විතර යනවා..

හෙළිකොප්ටරේ උඩ යවන්න අවශ්‍යම දේ තමා අපිට ගන්න ඉතුරු වෙලා තියෙන්නේ.. ඒ කියන්නේ.....

* ප්‍රධාන තටු දෙක
* ප්‍රධාන තටු දෙකේ මෝටරය
* බැටරිය
* තවත් පොඩි සර්වේ මෝටරයක්

ඔන්න ඔය පොඩි ලිස්ට් එකට තමා යනවා කිවුවේ රු.15000.00 ක් විතර.. හප්පා සෙල්ලම් ගානක්ද ඒ, නේද..? ඒක නිසා මේක සම්පූරණ කරන එක තවත් මාසයක් දෙකක් කල් යන්න ඉඩ තියෙනවා.. මොකද අපේ මේ හෙළිකොප්ටැර් යැවිල්ල විනෝදාංශයක් විදියට කරනවා මිසක් වෘත්තීයක් විදියට කරන්න නෑ නේ තාම.. :D

මේ HK 600 GT කියන හෙළිකොප්ටර් එක තටු දෙක නැතුව අඩි 4 කට ආසන්න ප්‍රමාණයකට දිගයි.. තටු දෙකේ දිග අඩි 2ක් විතර.. එතකොට තටු දෙකත් එක්ක මුළු දිග අඩි 6 කට කිට්ටුයි.. කොහොමද සයිස් එක, නේද.. ? ඔන්න ඔය වගේ මේක පට්ට සයිස් නිසා ඒක ගෙන්නන කොට අපිට සිද්ධ වුනා අදාල යම් යම් නීතිමය ලියවිලි කිහිපයක් පිළියෙළ කරන්න..

හරි ඔන්න එහෙම නම් බලමු ද අපේ හෙළිකොප්ටරයේ කෑලි ටික..







පොඩි වීඩියෝ කෑල්ලකුත් මෙන්න..

බැක්ග්‍රවුන්ඩ් වොයිස් ගැන සැළකිළිමත් වෙන්න එපා..


මගේ ඊළඟ හීනේ තමා මේකේ සද්දේ මෙන වගේද අහන එක.. එකටත් තව මාස 2 ක් විතර බලන් ඉන්න වෙනවා නේ.. :D


ප.ලි - මතකයි නේ අපේ සිහින බක්මහ උළෙල.. අප්‍රේල් මාසේ 03 වෙනිදා තියෙන්නේ.. මතකැතුව මෙතන තියෙන ෆෝරම් එකත් පුරවන්න..

24 comments:

  1. අඩෝ මාර ගති බන්... ඔක්කොම සෙට් ක‍රගත්ත්ම අපිටත් කියපන්... අපිත් එන්නම් සෙල්ලම් ක‍රන්න.

    උබේ හීනය ලගදිම සැබෑ වේවා කියලා පතන්නම්!

    ReplyDelete
  2. මගෙත් පොඩි කාලෙ ඉඳන් තියන හීනයක් තමා මේක. සාමාන්‍යයෙන් 10000ට විතර එකක් ගෙන්නගන්න බැරි වෙයිද ඊබොක්කෙන්

    ReplyDelete
  3. මෙහෙම යද්දි සෝරො අයියා අලිපත හෙලිකොප්ටර් හිටන් හදන්න ගනිද මන්දා... හැදුවත් නරක නැ...:D

    කිව්වත් වගේ ලේන්සුවක් ගත්තේ අපොයි..යි..දුවිලි හැමතැනම...

    ReplyDelete
  4. මේක සල්ලි කන මගුලක් නේද? මාත් පොඩි එකක් අරගෙන ටික කාලයක් දඟල දඟල ඉඳල වැඩේ අතහැරිය. වැඩියත්ම, දුවල එහෙම කියන්න ගත්ත තාත්තට "මිඩ් ලයිෆ් ක්‍රය්සිස්" හැදිල කියල.

    ReplyDelete
  5. ඒ මරු බං . . . . මේ අනේ මචෝ . . . . උඹ කොහෙදිද බං ඕක උඩ අරින්නෙ . . .??? අනේ කියහංකො ආසයි බං බලන්න එන්න . . .

    ReplyDelete
  6. @අනුරාධ - එළකිරි.. හැබයි එනකොට ත​ටුදෙකක් ඇරන් වරෙන්.. :D

    @සහන් - රු. 10000.00 ක් වෙද්දි සාමාන්‍ය තරමක එකක් හොයාගන්න පුළුවන් වෙයි.. පුළුවන් නම් කෑලි කෑලි ගෙන්නවපං..

    @නිම්ෂා - හපොයි එච්චර දෙයක් කරගන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද.. :D ඉස්තූතියි දූවිලි ටිකක් පිහදාලා දුන්නට..

    ReplyDelete
  7. Observer - ඔවු ඔවු මේක එක අතකිව් බැලුවම සල්ලි කන වැඩක් තමා.. ඒත් පොඩිවුන්ගේ ආසාවනේ.. කොහොම වුනත් මෙතනින් එහා එකකට යන්න බලාපොරොත්තුවක් නෑ අයිය​ට..

    @ඕනයා - වෙන කොහේ යවන්නද බං අපේ ගමේ තමා.. ඒත් මේ අපේ සද්ද්තයා යවන්න තැනක් තාම හොයනවා.. වැඩි ජනයා නැති ඉඩකඩ ඇති තැනක්.. :D

    ReplyDelete
  8. අඩේ නියමයි මචන් ...... උබ ඕව ගෙනාවට කමක් නෑ ...... උඩින් යන්න ගිහින් අත පය කඩා ගන්නව එහෙම නෙමේ ...... :D :D

    ReplyDelete
  9. මම උබට නඩු දානවා අපිට පිස්සු හද්දනවාට :D

    ඕකටත් අතිරේක තටු දෙකක් ගෙන්න ගනින්

    ReplyDelete
  10. තුක් විතරක් . . . . පලකො තංගල්ලෙ හෙලිකොට්ටර් උඩ අරිනව බලන්න . . . . නොදෝමකිං බොලා . . . . හොයාගං කො කොලඹට කිට්‍ටුව දිහාවක්

    ReplyDelete
  11. අඩේ..පට්ටා...
    මමත් ගෙන්නුවා හෙලියක්....ඊබේ එකෙන්

    ReplyDelete
  12. @ඕනයා: කොළඹ හිටියනම් මූව පොලීසියෙන් අල්ලන් යනවා :D

    ReplyDelete
  13. මේ.. බක්මහ උලෙලට එද්දී ඕකත් අරන් ආවානං.. හිකිස්..

    ReplyDelete
  14. අඩේ මාර හෙලිකොප්ටර් එකක් නේ. පට්ට. ඒ වගේම ඊ බේ එකෙන් ගෙන්වන්න මාරම ගානක් න්‍රි යන්නේ. වෑඩේ හරි ගියාල ඒකත් පොස්ට් එකකින් දාන්න හොදේ..

    ReplyDelete
  15. @ශාමින්ද - බය වෙන්න එපා මං මේවගේ යන්න බෑ.. යනව නම් එල්ලිලා තමා යන්න වෙන්නේ... :D

    @DarKneT | ඉෂාර - දැන්ම හදවන්නේ නෑ උඹළට පිස්සු.. තව මාස දෙකකින් පස්සේ මේක පියාඹන හැටි දැක්කම නම් අනිවා හැදෙයි පිස්සු.. :D

    ReplyDelete
  16. @ඕනයා - යකෝ මෙහේ ආවත් මොකද යනව හැටි බලන්න පුළුනව්න් නම්... ;)

    @රත්ගමයා - අඩේ නියමයි නේ කොල්ලා.. දාපං බලන්න මචෝ විස්තර අපිටත් බලන්න..

    ReplyDelete
  17. @පූසා - ඒව ගානට සැන්ටිමැන්ට් කරලා තියෙන්නේ.. :D

    @චතුවා (ළමයා) - මට එන්න වාහනයක් එවපං.. :D

    @මධුරංග - අනිවා අනිවා.. මේක යවන හැටි දානවා.. ඉසපන් මුධරංගයෝ ඉසපන්... :D

    ReplyDelete
  18. මමත් ඔන්න බොක්කෙන් එකක් ඕඩර් කලා. සල්ලි කන වැඩක් තමා. ඒත් ඉතිං ඔන්න ඔහේ ගත්ත

    http://cgi.ebay.com.au/ws/eBayISAPI.dll?ViewItem&item=280643509936

    ReplyDelete
  19. @තාරක Dilsh@n - මචං පුළුවන් නම් ඔය ඕඩර් කරපු එක කැන්සල් කරලා අඩුම තරමේ 4 චැනල් එකක් වත් ඕඩර් කරපං.. ඊබේ එකෙන්ම ගන්න පුළුවන් වෙයි ඔය ගානටම..

    ඕඩර් කරන්න කලින් මට මේල් එකක් දාපං විස්තර එක්ක.. මම අයියගෙන් අහලා කියන්නම්.. ඒක ගත්තට කමක් නෑ ද එපා ද කියලා.. :D

    ReplyDelete
  20. ඌ ඒක එවලත් ඉවරයිලු බන්..
    ෂිහ් පොඩ්ඩක් කලින් කියන්න එපෑ බන් :D

    ReplyDelete
  21. තාරක Dilsh@n මම දන්නේ කොහොමද බොල උඹ ඕඩර් කළා කියලා.. උඹ අහන්න එපායෑ.. දැං ඉතිං නටපං කියලා කියන්න තමා වෙන්නේ... :D

    ReplyDelete
  22. :P
    ආයෙ ගන්න හිතුනොත් උඹට කියන්නම්කෝ.
    තෑන්ක් මචං

    ReplyDelete
  23. අයියෝ මම පරක්කු උනා මේක බලන්න . පට්ට බාන්ඩේ බං උඹලට මාර විනෝදාංශ තමා තියෙන්නේ . උඹලට පොකට් මනී මදි නොකියන්න ගෙදරින් ලැබෙනව ඇති නේද මචං .උඹල මේ අහක ඉන්න අපිවත් පිස්සු වට්ටනවා . මට මාර ආසයි හෙලිකොට්ටරේකට. උඹ අර ලොකු යානාව ගත්තම අනිවා පෝස්ට් එකක් දාපං මචං

    ReplyDelete
  24. @සඳරු - සම්පූර්ණ වියදම අයියගෙන් තමා බං.. ලොකු එකේ කෑලි වලින් භාගයක් ගෙන්නවලා තියෙන්නේ බං.. ඉතුරු ටික තව මාස දෙක තුනකින්..

    ReplyDelete