Tuesday, May 21, 2013

පරවුනත් මල් අතීතේ සුවඳ හදවත සමීපේ...

යාන්ත්‍රීකරණය වුන වර්ථමාන අප මනසට යම් හෝ සුවයක් ගෙන ඒමට බෙහෝ දෙනා විසින් සිදු කරනුයේ සංගීතයේ සප්තප් ස්වරයෙන් සැනසීම වුවත් වර්ථමානයේදී බිහිවන ගීත වලින් එවැන්නක් සිදු වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා නිරායාසයෙන්ම යොමුවන්නේ 70, 80 සහ 90 දශකයන්ගේ ‍ගීතයන් කෙරෙහි ය. එම ගීතයන් වල ඇති අර්ථාන්විත භාවය සහ ළබැඳි සංගීතය නිසා අපගේ මනස ඒ කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට සමත් වනු ඇත.

එබඳු ළයාන්විත ගීත කොතැනදී ඇසුවත් මතකයේ රැ‍ඳෙන්නේ ඇතැම් විට අපගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට එම ගීතයන්හී යම් සම්භන්ධතාවක් ඇති නිසා යැයි විටෙක සිතෙන අතර, ඇතැම් ගීත කොතරම් ශ්‍රවණය කල ද තවත් වරක් හෝ ශ්‍රවණය කිරීමට සිතේ.

පුරුද්දක් ලෙස, රාත්‍රි නින්ද සඳහා ඇඳට ගොස් ප්‍රථමයෙන් සිදු කරනුයේ ජංගම දුරකථනය ගෙන එහි කන් බනුව (Ear Phone) සම්භන්ධ කර දුරකථනයෙන් ගුවන්විදුළියට සවන් දීමයි. මා සවන් දෙනු ලබන්නේ රන් එෆ්.එම්., සිටි එෆ්.එම්., ලක්හඬ සහ ලක් එෆ්.එම් වැනි ගුවන්විදුළි නාළිකාවන්ට ය.බොහෝවිට මා නින්දට යන්නේ රාත්‍රී 8.00 - 10.00 අතර තුර කාලයේ නිසා එම වෙලාන්ට ගුවන්ගත වන වැඩසටහන් වලට සවන්දීමට මා ප්‍රියතාවයක් දක්වනු ලැබේ.


රන් එෆ්.එම්. - රුවන් සඳැල්ල, සිටි එෆ්.එම්. - ආරාධනා, ලක්හඬ - ප්‍රේම තටාකය හා ලක් එෆ්.එම්. - ප්‍රේමණීය රාත්‍රිය මේ වෙලාවන්හිදී ගුවන්ගත වන වැඩසටහන් වේ. මෙම වැඩසටහන් අතුරින් රන් එෆ්.එම්. හි රුවන් සඳැල්ලට මා බොහෝ ඇලුම් කරන්නේ එහි වැඩසටහන ඉදිරිපත් කරන  පුද්ගලයාගේ කෙටි විචාරයන්ට ඇති කැමැත්ත යැයි කිවුහොත් එහි වරදක් නොවේ. මන්ද ඔහු ඇතැම් අවස්ථාවන් වලදී ඉදිරිපත් කරන ඉතා කෙටි කතාවන් ඉතාමත් අලංකාර බව වරක් හෝ මෙම වැඩසටහන ඇසූ අයෙක් දන්නා අතර නොඇසූ කෙනෙකුට මා ඇරයුම් කර සිටින්නේ වරක් හෝ එය ශ්‍රවණය කරන මෙන් ය.

මේ අතර තුර දහවල් කාලයේදී මා ඇතැම් විට යූටියුබය හරහා පැරණි, එතරම් ප්‍රචාරය නොවන ගීත ශ්‍රවණය කරන අතර ඇතැම් බ්ලොග් අඩවි වල ඇති ගීත ද බොහෝ විට ශ්‍රවණය කරන්නේ ඒවායේ ඇති රමණීය බව නිසා ය.

මෙසේ අද දින බ්ලොග් කියවද්දී ඇස ගැටුනු එක්තරා බ්ලොග් අඩවියක තිබූ ගීතයකට මාගේ සිත ඇදී ගිය අතර එහි ලියා තිබූ කෙටි විචාරය ද ඉතා අනර්ඝ එකක් ලෙස දැක්විය හැකිය. මේ ගීතය කොතරම් මගේ සිතට  ඇතුල් වුනාදැයි කිවහොත් ඇතැම් විටෙක මා සිතට නැඟුනේ මේ ගීතයෙන් කියවෙන්නේ මගේ කතාව දෝ කියා ය. ඒ තරමට ඒ ගීතයට මා ප්‍රිය කරන්නට විය. එය දුටු මොහොතේ පටන් කිහිප වතාවක්ම එය ශ්‍රවණය කල අතර කොතරම් වාර ගණනාවක් එය ශ්‍රවණය කලාදැයි මා සිහියට නොනැ‍ඟේ. මේ මොහොතේ ද ශ්‍රවණය කරමින් සිටී.

එම බ්ලොග් අඩවියට යන මාර්ගය මෙසේ වේ [200]දයාබර මාලතී

එම ගීතයේ පද මාලාව නම්....

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා 
ලොව කාටහෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා 
මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත 
දෙදරුවන් ලඟ නිවන සරතැස 
කාලයේ වැලිතලාවේ 
සබඳකම් සැඟවුනාවේ..

අතරමග සුණු විසුණු පැතුමක 
මතක මිහිරියි තාම හිත යට 
පරවුනත් මල් අතීතේ 
සුවඳ හදවත සමීපේ...



5 comments:

  1. මම සින්දුවල ‍තේරුම හොයන්නෙ අන්තිමට. සින්දුවේ සංගීතය සහ හඬ භාවිතාව තමයි මට මුලින් දැණෙන කොටස්. ඒ නිසා සින්දුවලින් මම ඒ තරං සෙන්ටිමෙන්ටල් වෙලා නෑ මගේ ජීවිතේ එක්ක. හැබැයි ඔය එක එක ලව් ගියපු කාලවලදි ඇහුණ හින්දු ටික ඇහෙද්දිනං අතීතෙට යනවා. හැබැයි ඒ සින්දුව ලව් එකට කිසිම සම්බන්ධයක් නැති එකක් වෙන්න පුළුවන්. උදාහරණෙකට ගත්තොත් කොලෝනියල් කසින්ස්ලගේ මුල් ඇල්බම් එකේ සින්දු ඇහෙද්දි මම යන්නෙ දහයෙ පන්තියෙදි වගේ කතාවකට. චන්දනගෙ ලියතඹරා මලේ සින්දුටික ඇහෙද්දි ඒ ලෙවල් කාලෙ සීන් වලට. ඔ‍හොම ඔහොම ගිහින් නදීක ගුරුගේ සෙට් වෙන්නෙ අපේ ගෑණිත් එක්ක :P

    කොහොම වුණත් ගී පැදුරට ලියන්න ගත්තට පස්සෙ සින්දුවල තේරුමත් එක්ක ලොකු ගණුදෙනුවක් සිද්ධ වෙන්න ගන්නවා. හැබැයි සමහරක් සින්දුවල හැබෑ තේරුම මේක නේද කියල තේරුණාම ‍ඒ සින්දුව ගැන හිතං හිටපු විධිය ගැන ලැජ්ජාවක් දැණෙනවා.

    ReplyDelete
  2. කාලයක් මාත් ඔය විදියටම සින්දු ඇහුවා... විශේෂයෙන්ම මම ඇහුවේ ලක්හඬේ රැයේ ඇසෙන ගී වැඩසටහන... 12 වෙනකම් අහගෙන ඉන්න වෙලාවල් තිබ්බා... ගොඩක් වෙලාවට ඉයර්ෆොන් එක එහෙමම තියෙද්දි මට නින්ද යන්නේ... හි හි... ඒ කාලේ මම සින්දු වලට පුදුම ආසාවක් තිබ්බා.. ඔයා කියනවා වගේ පරණ සින්දු වලට... ඒ වෙලාවට අහද්දි අනිත් වෙලාවට ඇහෙනවට වඩා ලොකු වෙනසක් හිතට දැනෙනවා.. ඇස් වලට කඳුළු එන පද මාලා ඇහෙනවා... සමහර විට සංගීතයම ඇති ඇස් වලට කදුළු එන්න...

    දැන් නම් රේඩියෝ එකක් අහපු කාලයක් මතක නෑ.... හි හි...

    ReplyDelete
  3. ගී පද රචනයක උත්තම බවයි සංගීතයේ මිහිරියාවයි එක් වු කළ එකම රස ගුලාවකි.

    ReplyDelete
  4. ආරාධනා එහෙම මරු.

    ReplyDelete
  5. Mamath dan thiyana dadi bidi koththu beat, maralathoni sindu walata wadaa oya sindu walata saahenna kamathyi. Samahara sindu thiyanawa ewa sindu walata wadaa music ekka yana manthara wage. Samahara ewa ahaddi hariyata 2weni loka yudde kaale Auschwitz giya wage. Ewata sindu kiyanawata apita gaanak denna one.
    Me athare honda ewa nathuwamath newe habayi.
    English unath hari lassana ewa thiyanawa kana palaagannathuwa ahanna puluwan.
    Me mata saapekshawa...

    ReplyDelete