Sunday, February 17, 2013

වික්ටර් රත්නායකයන් ට සුභ උපන්දිනයක් වේවා...!

1942 පෙබරවාරී 18 වෙනිදා කඩුගන්නාවට නුදුරු කුඩා ගමක උපත ලද "වික්ටර් රත්නායකයන්" , 1973  ජූලි 20 වැනි දින කොළඹ ලුම්බිනි රඟහලෙන් ආරම්භ කල "" නම් තම ඒක පුද්ගල සංගීත ප්‍රසංගයෙන් ශ්‍රී ලංකා සංගීත ලෝලීන්ගේ සිත් අමානන්දනයට පත් කලා යැයි කීවොත් එය අතිශෝක්තියක් නොවනු බව මා මෙන්ම ඔබ ද පිළිගනු ඇත. මෙසේ අලංකාර ගී විශාල සංඛ්‍යාවක් වික්ටර් රත්නායකයන් තමන්ගේම සංගීතයෙන් හැඩ ගන්වා තමා විසින්ම ගායනා කරන ලද අතර, එසේ අලංකාර වින්දනාත්මක ගී ඔහු හරහා අපේ දෙසවන් සැරසීමට ඔහුට ඉඩහසර ලැබෙන්නේ "ප්‍රේමකීර්ති ද අල්විස්, මහාචාර්‍ය සුනිල් ආරියරත්න, කේ.ඩී.කේ. ධර්මවර්ධන, බණ්ඩාර ‍කේ. විජේතුංග, ඇතුලු තවත් විශිෂ්ඨ ගනයේ ගීපද රචකයන්ගෙන් ලද විශිෂ්ඨ ගීපද රචනා නිසා බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.

http://en.wikipedia.org/wiki/File:Victor_Ratnayaka_Performing_In_His_Sa_Prasangaya-1.jpg

වර්තමානය වන විට විවිධ ශ්‍රව්‍ය, ද්‍රෘශ්‍ය, විද්‍යුත්, මාධ්‍ය බිහි වී ඇති අතර ඒ තුලින් බලහත්කාරයෙන් විවිධ ගීත අප හට අස්සවන අතර ඒවායින් බොහෝමයක ඇත්තේ කිසි ගැලපීමක් නොමැති වදන් කිහිපයක් මා මෙන්ම බව ඔබ ද දන්නා බැව් මා දනී. ඇතැම් ගීත ඇසීමෙන් අනතුරුව අප හිස් අභ්‍යන්තරයෙන් භ්‍රමනය වීමට ප‍ටංගන්නේ ඒවායේ ඇති ඝෝෂාකාරී සංගීතය නිසා ය. එවැනි අවස්ථාවන් වලට ඔබ ද මුහුණ දී ඇතුවාට සැකයක් නැත. එනමුත් එවැනි ගී අතර රසවත් ගිත නැතුවාම නොවේ. නමුත් වැඩිපුර ඇත්තේ කිසි තේරුමක් නැති ගීත ය.

අද බිහි වන බොහෝමයක් ගීත ඉහත ආකාරයේ නිසා ඒවා කෙරෙහි මාගේ ඇති ප්‍රියතාවය ඉතා අඩු අතර 70 - 80 දශකයන් වල ගීත වලට මා රුචි කරනා අතර ඒවා අතුරෙන් "වික්ටර් රත්නායකයන්ගේ" ගීත වලට විශේෂ කැමැත්තක් දක්වනු ලැබේ. ඒ නිසාම "වික්ටර් රත්නායකයන්ගේ" ගීත එකතු කිරීම මාගේ එක් විනෝදාංශයක් බවට පත් වී ඇත. මේ සඳහා විවිධ ක්‍රම භාවිතා කරන අතර වැඩි පුර සිදු වන්නේ අන්තර් ජාලය හරහා බා ගත කිරීම යි. බොහෝ දුරට සිදු වන්නේ ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් යන ගීතයන් සහන් කරගෙන ගූගල් හරහා බා ගත කරගැනීමයි. එසේ නොමැති නම් රූපවාහිනියෙන් හෝ ගුවන්විදුලියෙන් විකාශනය වන විට කෙලින්ම ජංගම දුරකථනයෙන් පටිගත කරගැනීමයි. මෙසේ පටිගත කරගත් ගීත ස්වල්ප ප්‍රමාණයක් මා සතුව ඇති අතර ඇතැම් විට ඒවා හොඳ තත්ත්වයේ නොවන්නේ ගීතය විකාශනය වන විට ‍ඇතිවන වෙනත් ශබ්ද ද පටිගත වී තිබීම නිසා ය.

මා සතුව ඇති ගීත අතුරෙන් ඉතා අගනා ගීත තුනක් පද රචනා ද සමඟින් මෙසේ ඉදිරිපත් කරනු ලබන්නේ හෙ‍ට දිනයේ දී එනම් පෙබරවාරි 18 දිනයේ දී යෙදී ඇති එතුමන් ගේ 71 වැනි ජන්ම දිනය වෙනු වෙනි.

මෙතුමන් සංගීතය සපයා ඇති චිත්‍රපට ද කිහිපයක් ඇති අතර පහත ගීතය අයත් වන්නේ "වජිරා" නම් චිත්‍රපටයට යි. මෙහි ගී පද රචකයා‍ගේ නම මා නොදන්නා අතර සංගීතය හා ගයනය යන දෙකම වික්ටර් රත්නායකයන් සතු වේ. මේ ගීතය මා පටිගත කරගනු ලැබුවේ රූපවාහිනියේ යන අතරතුර නිසා එහි ගුණාත්මක බව පිළිබඳව සමාව ඉල්ලා සිටිමි.

කඳුළු අකුරු පෙළ 
කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍‍ඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුන ගීතය අසා පුරුද් සුළ‍ඟේ...

තරණය නොකලැකි ඇගේ ඉසවුවේ
බැඳ ඇත ප්‍රාකාරේ
කඳ්‍රළින් ලීවෙමි සෝකී ගීතේ
විරහ වේදනාවේ..

ගවුවෙන් ගවුවට වෙන් වන්නට දෝ
අප මාළිග තැනුවේ
ගවුවක් ඈතින් ඔබ සිටියත් නෑ
මතක සිහින මැකුනේ..



මෙම ගීත දෙක ම මා හට අහම්බෙන් ලැබුනු අතර මේ දෙකෙහි ද ගී පද රචකයන් ගැන මෙන්ම සංගීතය අධ්‍යක්ෂක වරුන් ගැන මා හට දැණිමක් නොමැත.

ඔබ වගේ කෙනෙක් 
ඔබ වගේ කෙනෙක් තව ඇත්නම්
ඒ ඔබම තමයි මේ ලෝකේ
සඳ වගේ සඳක් තව ඇත්නම්
ඒ මගේ සඳයි සිත් අහසේ...

සරස සරස මම ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි...

ඔබ හිනාවකට සුදු මුතු මල් දම්
මේ ළයේ පහන් දැල්වෙන අන්දම්
ඔබ මගේ කියා මට හිතෙනව නම්
ඒතරම් සැපක් මට නෑ ආයේ...

සනස සනස සිත මම ඉන්නම්
සිහින සිහින මැද සරනව නම්...

රන් රූපෙන් ගලනා විට සඳකැන්
මේ රැයේ කොහොම ඉන්නද නොදනිම්
මා ඔබෙයි කියා ඔබ සිතනව නම්
මේ තරම් දුරස් වී ඇයි ඉන්නේ...

පැටළි පැටළි ඔබ ළඟ ඉන්නම්
නැළවි නැළවි ඔබ නළවන්නම්...



සූරිය දෙනුවන්
සූරිය දෙනුවන් පුබුදින අළුයම
නිදිකුම්බා වැල නිදිගන්වා
පෙරදා අප දුටු සිහින නෙළන්නට
එන්න දේවිකා පියා සලා...

මිහිදුම් සළුවෙන් දෑස මුවා කොට
පිණි කඳුළැල් මඟ දිග රන්දා
සැමරුම් විජිතය සොයා ඉගිල යමු
එන්න දේවිකා සිනා සලා...

නිදිකුම්බා වැල දෑස හරින තුරු
අතීත හෙවණැළි ළඟට වෙලා
අපේම ආදර ලොවක හිනා වෙමු
හද ජීවිතයෙන් ඈත් වෙලා...


ඉඳින් "වික්ටර් රත්නායකයන්නෙණී" ඔබට සුභ උපන්දිනයක් වේවා....

15 comments:

  1. එකයි තුනයි ඇහුවේ සොරෝ දුන්නු ඔත්තු හරහා - කලින් අහල තිබුනේ නෑ - ඉස්තූතියි ඈ
    දෙවැනි එකනම් ප්‍රියතම එකක්
    උන්නැහෙට දීර්ඝායු පතන්ට මමත් එක්කහු වුණා එහෙමනම්

    ReplyDelete
    Replies
    1. තිස්සයියා වගේ සිංදු ගබඩාවක් ළඟත් නැති සිංදු මගේ ළඟ තියෙනවා කිවුවම මාර ෆිට් එකක් දැනුනේ... :D

      Delete
  2. පෙම්බර මදූ/සදකැන් වැටිලා/නීල බිගු කැල/අශා නිරාශා/ඔබ නොදැක ඉන්න බැරි තරමට/

    මේ ටික තමයි එක දිගට මතක් වුනේ.. තව තිබේ !

    එතුමාට සුභ උපන්දිනයක් !

    * තමන්ව මේ තැනට ගෙනාපු ප්‍රෙමකීර්ති මහතා ගැන තවමත් ගුණ වයන වික්ටර් නම් කෙලෙහි ගුණ දත්තෙක් !

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව තමන්ට කතෲත්ත්වය අයිති නැති හැම සිංදුවක්ම ආරම්භයේදී ඒ ගැන සඳහන් කරනවා..

      Delete
  3. සෝරෝ කදිම ලිපියක් සිංහල ගීතයේ කඩ ඉමක් සනිටුහන් කළ මේ යුග පුරුෂයාට මගේනුත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි නලීන්..

      Delete
  4. අහල තිබණෙ නෑනෙ... ඔය පළවෙනි සින්දුවට අදාල ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එක 3gp වෙන්ට ඕන නේද?
    වික්ටර්ගෙ සින්දු සීයකට වඩා තියෙන කලෙක්ෂන් එකක් මංගාව තිබුණා. අර ඒ දවස්වල පේමන්ට් එකේ රු. 100ට එම්පී3 විකුණන්න තිබුණ දවස්වල ගත්තු එකක්!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මටත් ඒ එක්ස්ටෙන්ෂන් එක ගැන අවුලක් තියෙනවා. ඒත් අවුලක් නැතුව සිංදුව අහන්න පුළුවන් නිසා වැඩිය හිතන්නෑ ඒ ගැන

      මගේ ළඟත් තියෙනවා ඒ සිංදු 100 සීඩී එක..

      Delete
  5. පෙම්බර මදූ... මම ආසම සින්දුව!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. වික්ටර් රත්නායක කියන්නේ.... අනේ මන්දා.... මගේ ජීවිතේ මම අහපු මට වැඩියෙන්ම හිතට දැනුන කටහඬ. ඒ නිසයි දෙතු පාරක්ම කට්ට කාලා ඉවර වෙන්න කලින් ටිකට් හොයාගන ඒ කටහඬ සජීවීව ඇහුවේ. වටිනා පෝස්ට් එකක්. ජය....!

    ReplyDelete
    Replies
    1. මමත් ඇහුවා වෙනියයියා චෑන්ස් එකක් අරං දීලා..

      Delete
  7. godak sthoothiy machan..
    asawen baluwa...
    good work..

    ReplyDelete