බත් කැවද..?
නැ, තව වෙලා තියෙනවනේ..
මේ අවසන් වචන ටික මට හීනෙන්මෙන් ඇහෙන්නට වූයේ ඒ වන විට මා අතීතයට පාවී ගිය නිසාවෙනි.. එයට හේතුව වුයේ මීට් අවුරුදු එකහමාරකට පමණ පෙර ඇය මා හා දිවා ආහාර ගත් සැටි සිහිවීමෙනි..
මා, ඇය හඳුනාගෙන දැනට වසර තුනහමාරක් පමණ ගතවී අතර පසුව අප ඉතා හොඳ මිතුරන් වූයෙමු.. කාලයාගේ ඇවැමෙන් ඇගෙන්ලද මේ මිතුරුකම මා සිත තුලප්‍රේමයක් ඇති කිරීමට සමත් විය.. එනමුත් ඇයගේ හිතේ මා ගැන එවන් හැඟීමක් ඇති නොවූයෙන් මා මගේ ප්‍රේමය මා හද තුලම සිර කරගෙන එදා සිට ද දක්වාම ජීවත් වන්නේ ඇයගේ නමින් මා හද තුලඇති වූ ප්‍රේමය මරාදැමිය නොහැකි නිසා හා පෙමක් නිසා මරණයට පත් වීමට තරම් මා බොළඳ නොමැති නිසාවෙනී.. එහෙත් ඇයගේ නමින් මා හද තුල ඉපැදුනු පෙම සදා කල් එහි රැඳෙනු ඇතැයි මට සක් සුදක් සේ පැහැ දී වන්නේ ඇයට තරම් මා වෙන යුවතියකට පෙම් නොකල නිසාවෙනි..
අදටත් ඇය මගේ හොඳ මිතුරියක් වුවත් ඇය හා දොඩමළු වන විට මට හැඟී යන්නේ මට අහිමි වූ පෙම්වතිය මැය නේද යන්නයි.. ටිකකලකට පසුව අද දින ඇය හා මා වචන දෙක තුනක් මිමිණූ අතර මා අතීතයට රැගෙන යන්නට ඒ වදන් පෙළ සමත් විය..
කෑවද..?
තවම නැහැ
කන්නේ නැද්ද..?
කන්නත් ඕන, පොඩි වැඩ ටිකකුත් තියෙනවා.. කමක් නහැ එහෙනම් එහෙනම් කමු..
ඔයා එහෙනම් කැම එක රත් කරලා ලේස්ති වෙන්න.. මම ගෙදර ගිහින් රින්ග් එකක් දාන්නම්..
හ එහෙනම් පරිස්සමෙන් යන්න
ඉන් පසුව මා පා පැදියේ නැගී නිවෙස කරා පැමිණ බත් පත බෙදගෙන ඇයට රින්ග් එකක් දීමෙන් අනතුරුව අහාරය ගන්නේ "මම දැන් කැම කනවා" යන පනිවුඩය දෙමිනි.. අන්තුරුව ඇයද ප්‍රථිචර දක්වින් කියා සිටිනේ ඇයද කෑමට පටං ගන්න බවයී..
කැම කා නැවතත් කඩය වෙත පැමිණෙන්නේ ඇය හා දොඩමළුවීමේ අපමණ වූ ආශාවෙනි..
එහෙත් ඒ අතීතය දැන් සිහිනයක් බඳුය...
හිතට සංවේදි කතාවක්
ReplyDeleteජීවිතය ලස්සනන වෙලා තියෙන්නේත් මෙ වගේ හැල හැප්පිමි නොලැබෙන බලාපොරොත්තු නිසා
යාළුවගේ නොලැබෙන යැයි සිතු දෙයක් තුල පහන් සිලට නොඇදෙන මැස්සකු වීමේ ධෛර්යය ගැන මට සතුතටුයි
"ආදරයේ තනි පස" නේද?
ලස්සනයි