මේ දවස් ටිකේම දැම්මේ හෙළිකොප්ටර් ගැන නිසා ඔන්න අද දාන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්..
අපේ කස්ටිය ඉතිං බ්ලොග් කියවනවා වගේම පොත් එහෙමත් කියවනවා ඇති නේද.. පොත් කිවුවම ඉතිං එක එක කාණ්ඩ වලට අයිති පොත් තියෙනව නේ..
* නවකථා
* කෙටිකථා
* පරිවර්තන
* අනුවර්තන / අනුවාද
* ළමාකථා
* යොවුන් කථා
ඔය වගේ නානාප්‍රකාර වර්ග තියෙනව නේ.. ඒ අතිරින් අනුවර්ථන සහ පරිවර්ථන කියන ජාති දෙක ටිකක් එක ළඟින් යන දෙකක්.. දෙකම ඒ ඒ අදාල කතුවරුන්ගේ ස්වයං නිර්මාණ නෙවෙයි.. වෙනත් භාෂෘවකින් තමා මුල් පිටපත තියෙන්නේ.. ඒක නිසා බැලූ බැල්මට මේ දෙකම එක වගේ නේ.. ඒක නිසා ගොඩ දෙනෙකුට මේ දෙක වෙන් කරලා අඳුරගන්න බැරුව ඇති.. මටත් මුළින් එහෙම තමා..
මමත් ඔය දෙකේ වෙනස දැනගත්තේ ගිය සතියේ බදාදා.. කොළඹ ඉඳන් ගමේ එනකොට මම පුරුද්දක් වශයෙන් (අළුත් පුරුද්දක්) ගුණසේන එකෙන් පොතක් අරන් කියව කියව එනවා.. ඇයි ඉතිං පැය 5ක්ම කියලා නිදාගන්නයෑ..
ඔන්න ගිය සතියේ ගත්තේ කේ.ජී. කරුණාරත්න මහත්තයා සිංහලට පරිවර්ථනය කරපු "ඈ හෙවත් අයේෂා 01" මේ පොතේ ඉංග්‍රීසි නම SHE (1887), ලියලා තියෙන්නේ Henry Rider Haggard කියන ලේඛකයා.. ඔන්න ඔය පොතේ "පෙරවදන" කියවනකන් මමත් ඔය දෙකේ වෙනස දැනං හිටියේ නෑ.. ම හිතුවෙත් දෙකම එකයි කියලා..
හරි මම දැන් නොදන්න අයට කියලා දෙන්න හදන්නේ මේ දෙකේ තියෙන වෙනස..
පරිවර්ථනයකදී
1. මුල් කෘතිය සම්පූර්ණව හා අසංක්ෂිප්තව සිංහලයට නැගිය යුතුයි..
2. මුල් කෘතියෙන් කිසිම කොටසක්, යටත් පිරිසෙයින් එකම අනුච්ඡේදයක්වත් සිංහ පරිවර්ථනයෙන් ඉවත් නොකල යුතුය..
3. මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරිපත්කර තිබෙන ආකාරයෙන්ම, සිංහල පරිවර්ථනයේ දී ඉදිරිපත් කළ යුතුය..
4. මුල් කෘතියේ එන පුද්ගල නාම හා ප්‍රදේශ නාම ආදි සංඥා නාම, ඒ අන්දමින්ම සිංහල පරිවර්ථනයේ ඉදිරිපත් කල යුතුය.. ඒවා වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමක් නොකල යුතුය..
5. මුල්කෘතියේ එන භාෂා විලාසයට හා රචනා විලාසයට සමාන භාශා විලාසයක් හා රචනා විලාසයක්, සිංහල පරිවර්නයේ තිබිය යුතුය.. මුල් කෘතියේ කතුරයා, දීර්ඝ වාක්‍ය වලින් යුත් රචනා ශෛලියක් අනුගමනය කර තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ සුගම පිහිල් රචනා ශෛලියක් අනුගමනය කර තිබේනම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ උපමා රූපක අනුප්‍රාසාදියෙන් බහුල අලංකාරී රචනා ශෛලියක් තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද තිබිය යුතුය.. කෙටියෙන් කියතොත් මුල් කෘතියේ අදහස මෙන්ම රචනා ශෛලිය ද සිංහල පරිවර්ථනයෙන් පිළිබිඹු විය යුතුය..
6. මුල් කෘතියේ අදහස සම්පූර්ණෙයෙන්ම සිංහලට නැගිය යුතුය..
7. මුල් කෘතියෙන් සිංහල පරිවර්ථනය වෙනස් විය යුතතේ භාෂාවෙන් පමණි..
8. පරිවර්ථකයාට, අනුවාකයාට තිබෙන නිදහස නැත..
අනුවාදයකදී
1. මුල් කෘතිය සම්පූර්ණව හා අසංක්ෂිප්තව සිංහලයට නැගීම අවශ්‍ය නැත..
2. අනුවාදකයාට අභිමත පරිද, මුල් කෘතියේ කොටසක් හෝ කොටස් ගණනාවක් හෝ සිංහල අනුවාදනයෙන් ඉව්කළ හැකිය.. මුල් කෘතිය සංක්ෂිප්ත කිරීමටද පුළුවන..
3. මුල් කෘතියේ එන අදහස් , එම කතුවරයා ඉදිරිපත් කර තිබෙන ආකාරයන් ම සිංහල අනුවානයේදී ඉදිරිපත්කිරීම අවශ්‍ය නැත..
4. මුල් කෘතියේ එන පුද්ගල නාම, ප්‍රදේශ නාම ආදී සංඥා නාම, අනුවාදකයාගේ අභිමතය පරිදි වෙනස් හෝ විකෘති කළ හැක.. සිංහල ඌරුවට යැයි කියමින් සංහ නම් ද යෙදිය හැක..
5. මු් කෘතියේ එන භාෂා විලාසය හා රචනා ශෛලිය ම අනුගමනය ිරීම අවශ්‍ය නැත.. අනුවාකයාට සිතෙන අන්දමේ නැතහොත් අනුවාදකයාට හැකි අන්දමේ භාෂා විලාසයකින් හා රචනා ශෛලියකින් ලිවිය හැක..
6. මුල් කෘතියේ අදහස සම්පූරණයෙන්ම දීම අවශ්‍ය නැත.. භාවය පමණක් දීම ප්‍රමාණවත් ය..
7. මුල් කෘතියේ බොහෝ අංග වලින්වෙනස් විය හැක..
8. පරිවර්ථකයාට නොතිබෙන ලොකු නිදහසක් ඇත..
ඉහත දැක්වූ කරුණු වලින් පරිවර්ථනය හා අනුවර්ථනය අතර ඇති ඉමහත් වෙනස මනාව පැහැදිලි වේ.. මේ අනුව විදේශීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්රන්ථයක්, එ ලේඛකයා එය ලියූ අයුරින් ම, භශාවේවෙනස්කම පමණක් ඇතිව, සමපූර්ණව හා අසංක්ෂිප්ත ව කියවා, පූරෟන සාහිත්‍ය රසාස්වාදයක් ලබා ගැනීමට ද, එම ග්‍රන්ථව පිළිබඳ ව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද, බලාපොරොත්තු වන පාඨකයින් කියවිය යුතතේ එම ග්‍රන්ථයේ පරිවර්ථනයක්ම විනා අනුවාදයක් නම් නොවේ..
ඔන්න ඕවා තමා වෙනස්කම්... කාටත් තේරෙන්න ඇති මම හිතන්නේ වෙනස..
ප.ලි - නිල් පාටින් ලියා ඇති ටික ලියා ඇත්තේ එම පොතේ සඳහන් ව ඇති ආකාරයටමය..
හ්ම්.... තේරුණා... ස්තුතියි මචෝ.....
ReplyDeleteඔය වෙනස අපේ ගොඩක් පොත් වල තියෙනවා...හොඳම උදාහරණය තමා මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා....පරිවර්තනය කේ.ජී.කරුණාතිලක ශූරීන්ගේ,පොත් 6කින් තමා ලියවිලා තියෙන්නේ...නමුත් අනුවාදන කීපයක්ම තියෙනවා තනි පොතක් විදිහට ලියපු.....ඇත්තටම මමත් ඔය දෙකේ වෙනස දැනගෙන හිටියේ නෑ...බොහොම ස්තූතියි කියලා දුන්නට........
ReplyDelete@චන්දික - තේරුණා නම් එච්චරයි..
ReplyDeleteමකුළුවා - ඔවු, මොන්තක්‍රිස්තෝ සිටුතුමා පොතේ අනුවාදයක් තියෙනවා සිංහල නම් දාලා තියෙන්නේ... කියවනකොට එපා වෙනවා..
එල මචං... නියම ලිපියක්...හෙලිකොට්ටරේ පැත්තකින් තියලා මේ වගේ වැදගත් දෙයක් ලිව්ව එක ගැන නම් අම්භානෙට සතුටුයි.
ReplyDeleteකොහොමත් තම මාස දෙක තුනක් ඉන්න වෙනවනේ තටු ටික ගන්න.
මාත් මාරම ආසයි පරිවර්තන කියවන. ඔය කියපු "අයේශාගේ" පොත් සෙට් එකම ඉස්සර ඉස්කෝලේ යන කාලේ කියවලා තියෙනවා.
ReplyDeleteඔය සේරම සිංහලයට පරිවර්තනය කලේ කේ. ජී. කරුණාතිලක ශූරීන්.
නියමයි මචං. රයිඩර් හැගාඩ්ගෙ King Solomon's Mines පොත කියවල තියනවද ?? සිංහල පරිවර්තන සහ අනුවාදන කීපයක්ම පලවෙලා තියනව මේ කතාවෙ.
ReplyDeleteපරිවර්තන සහ අනුවාදන ගැන කියද්දි මම වඩාත්ම කැමති පරිවර්තන වලට. මොකද කිවුවොත් පරිවර්තනයකින් මුල් රචකයාගෙ කතා ශෛලිය එහෙම පිටින්ම තියන නිසා. හැබැයි මම පුලුවං තරං උත්සාහ කරන්නෙ මුල් කෘතිය හොයාගෙන කියවන්න.
@ප්‍රසන්න - මම මේ ටික පොතේ කියවද්දිම හිතුනා බ්ලොග් එකේ දාන්න ඕන කියලා..
ReplyDeleteඔවු ඔවු හෙළිකොප්ටර් පදින්න තව ඉවසන්න වෙනවා..
මධුරංග - මමත් ඉස්සර ඉදන් දැනගෙන හිටියා ඒත කියවන්න සෙට් වුනේ නෑ පොත් ටික.. තාම එකයි ගත්තේ ලබන සතියේ දෙවෙනි කොටස ගන්නවා..
ඕනයා - කලකට පෙර නම් ඔය පොත කියෙවුවා වගේ මතකයි.. ඒත් දැන් කථාව මතක නෑ වගේ.. බලන්න ඕන ආයෙත්...
මමත් ආස පරිවර්ථන වලට තමා..
මං හිතන්නෙ ලංකාවෙ තියෙන හොඳම සහ ප්‍රසිද්ධම අනුවර්තිත පොත තමයි අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහත්මයා අනුවර්තනය කරපු "මනුතාපය" කෘතිය. ඒ වගේම එතුමාගෙ "දේවතාපය" කෘතියත් හොඳ අනුවර්තනයක්.
ReplyDeleteපොත් කියෙවුවට මේ ගැන දැනං උන්නේ නෑ නේ කියවන්නං වාලේ කියෙවුවා . ඕනන ඕකයි මට උනේ .
ReplyDeleteමමනම් කොහොම උනත් කැමති පරිවර්ථන වලට ගොඩක් අනුවර්ථන තේරුම් ගන්න අමාරුයි බර වචන වලින්නේ තියෙන්නේ .දිව උලුක්කු වෙනවා !
එල.
ReplyDeleteමේ වචන දෙක අනුවර්තන හා පරිවර්තන වෙන්න ඕන නේද? ථ යන්නක් යෙදීම වැරදියි.
මරු සෝරො අයියා ....වැදගත් ලිපියක්..මමත් දැනන් උන්නේ නැ ඔය දෙකේ තෙරුම්..දැන් තෙරුනා...තැන්කු..
ReplyDelete@චරිත් - මම කියවලා නෑ බං.. අනිත් එක මම නම් අනුවර්තන වලට වඩා කැමති පරිවර්තන වලට..
ReplyDelete@සඳරු - දැං ඉතිං දැනුවත් නේ.. අනිත් දවසේ සැලකිල්ලෙන් බලපං.. මමත් කැමති පරිවර්තන වලට..
@තමීර - තැංකූ මචං.. මම වැරැද්ද හැදුවා..
නිම්ශා - මම හිතුවේන නෑ මෙච්චර දෙනෙක් ඕක දන්නේ නෑ කියලා..
තේරුම් ගත්ත නම් සතුටුයි..
හොඳම ලිපියක්....... අපෝ මම නම් කවදාවත්ම අනුවර්තන කියවන්නෙ නෑ. පරිවර්තනයකින් ඒ පොතේ භාෂාව තේරෙනව වගේම කියවල තේරුම් ගන්න පුලුවන්. අනුවර්තන සල්ලි ගසා කන ක්ෂණික නූඩ්ල්ස් වගෙ............
ReplyDeleteගොඩක් ස්තුතියි... සින්හල සාහිත්‍යයට වඩා මමත් වෙන රටවල අනුවර්තන, පරිවර්තන කියවන්න කැමතියි....
ReplyDeleteපට්ට සොරො මරුවට කියලා තියනවා
ReplyDelete@whirlwind - මමත් බලන්නේ පුළුවන් තරම් පරිවර්තන කියවන්නම තමා..
ReplyDelete@තාරා - ඒවා කියවනකොට අමුතු ගතියක් එනවා නේ ද..
@ඉලංදාරියා - එළ එළ මචෝ..
තේරුණේ දැන් තමයි....
ReplyDeleteකියවන්නන් වාලෙ කියෙව්වට ඇත්තටම දැන් තමා වෙනස දැනගත්තෙ. ස්තූතියි සහෝ.
ReplyDelete@෴ හසියා ෴ - දැන් වත් තේරුනා නම් ලොකු දෙයක්..
ReplyDelete@පිණිබිඳු... එළ කිරී.. දැන් ඉතිං තෝරලා බේරලා කියවන්න තමන් වැඩිය කැමති එක..
තේරුනා නොවැ මේකේ වෙනස. තේරුන් කොරල දුන්නට සොලෝට සුතූති.
ReplyDeleteෂා...... හොඳ හරවත් පෝස්ට් එකක්. ස්තූතියි.......
ReplyDeletehttp://aluthkolla.blogspot.com
ඔන්න කියෙව්වා.. ස්තූතියි මල්ලි.. කාලෙක ඉඳලා තිබුන ගැටලුවක්. ඒත් අහලා විසඳගන්න අමතක වෙනවා. ඔන්න උත්තරේ ළඟටම ගෙනත් දුන්නට ආයෙත් ටැන්කො..
ReplyDeleteමෙතන තවත් කොටස් දෙකක් තියෙනවා අයියා. කේ.ජී ගේ පොත්වල තියෙනවා අසංක්ෂිප්ත පරිවර්තනය කියලා. ඒක යටතේ තමා සම්පූර්නම පරිවර්තනය වෙන්නේ. සංක්ෂිප්ත පරිවර්තනයේදී අනුවාදනය තරම් කෙටි නොවුණු ඒත් අසංක්ෂිප්ත පරිවර්තනය තරම් නැතුව පරිවර්තනයක් සිද්ධ වෙනවා
ReplyDeleteඅනුවර්තනයේ හරිහමන් තේරුම දැනගන්නට උවමනා වූ සැනින් රන්දිල් විසින් මේ ලින්කුව එවන ලදී... සෝරෝටත් ඈටත් ගොඩක් පින් සිදුවේවා!! ඹෆීසියේ අපි කිහිපදෙනෙකුම දැනුවත් උනා...
ReplyDelete