Sunday, December 30, 2012

ෆේස් බුක් සහ අපි...

සර 2012 ගෙවිලා අලුත් අවුරුද්දක් ලබන්න තව තියෙන්නේ දවස් දෙක තුනකි. 21 වෙනි සියවසේ දිවි ගෙවන අප සතු විද්‍යා බොහෝ දියුණු වී තිබෙන තරම කෙසේ වේද යත් එතුලින් කල නොහැකි දේ ඇත්තේ අතලොස්සක් පමණක් බව වැටහෙන්නේ දිනෙන් දින දෙසවන් වැකෙන පුවත් නිසාවෙනි. එසේ වුවත්  නවීන තාක්ෂණ ලෝකයේම සිට ඇතැම් අය තවමත් කරන්නේ ගෝත්රික යුග වල සිටි කාලයන්හි දී සිදු කළා වූ දේයට වඩා අන්ත දේ බව මා මෙන්නම ඔබ හොඳකාරවම දන්නා කරුණක් වේ. 

තාක්ෂණය උපරිම ලෙස භාවිතා වන ලෝකයක ජීවත් වන අපි අද අසල්වැසියන් සමඟ පවා සංවාදයේ යෙදෙන්නේ ස්කයිප් හරහා වන අතර නෑදෑ හිතමිතුරන්ගේ පින්තූර බලන්න ගොඩ වන්නේ ඔවුන්ගේ නිවෙසට නොව ෆේස් බුක් එක වෙතටය. ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණු වුවත් මෙවැනි දේ නිසා  අපගේ සබඳතා දුරස් වන බව ඇතැම් විටෙක මට සිතෙන අතර මොහොතක් කල්පනා කලහොත් ඔබට එය  එසේ සිතෙනු නොඅනුමානයි.

එසේම මෙවැනි සමාජශීලි ‍වෙබ් අඩවි නිසා සිදුවන නොයෙකුත් අකටයුතුකම් දිනෙන් දින වැඩි වීමක් ද මේ වන විට දක්නට ලැබේ. නමුත් එය ‍එසේ වීමට පූර්ණ වශයෙන් වගකිව යුත්තේ මෙවැනි වෙබ් අඩවි නොවන අතර එසේ වීමට ප්‍රබල හේතුවක් ලෙස මා දකින්නේ, එම තාක්ෂණයට මුහුණ දෙන අයගේ ඇති නොදැණුවත් භාවය යි.  එහෙත් ස්වයං  හික්මීමක් සහ ස්වයං පාලනයක් ඇති ඕනෑම කෙනෙකුට ද එවැනි අකටයුතුකම් වලට හසු නොවී සිටිය හැකි වනු ඇත.

වර්ථමානය වන විට අනෙකුත් සමජශීලී වෙබ් අඩවි අභිබවා ෆේස් බුක් අඩවිය වැඩි ග්‍රාහක පිරිසක් අත්පත් කරගෙන ඇති අතර  ෆෙ‍්ස් බුක් ජාලයේ පිටුවක් නැති තරුණය තරුණියන් මෙන්ම වැඩැහිටියන් ද නැති තරම් වේ. එසේම අද වනවිට ලෝකයේ ඇති ව්‍යාපාරික ආයතන වලින් බොහෝ ප්‍රමාණයක් තමන්ගේ අලෙවිය වැඩි කරගැනීමේ ප්‍රචාරණ මාධ්‍යක් ලෙස ද යොදාගන්නේ ද ෆේස් බුක් අඩවිය යි. එමඟින් තම ඉලක්ක සපුරා ගැනීමට ඔවුන්ට හැකි වීම තාක්ෂණයේ යහපත් ප්‍රථිපලයක් වුවත් එසේ එම ආයතන මගින් ඉදිරිපත් කරන සියළුම දේ වැළඳ නොගෙන තමාට ගැලපෙන දේ පමණක් තමා වෙත ළං කරගැනීම තමන් සතු දෙයකි, මා කලින් කී ස්වයං  හික්මීම සහ ස්වයං පාලනය ඇති කරගැනීම අවශ්‍ය වන්නේ එවිට ය.

එපමණක් නොව මේ මොහොත වන විට ඇතැම් අය සහ සංවිධාන තමන්ගේ මතයන් ජනතාව අතරට ගෙන යෑම සඳහා බහුලව බාවිතා කරන මාධ්‍යක් ලෙස ෆේස් බුක් සමාජ ජාලය දැක් විය හැක.  දේශපාලන සංවිධාන, ආගමික සංවිධාන, වෙනත් සමාජ සංවිධාන, මේ අතරින් කෑපී පෙනේ.

‍අද වන විට, ඇතැම් අන්තවාදී ආගමික කණ්ඩායම් මඟින් තම වාසිය තකා, අනෙකුත් ආගම් වලට විරුද්ධ ව කටයුතු කිරීම විශාල ගැටලුවක් වී ඇති අය මා මෙන්ම, තවත් සිටින බව ඔවුන්ගේ හැසිරීම් වලින් පෙනී යන අතර, එවන් කණ්ඩායම් වල පහත් ක්‍රියාකාරකම් වලට සහාය නොදක්වා සිටීම ඔවුන් ප්‍රථික්ෂේප කිරීමක් සේ මා සලකයි. එ නමුත් බොහෝ අය මෙවන් දේ වැළඳ ගැනීම සිදු කරන්නේ ඔවුන් එසේ කිරීමට හේතුව වත් නොදැන  හැඟී යයි.

ඉහත කරුණු බලන විට, වර්ථමානයේ දී ලෝකය කොතෙක් දුරට දියුණු වුව ද ඇතැම් අය තවමත් ක්‍රියා කරන්නේ ගෝත්‍රික මානසික මට්ටමක හිඳගෙන බව ඔබට ද හැඟී යනු ඇතැයි සිතමි.

29 comments:

  1. හප්පා.. ෆෙස්බුක්...... වාතයක් බං... අර මෙහෙම නම් ලයික් කරන්න, මෙහෙම නම් ෂෙයාර් කරන්න කියලා දානකොට නම් මොන විකාරයක්ද කියලා හිතෙනවා....

    ( අනේ උඹේ ප්‍රොෆෙෂනල්... හි හි)

    ReplyDelete
    Replies
    1. මට නම් එවුං එපා වෙලා තියෙන්නේ...

      ඇයි මං ප්‍රොෆෙෂනල් නැද්ද.... :D

      Delete
  2. මේකේ නම් මොකක්දෝ මෙව්වා එකක් තියනවා ලිව්ව විදිහේ ..............

    ReplyDelete
  3. මම මේ කාලයේ දැකපු වටිනාම ලියවිල්ලක් මල්ලි මේක.
    අර දන් ගියොත් කතරගම නැත්නම් අතරමග කතාවමයි මේ කියන සමාජ ජාලා භාවිතා කරන බොහෝ අයට වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අතේ දුරිං තියාගන්නෝන....

      Delete
  4. තාක්ෂණය කොපමණ දියුණු වුණත් නැතත් කුප්පයෝ කුප්පකම නවත්තන්නේ නෑ. ආ ඒ වගේම තමා අද ෆුල් ප්‍රොෙෆෂනල් ඈ...ජය වේවා

    ReplyDelete
  5. තාක්ෂණයේ තියන දියුණුවයි මිනිස්සුන්ගෙ අදහස් උදහස් වල තියන වෙනස්වීමයි එකට යන දෙයක් නෙවේ. උදාහරණයක් විදියට 70දි ඉන්ටනෙට් තිබුනෙ නෑ. ඒත් අන්තවාදීන් හිටිය. දැන් ඉන්ටනෙට් තියනව. අන්තවාදීනුත් ඉන්නව‍. මේකෙ අනිවාර්ය ප්‍රතිඵලය තමයි ඉන්ටනෙට් එක තුලින් අන්තවාදය පැතිරීම. ක්‍රෙඩිට් කාඩ් පැමිණීම නිසා "මුදල්" හොරකම් අඩුවුනාට "හොරකම" නවතිනවද? නෑ ක්‍රෙඩිට් කාඩ් එකෙන් වංචා කරන්නන් බිහිවෙනව. නවත්වන්න පුළුවන් දෙයක් නෙවේ. වෙනත් ඕනම ක්ශේත්‍රයක් ගත්තත් සිද්ධ වෙන්නෙ එහෙමයි. මේව එකසැරේ නවතින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //උදාහරණයක් විදියට 70දි ඉන්ටනෙට් තිබුනෙ නෑ. ඒත් අන්තවාදීන් හිටිය. දැන් ඉන්ටනෙට් තියනව. අන්තවාදීනුත් ඉන්නව‍. මේකෙ අනිවාර්ය ප්‍රතිඵලය තමයි ඉන්ටනෙට් එක තුලින් අන්තවාදය පැතිරීම//

      Nice Point

      Delete
    2. අද ඉන්නේ වාසි අතට හැරෙන අය නේ ද...

      Delete
  6. අන්තවාදි ආගමික කන්ඩායම් නැහැ..එකම මිනිස්සුන්ගේග අන්තවාදි නිලීන ජාන කුලප්පු වෙලා...

    ReplyDelete
    Replies
    1. ආ.. එහෙම සීන් එකක් ද...

      Delete
  7. ෆේස්බුක් ලටපට ලෝකයක් ඔලුව රදේ හැදෙන

    ReplyDelete
  8. මට ෆේස් බුක් නැත්තේ ඕකනේ ...

    ReplyDelete
  9. ෆේස්බුක් එකත් හරියට පිහියක් වගේ තමා පාන් කපන්න ගන්නත් පුලුවන් බෙලි කපන්නත් ගන්න පුලුවන් :)

    ReplyDelete
  10. අපි හරියට පාවිච්චි කලත් පාවිච්චි කරන්න දන්නෙ නැති උන් නිසා අපිටත් නිවනක් නිදහසක් නෑ!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මටත් තියෙන අවුල....

      Delete
  11. Ela ban..ammapa eththa..me muslim ewunta banina ewwa share jarana ewunta ammapa muslim yaluwo bedda danne ne..ekko share if u luv ur mum...shere if u luv ur sister..share if u have this..blah blah blah..mona kunuhabbada ban me..facebook weerayo witharai..real life eke mun nikan wela kapu rilaw wage..shik..

    ReplyDelete
    Replies
    1. යතුරු පුවරු වීරයෝ කියලා තමා පිස්සා කියන්නේ.... :D

      Delete
  12. ඕනම දෙයක් හොඳ විදියට වගේම නරක විදියටත් යොදාගන්න පුලුවංනෙ.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ වැඩි දෙනෙක් යොදාගන්නේ නරක විදියට නේ...

      Delete
  13. ඉස්සර නම් මූනු පොතේමයි හිටියේ දැන් නම් සෑහෙන අඩුවෙන් තමා යැවෙන්නේ. මල ඇණයක් වෙලා ඒක

    ReplyDelete
  14. මාත් ගොඩ දුරට බුකියෙන් ඈත් වුනා.

    ReplyDelete