Sunday, November 11, 2012

ලෝකෙන්ම උතුම් රටේ...

ටක් සංවර්ධනය වෙන්නේ ඒ රටේ කා(ර්)පට් පාරවල් වැඩි වුනා කියල වත්, උස ගොඩනැගිලි තිබුනා කියල වත්, ත්‍රස්තවාදීන් පරාජය කලා කියල වත් නෙවෙයි. සංවර්ධනය කියන්නේ ඊට වඩා පුළුල් දෙයක් කියලා අපේ රටේ තියෙන හාල්පාරු ආන්ඩුවේ ඉන්න ඇමතියොන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන්න  නම් මම දන්නේ නෑ.
හැබැයි ඕනම මෝඩයෙකුට තේරෙනවා සංවර්ධනය කියන්නේ මේවා නෙවෙයි කියලා. පන්සලක විහාරගේට මුල්ගල තියන උත්සවයකට, ඉස්කෝලෙක සහතික ප්‍රදානෝත්සවයකට, විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට ගියත් අපේ රටේ ඇමතියෝ දන්නේ "අපි යුද්දේ දින්නා, අධිවේගී පාරවල් හැදුවා, හෙට අනිද්දා වෙනකොට කොළඹ නගරයේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඇතිලු තට්ටු 40 - 50 ගොඩනැගිලි ඉදිවෙනවා, ඉතිං අපේ රටත් දැං සංවර්ධිතයි" කිය කිය බොරු පුරාජේරු කියවන්න විතරයි. එහෙම මනෝ විකාරෙන් කියවන අය දන්නේ නෑ එයාලා ඒ කියන දේවල් නිසා එයාලම පිරිහිලා යනවා කියලා.

මෙච්චර කාලයක් මේ දේවල් ගැන උදාසීනව බලං හිටියත් අද මට මෙහෙම ලිපියක් දාන්න හිතුනේ ඊයේ මට වුන සිද්ධියක් නිසා. මේ සිද්ධියම මීට කලිං එක දවසකුත් මට සිද්ද වුනා. මට අමතරව මේ වගේ චාටර් සිද්ධි ගොඩ දෙනෙකුට වෙලා ඇති කියලා මට ඒ වෙලාවේ හිතුනා. 

ගෙහාන් නොහොත් කෝච්චියා නිසා අහම්බෙන් මගේ විනෝදාංශයක් වුන රේල් පාර දිගේ ඇවිදං යන එකේ අලුත්ම චාරිකාව ගියේ පහුගිය සිකුරාදා (09) වෙනිදා රෑ බදුලු තැපැල් දුම්රියේ ගිහිං ඊයේ (10) පොඩි මැණිකේ එක්ක ආපු එක. ගමනට සහභාගි වුනේ ගෙහාන්, ප්‍රියන්ත අයියා ඇතුලු තවත් කෝච්චි පිස්සෝ කීප දෙනෙක්. පොඩි මැණිකේ කොළඹ එද්දී රෑ වෙන නිසා එදාම ගෙදර යන්නේ නැතුව පානදුරේ මාමලාගේ ගෙදර යන්න ප්ලෑන් කරපු නිසා කොළඹට ටිකට් ගන්නේ නැතුව කෙලින්ම පානදුරේට ටිකට් අරං කොළඹදී, පොඩි මැණිකේ ගෙන් රාත්‍රී ගාලු තැපැල් දුම්රියට ගොඩ වුනේ ගමං මහන්සියත්, නිදිමතත් නිසා ඉක්මනට ගෙදර ගිහිං නිදාගන්න හිතාගෙන. 

රෑ 7.30 ගමන් ආරම්බ කරන්න තියෙන ගාලු තැපැල් දුම්රිය විනාඩි 15ක් පරක්කු වෙලා ඇද්දුවත් මඟදි හයියෙන් ගිහිං පානදුරට යද්දී 8.40 විතර වුනා. ටිකක් රෑ වුන නිසා ඉක්මනං ගමනින් ස්ටෑන්ඩ් එකට ගියේ බස් එකේ නැගලා ඉක්මනට ගෙදර යන්න හිතාගෙන.

ඒත් ස්ටෑන්ඩ් එකට ගිහිං බලද්දී බස් එක ගිහිං. එතන හිටපු කෙනෙකුට කිට්ටු කරලා අහලා බලද්දී බස් එක ගිහිං හරියටම විනාඩි 5 වෙනවා කිවුවා. ඒක ඇහුවා විතරයි මගේ පපුව හෝස් ගාලා පත්තු වුනා. :( ඇයි ඉතිං ඊළඟ බස් එක එන්නේ තව පැයකින් නිසා. මම ගිහිං ටික වෙලාවකින් තවත කට්ටිය ටික ටික එන්න ගත්තා ස්ටෑන්ඩ් එකට, අහලා බලද්දී එයාලත් මම වගේ කෝච්චියේ ආපු අය. 

කරන්න දෙයක් නැති නිසා එතනට වෙලා නිකං ඔහේ වට පිට බලද්දී මට නිකමට කල්පනා වුනේ මම ගේම මේ චාටර් සීන් එකට මූන දීපු අය කොච්චර නම් ඉන්නවද කියලා. මම යන බස් එකේම නොගියත් ඒ ගොඩක් දෙනාට යන්න බස් තිබුනේ නෑ. ඒ අයගෙත් බස් එක ගිහිං වැඩි වෙලාවක් නෑ, එහෙම නැත්තං අන්තිම බස් එක එන්න තව සෑහෙන වෙලාවක් බලං ඉන්න වෙනවා.

එකම අමාත්‍යංශයක තියෙන තියෙන ආයතන දෙකක අභ්‍යන්තර සන්නිවේදනය මේ තරං දුර්වලයි නම් ඒ රට සංවර්ධනය වෙන්නේ කොහොම ද...? අනිත් එක භෞතික දේවල් කොච්චර සංවර්ධනය වුනත් වැඩක් නෑ මිනිස්සුන්ගේ ආකල්ප වල සංවර්ධනයක් නැත්තං. 

සාමාණ්‍යයෙන් දුම්රියක් ඒ ඒ ස්ටේෂන් එකට ළඟාවෙන වෙන වෙලාවල් දුම්රිය ස්ථාන වල ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කර තිබෙන නිසාත්, ඒ දුම්රියන් විශේෂ හේතුවක් නැත්තං නිති පතා ධාවනය වන නිසාත්, හැමෝටම ඒ දුම්රියන් වලින් තමන්ගේ ගමනාන්තයට ළඟා වෙන්න බැරි නිසාත්, එසේ බැරි අය බොහෝ දුරට ඉතිරිය සඳහා භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවා නිසාත්, ඇයි මේ බස් කාලසටහන් වල පොඩි නම්‍යශීලී බවක් දක්වන්න බැරි..? අනිත් වෙලාවට කෙසේ වෙතත් රාත්‍රී බස් රථ නම් අනිවාර්‍යයෙන්ම පොඩ්ඩක් හරි නම්‍යශීලි වෙන්න ඕන කියලයි මම නම් හිතන්නේ. 

මේ හා සමාන සිද්ධි තවත් ඕන තරම් ඇති. ඒක නිසා කටිං බතල කොල ඉන්දන්නේ නැතුව ඒ ඒ දේවල් හරියාකාරව සිදු කරනවා නම් ශ්‍රී ලංකාව කොච්චර හොඳ රටක් වේවිද..?

22 comments:

  1. හැබැයි මචෝ ප්‍රයිවට් බස් වල ඩ්‍රැයිවර්ලානං කෝච්චිය එන වෙලාව ගැන හරිම උනන්දුයි. අත් දැකීමෙන් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. රෑට තියෙන ප්‍රයිවට් බස් ඉතා සීමිතයි නේ.

      Delete
  2. ඒක බස් ඒකක් ගියාම ඊලග බස් ඒක ඉක්මනට ම ඒන්ෙන් නෑෙන . බස් ඒක යන්ෙන් කාල සටහනකට ෙන් ඔයාෙග් ෙවලාවට යයිද . ඔයා සංවර්ධනය කියන්ෙන් බස් ඒක ෙවලාවට යන ඒකට ද

    ReplyDelete
    Replies
    1. මම කියල තියෙන දේ හොඳට කියවලා බලන්න. ඔයා අදහස් කරපු දෙයක් මගේ පෝස්ට් එකේ නෑ.. ඔයාගේ කමෙන්ට් එක දැක්කම තේරෙනවා අනිවා ආකල්ප සංවර්ධනයක් අවශ්‍යයි කියලා... :D

      Delete
    2. ප්‍රවාහනය රටක සංවර්ධනය මනින එක සාධකයක් ! , අනික කෝච්චියේ ආපු උන්ට ඉතුරු ටික යන්න ක්‍රමයක් නැත්නම් ඒ වෙලාවට කෝච්චියක් එන්නේ මොකටද ? කට්ටිය ස්ටේශන් එකේද බුදිය ගන්න ඕනි . ලංකාවේ දුම්‍රිය ස්ථාන කියක නියමිත පහසුකම් තියන වේටින් රූම් තියනවද ?

      Delete
    3. දෙතුන් පාරක් මේ අත්දැකීමට මුහුණ දුන්නනං තේරෙයි මේ කියන්නෙ මොකක්ද කියලා :D

      Delete
  3. හුඟ කාලෙකින් පස්සේ මේ පැත්තට ආවේ. මොනා වුනත් නියම ට්‍රිප් එකක් වගේ ගිහිල්ල තියෙන්නේ සෙට් එක. ඔන්න ඊළඟ එකටනම් අනිවා සෙට් වෙනවා

    ReplyDelete
    Replies
    1. එළ එළ.. තාම මේක ගියා විතර නොවෑ... :D

      Delete
  4. ලංකාවේ මූලිකව හැදෙන්න ඕනි දේවල් වලින් එකක් ප්‍රවාහනය , සංවර්ධිත රටක් කියන්නේ හැම කෙනාම කාරේකේ වැඩට යන රට නෙවේය , හැමෝමටම කාර් තිබුනත් පොදු ප්‍රවාහන සේවයක වැඩට යන රටය කියල කොහේ හෝ කියමනක් දැක්කා මතකයි .

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණෙන්ම එකඟයි.. ප්‍රවාහන අමාත්‍යංශය යටතේ තියෙන ආයතන දෙකක අන්තර් සම්භන්ධතාව මෙහෙම නම් අමාත්‍යංශ අතර ගැටළු තිබීම ගැන කවර කතා ද..

      Delete
    2. //සංවර්ධිත රටක් කියන්නේ හැම කෙනාම කාරේකේ වැඩට යන රට නෙවේය , හැමෝමටම කාර් තිබුනත් පොදු ප්‍රවාහන සේවයක වැඩට යන රටය//
      නියම කියමන!

      Delete
  5. මම දන්නා තරමින් බස් හා දුම්රිය කාලසටහන් හදන්නේ ඊගාවට කනෙක්සන් එක බලලා. මේක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම වෙන දෙයක්.
    ඒත් ඉතින් අපිට තියෙන ප්‍රශ්න තේරුම් ගන්න අපේ ඇමතිලා බස් වා කොච්චියේ යනව‍යැ....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලංකාවේත් හදලා තියෙන්නේ එහෙම වෙන්නැති. ඒත් කෝච්චි ප්‍රමාද වීමට සාපේක්ෂව ඒ කෝච්චි වලට තියෙන කනෙක්ෂන් බස් එක නම්‍යශීලී නෑ..

      Delete
  6. කොහේදෝ රටක නගරාධිපති කෙනෙක් කියල තිබුන '' සංවර්ධනය කියන්නේ දුප්පතුන් කාර් වලින් යන එක නෙමේ පෝසතුන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන එකය '' කියල .

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත වෙන්නෝන.

      Delete
  7. සංවර්ධනය මනින්න තියන එක සාධකයක් තමයි ප්‍රවාහන සේවය කොතරම් දියුණුද යනවග. ඒත් ලංකාවෙ තත්වය යහපත් නෑ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මොන තත්ත්වෙද බං යහපත්.......

      Delete
  8. ඉතින් ලම්බෝගිනි එකක් ගනින්කෝ දැන් බදු අඩු කරලා තියෙන්නේ සංවර්ධනය නිසා තමා.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු දැං එච්චරයි නේ බං අඩු ලංකාවෙ අයට..... :D

      Delete
  9. රටේ ඉහළ තැන ඉදන් පහළට යනකම්ම විනයක් නැහැ. විනයක් නැති තැන ලොකු ලොක්කන්ගේ වර්ධනයක් මිසක් රටේ සංවර්ධනයක් නම් වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඕව හරියන්න නම් තව සෑහෙන්න කාලයක් යයි...

      Delete
  10. ඔය කේස් එක ඉස්සර පාදුක්කේ තිබ්බා... මොකද මාත් ගියේ කෝච්චියෙමනේ... පස්සේ පාදුක්කෙන් බැහැලා ඉංගිරියට යන අයට සිටීබී එකක් දැම්මා කෝච්චිය එන වෙලාවට.. හෝමගම ඩිපෝ එකේ බස්.. ප්‍රයිවට් බස් එකකුත් තියෙනවා.. කෝච්චිය ටිකක් පරක්කු උණත් බස් එක යන්නේ නෑ.. ඉතිං කට්ටිය දුවලා ගිහින් ඒ බස් එකට නඟිනවා සීට් අල්ලගන්න.. කෝච්චිය පිටත් වෙලා විනාඩි ගානකින් බස් එකත් යනවා... ඉතිං අපි එයාලට කලින් බහින්න දෙනවා හැමදාම.. හි හි.. ( ඉස්සර පාදුක්කේ බස් හෝල්ට් එකයි ස්ටේෂන් එකයි තිබ්බේ එක ළඟ.. ළඟදි නම් පොඩ්ඩක් වෙනස් කරලා.. )

    ReplyDelete