Wednesday, March 6, 2013

වික්ටර් රත්නායක ගී එකතුව [01]



රූකඩ මඩු යාග පොලේ

රූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...

ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ළොලේ පිණි කඳුළේ
නිතර රැඳී උන් බඹරින්දු....

යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න දෑත වනන්නා
නිබඳ මගේ පිරුණු සෙනේ
නුඹ නොදනී මල්මද ලන්දු...


Mp3 - Rookada Madu

----

සිහින සතක් දුටුවෙමි මම

සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..

ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..

කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..

එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ..


Mp3 - Sihina Sathak

----

මංගල මල්දම

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම....
මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම
ලලිත පෙම....

කිරිසාගරයෙන් කිඳුරු ලියන් ආවා
මට පෙම් මුතුලැල් පළඳනවැයි කිව්වා
සුර ළඳුන් වනේ දේව ළඳුන් ආවා
මට මල්සරගේ දුන්න අරන් ආවා

කිඳුරු ලතාවිය
දිව්ය කුමාරිය
මට මොටද ළඳේ නැත්නම්
ඔබ දේහ සුරූපය

සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්
රන්පාවඩ මත කැන්දාගෙන යන්නම්
රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම්
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්

පොකුරු හිනාවයි
දෑස ඉනාවයි
වත සුවඳ කොකුම් බිඟු රොන්
හද ගීත ලතාවයි

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම....
මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම
ලලිත පෙම....

මුකුළු පෙම....
ලලිත පෙම ....
මුකුළු පෙම....
ලලිත පෙම ....

සහාය ගායනය - සිසිර සේනාරත්න
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ


Mp3 - Mangala Maldama

8 comments:

  1. දිගටම යමු...
    උඩම එකේ ලින්කුව කැඩිලා....

    ReplyDelete
    Replies
    1. හරි මාමේ ඔන්න හැදුවා... :)

      Delete
  2. රූකඩ මඩු කියන්නෙ මගෙත් ආසම සිංදුවක් තමයි.
    මේක දිගටම කරගෙන යං.

    ReplyDelete
    Replies
    1. වික්ටර් රත්නායකයන්ගේ සිංදු වලිං මාත් ආසම එකක්... :)

      Delete
  3. වටින උත්සහයක්..!

    ReplyDelete
  4. සුනිල් එදිරිසිංහ මහතාට වෙන්වුණ ගී පද අඩවියක් තියෙනවා. (http://suniledirisinghelyrics.blogspot.com/)
    ඒක කවුරු කලත් නියම වැඩක්. මොකද වෙනම අඩවියක් පවත්වන්න තරම් ගී ඔහු ගයා තියෙනවා.

    වික්ටර් රත්නායකයන්ගෙ ගීත සම්බන්ධවත් මේක මෙහෙම හෝ එහෙම හෝ කරමු!

    ReplyDelete
  5. සුනිල් එදිරිසිංහ මහත්තයාගේ ගීපද අඩවියට මාත් ගිහිං තියෙනවා.. කවුරු කරනවා වුනත් ඒක හොඳ වැඩක් නම් තමා..

    වික්ටර් රත්නායකයන්ගේ සිංදුත් ඒ වගේ වෙනම අඩවියක දාන්න අදහසකුත් තියෙනවා.. බලමු වෙලාවක් ලැබුනොත්...

    ReplyDelete