Sunday, May 30, 2010

කෝඩුකාර මගේ සිරිපා ගමන [01]

ඔන්න ඉතිං මම හා හා පුරා කියලා සිරීපාදෙත් කරුණා කළා.. ගොඩාක් සතුටුයි ඒක ගැන නම්..

අපේ කස්ටිය කරුණා කරන්න හිතාගෙන හිටියේ රත්නපුරේ පාරෙන් ඒ කියන්නේ පලාබද්දල හරහා.. රැ 12.00 විතර වෙනකොට අපි ගියා සිරිපාගමට.. ගිහින් බැහැලා බලනකොට බස් දෙක තුනක් තිබුනා හැබැයි පේන තෙක් මානයක මිනිස් පුලුටක් වත් නැ.. මහ රැ 12.00 කවුද ඉතිං අවදියෙන් ඉන්නේ... නේද හික්ස්.. අපේ නඩයට හිටියෙ 5 දෙනයි.. ඔහොම අපි හැරි හැරි ඉන්නකොට ඇතින් එනව දැක්කා කවුද.. අපි ඉන්නව දැකල තමයි මෙයා ඇවිත් තියෙන්නේ.. අපිහ් ඉතිං පොරට කිට්ටු කරල ඇහුව මෙතනින්ද කරුණාකරන්න පටන් ගන්නේ කියලා.. ඊට පස්සෙ මෙයා අපිට පාර පෙන්නුවා..

ඔන්න ඉතිං අපි සිරිපා කරුණාව පටන් අරගෙන අපි ගියපු වැන් එකේ ඩ්‍රයිවර් අයියට කිවුවා හැටන් වලට එන්න කියලා.. මොකද පි බහින්න ප්ලැන් කරන් හිටියේ හැටන් හරහා නිසා..

මුළින්ම ගියා පටන් ගන්න තැනම තියෙන පන්සලට.. ගිහිං පඬුරක් එහෙම දාල වඳිනකොටම මෙන්න මල් වරුසාවක් පටං ගත්තා..

5 comments:

  1. කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි :) :) :)

    photos ටිකකුත් upload කලා නම් මසුරන් වටිනවා සහෝ

    ReplyDelete
  2. ආ ඉතුරු විස්තරත් තියන්න ... අපිට

    ReplyDelete
  3. @හසිත - දාන්නම් මචං දාන්නම්... හැබැයි ගොඩාක් නැ.. මීදුම නිසා photo ගන්න බැරි උනා වැඩිය..

    @වැප් - හී හී හෙට දාන්නම්.... :Z

    ReplyDelete
  4. වැදලා බහින මේ නඩේට බුද්ධං සරනේ සරනයි
    වදින්න යන මේ නඩේට ධම්මං සරනේ සරනයි
    කෝඩුකාර හැමදෙනාට සංඝං සරනේ සරණයි
    දොදොල් නොගෙනාවොත් තොට මස් කෙලියෙදි කපුටො කොටයි

    ReplyDelete
  5. ඊට පස්සේ ගියෙ නැද්ද බොල. අවුරැද්දකට පාරක් ගිහින් පව් අඩු කර ගනින් සොරෝ කොල්ලා..

    ReplyDelete