Tuesday, January 25, 2011

"දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා" නොහොත් "ටයි මාමා"..


(www.lankapuvath.lk)
ටී. ජී. එම්. ජූලියස් ද සිල්වා ගේ සහ සුජාතා තොටවත්ත ගේ ආදරනීය පුත්‍ර රත්නයක් ලෙස උපත ලද මෙතුමා ගේ මුල් කාලයේ නම "දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා" විය..වර්ථමානය වන විට අප ඔහුව හඳුනන්නේ "ටයිටස් තොටවත්ත" යන නමිනි.. සහෝදරියන් දෙදෙනෙක් හා සහෝදරයන් දෙදෙනෙක් මෙතුමාට සිටි අතර මොහු උපත ලබා ඇත්තේ 1929 අපේ‍්‍රල් 17 දින බොරැල්ලේ දීය..පුවත් පත් දැනවීමක් හරහා 1950 දශකයේදී පමණ චිත්‍රපට සංස්ථාවට සම්භන්ධ වී ඇති අතර ඉතාලි ජාතිකයින් පිරිසක් යටතේ ඔහුගේ පුහුනුවීම් ආරම්භ කළ බව එතුමා ප්‍රකාශ කරයි.. වසර 6 ක පමණ කාලයක් චිත්‍රපට සංස්ථාවට සේවය කල මෙතුමා 1956 දී ඉන් ඉවත් වී ඇත..
චිත්‍රපට සංසථාවෙන් ඉවත් වීමෙන් අනතුරුව ආචාර්ය ලෙස්ටස් ජේම්ස් පීරිස් මහතා සමග එක් වී ඔහුගේ ශ්‍රේෂ්ඨසිනමා සිත්තමක් වූ "රේඛාව" චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කර ඇත.. වෑවල ප්‍රදේශයේ දී රූපගත කර ඇති මෙම චිත්‍රපටය සුවිශේෂී වන්නේ චිත්‍රාගරයෙන් පිට රූගත කිරීම කර ඇති මුල්ම චිත්‍රපටය නිසාවෙන් ය..
1965 දී චිත්‍රප​ට අධ්‍යක්ෂණයට පිවිසි මෙතුමන් අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වන්නේ "චණ්ඩියා" ය.. මෙතුමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරෙන්
කවුද හරි (1969)
හාරලක්ෂය (1971)
සිහසුන (1974)
සාගරිකා (1974)
මංගලා (1976)
මරුවා සමඟ වාසේ (1977)
වැනි සිනමා නිර්මාණ ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලැබේ.. චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකු ලෙස පමණක් නොව තිරනාටක රචකයෙකු, සංස්කාරවරයෙකු, හඬ කැවීම් ශිල්පියෙකු ලෙස මෙතුමන් කටයුතු කර ඇත..
රූපවාහිනී මාධ්‍ය නව ඉසව්වකට ගෙන යමින් මෙතුමන් විසින් නිදපවා හඬ කවනු ලැබූ "හා හා හරි හාවා, දොස්තර හොඳ හිත, පිස්සු පූසා" යන කාටූන් නිරමාණ නිසා, කුඩා දරුවන් අතර "ටයි මාමා" ලෙස මහත් ප්‍රසිද්ධියක් ලබාගැනීමට සමත් විය..
රූපවාහිනී සංස්ථාවේ හඬ කැවිමේ හා උපසිරැසි ගැන්වීමේ නිර්මාතෘ වරයා වන මොහු මේ වන විට 81 වැනි වියෙහි පසු වේ.. සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇති මෙතුමන් අප රටේ ජාතික සම්පතකි..
 
සම්මාන ලබමින් (www.dinamina.lk)


ප.ලි - බ්ලොග් සතිය වෙනුවෙන් ලියන ලදී.. විස්තර පුවත්පත්ඇසුරින් ලබා ගන්නා ලදී..

10 comments:

  1. විසතර සැට එකට් තැකූවේවාz :)

    ReplyDelete
  2. අපූරු ලිපියක් මළේ.

    බොහොම ස්තූතියි මේ දේවල් එක ලිපියක අඩංගු කරලා අපිට ලබා දීම ගැන.

    ReplyDelete
  3. @ජේඩී - මොක 61 ද මචෝ.....?

    @දුකා - ස්තූතියි දුකා අයියා.. ඔයාගේ වචන ටික මට ලොකුහයියත්.... :)

    ReplyDelete
  4. ශා හොඳ ලිපියක්
    ටයි මාමා ගෙන ගොඩක් දැනගත්තා
    :)

    ReplyDelete
  5. මේක හිතට එන විකාරයක්ද මල්ලී.. ;-)

    ReplyDelete
  6. @ඉරේෂා - සතුටුයි මම ලියපු එක ප්‍රයෝජනවත් වුනා නම්..

    @තිස්ස - අනේ බොලේ අයියේ හොද නමක් සැට් වුනේ නෑ නේ...... :D

    ReplyDelete
  7. විස්තර ටිකට ගොඩක් ස්තුතියි !!! මම ගොඩක් දවස් ට්‍රයි කලා කමෙන් ට් කරන්න අදයි වැඩේ හරි ගියේ. තැන්කූ වේවා !!!

    ReplyDelete
  8. කාලීන ලිපියක්. පුංචි කාලෙ අපි හරිම ආසාවෙන් බලපු සිංහල හඬකැවු නිර්මාණ රාශියක් වගේම හඳයා වගේ චිත්‍රපටිත් බොහොම අගෙයි. ඒ වගේ නිර්මාණ අද බිහිනොවෙන එකනම් ලොකු අඩුවක්.

    ReplyDelete
  9. @මධුරංග - පොඩි ඇස්පැට් එකක් වෙලා තිබුනා... ස්තූතියි මාව දැනුවත්කළා​ට...

    @චන්දික - තැංකිවු මචෝ ඇවිත් ගියාට...

    ReplyDelete
  10. මේ ජාතික සම්පතත් අපිට නැතිවුනා :((

    ReplyDelete