Monday, October 25, 2010

අපේ රටේ අය ජාතික හැඟීම



ඔන්න ඉතිං ගිය ඉරිදත් [24-10-2010] සුපුරුදු විදියට වෙනදා වගේම පංති යන්න කස්ටිය සෙට් වෙනතැනට ගියා වෙනදා වෙලාවටම.. ඒ කියන්නේඋදේ 7.45 විතර.. මළ මගුලයි මුන් එකෙක් වත් ඇවිත් නැහැනේ.. හිටපං කො දැන් මුන් ටික එනක්න්.. කියලා යාලුවො සැට් එකට හිතින් බැන බැන හිටියා කට්ටිය එක දෙන්න සෙට් වෙනක..

ටික වෙලාවක් ඉන්නකොට් දැක්ක ඔරලෝසු කණුවේ වෙලාව උදේ 8.00 වෙනවා.. ඔන්න ඉත්ං එතකොට්ම මම මගේ පාගල්[බයිසිකලේ] එකේ ස්ටැන්ඩ් එක ගහලා බිමට බැහැලා සීරුවෙන් හිටගෙන ලේස්ති වුනා ගෞරව කරන්න..

ඒ කියන්නේ මෙකයි.. හැමදාම උදේ 8.00 වෙනකොට ජාතික් ගීතය වාදනය ක‍රනව අපේ තංගලේ.. මම හිතන විදියට මුළු ලංකාවෙන්ම ජාතික ගීතය හැමදාම උදේට ගායනා කරන්නේ මෙහේ වෙන්න ඇති..

ඔහොම ජතික ගීය වාදනය් වෙන අතරේ මම ඉතිං නික්න් ඉන්නේ නැහැ.. ඇන්ට්නාව වටේට් ක්‍රකවල බලනවා කවුද ගෞරව කරනේ කව්ද ගෞරව කරන්නෙ නැත්තේ කියලා.. ෂා........ බලන්න ආසයි එතකොට නම්... පයින් යන අය එතනම ගල් ගැහිල වගේ ඉන්නවා.. වාහන ගිය ගිය තැන් වල් නැවතිලා.. බලන්න ලස්සන සීන් එක..

හැබැයි ඒ අතරින් තමන්ගෙ රට, ජාතිය ගැන මෙලව හැඟීම්ක් නැති පිරිසකුත් ඉන්නවා දකිනවා.. ජාතික ගීතය නෙවෙයි මොන කෙහෙල් මලක් වුනත් එයලගෙ වැඩ එයලා.. සමහර වෙලාවට නොදැනුවත් කම නිසා එහෙම යනවද මංදා... ඒත් ඉතිං වට පිට දිහ බැලුවම් තේරෙනවනේ මෙතන මොකක් වෙනවා කියලා.. මටනම් හිතෙන්නේ ඒ නොදැනුවත්ක නෙවෙයි නොසැලකිල්ල කියලා..

ඔන්න ඔය අතරේ මගේ ඇන්ටනාවට අහුවුනා විදෙශික සංචාරකයෙක්.. ලස්සනම වැඩේ කියන්නේ මෙතුමාත් [තම රට ජාතිය ගැන හැඟීම්ක් නැතුව ඔහේ යාන්නන් වාලේ යන අයට් වඩා, විදෙස් රටක සිටියත් ඒ රටේ සම්ප්‍රදාය්ට ගෘ කරන හුට් ගෞරව්යෙන් අමන්ත්‍රණය කිරීම වරදක් නොවේ යැයි හැඟේ..] ගෞරව දක්වනව අපේ ජාතික ගීතයට..

ඔන්න අපේ රටේ අය ජාතික හැඟීමෙන් ඉන්න හැටි..

2 comments:

  1. හික්ස්........ උබ ඔහොම කියනවා... අපි ඉස්කෝලෙ යන කාලෙ පාසල් ගීයටවත් ගරු නොකරන එවුන් හිටියා :)
    ඉතින් ජාතික ගීය ගැන කවර කතාද ?

    මමනම් කියන්නෙ ලංකාවෙ හැමතැනම ජාතික ගීය ඔය වෙලාවට දාන්න පුරුදු උනානම්, ගරු කිරීමකට නොවුනත් අර මෙලෝ රහක් නැති එවුන්ට සීරුවෙන් විනාඩියක් හරි හිටගෙන් ඉන්න පුරුදු කරන්න පුල්වන් වෙයි :)

    ReplyDelete
  2. හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....

    ReplyDelete