Friday, June 8, 2012

එපා.... එපා.... විකෘති කරන්න එපා.......!!

මිනිස් ඉතිහාසයේ මුල් කාල වල මිනිසා‍ගේ අවශ්‍යතා ඉතාමත් සීමිත ප්‍රමාණයක් වූ අතර තමාට අවශ්‍ය එම සීමිත අවශ්‍යතා තමා විසින්ම සපයාගන්නා (නිශ්පාදනය කරගන්නා) ලදී. නමුත් කල් යාමේදී ඔවුන් සතු අවශ්‍යතා එම සීමිත බවෙන් ඔබ්බට යාමට පටං ගත් අතර මේ නීසා තමාට අවශ්‍ය සියළුම භාන්ඩ තමාටම නිෂ්පාදනය කිරීම අපහසු කාර්‍යක් විය.


https://sites.google.com/site/kerolisomaiyacommerce/barter-system

මේ නිසා, තමාට විශේෂ හැකියාවක් ඇති තම පරිසය අනුව පහසු භාණ්ඩ පමණක් නිපදවීමට මිනිසා නැඹුරු වූ අතර එම භාණ්ඩ අතිරික්ත වශයෙන් නිපදවා තමාට හිඟ භාණ්ඩ සමඟ ඒවා හුවමාරු කර ගැනීමට පටංගෙන ඇත. (Barter System) වෙළඳාමේ මූලික අවධිය මෙය වූ අතර කල් යාමේ දී මෙසේ භාණ්ඩ හුවමාරුවේ දුශ්කරතා පැන නැඟුනේ එසේ හුවමාරු කරන භාණ්ඩ වල වටිනාකම් එකිනෙක නොගැලපීමයි. එම නිසා මෙම දුශ්කරතාවය මඟහැරවා ගැනීමට යම් මාධ්‍යක අවශ්‍යතාව දැනෙන්නට පටංගෙන ඇත.

http://www.dvorak.org/blog/2010/07/20/mid-michigan-residents-issue-their-own-money/

මේ හේතුව නිසා විවිධ ද්‍රව්‍ය මුදල් ලෙස අතීතයේ භාවිතා වූ අතර සිප්පි කටු, කළු ගල් කැබලි, තිරිවානා ගල්, වැනි දෑ මූලික වශයෙන භාවිතා වී ඇත. කල් යාමේදී තවත් ගැටළුවක් පැන නැඟුනේ ඇතැම් ප්‍රදේශ වල ඉහත ද්‍රව්‍ය බහුලව තිබීම නිසා එම ප්‍රදේශ වල ජීවත් වන මිනිසුන්ට වාසිදායක වීමත් අනෙකුත් අයට අවාසි දායක වීමත් නිසාය. මෙහිදී මෙම ගැටළුවට පිළියමක් ලෙස එකල රජ තුමා විසින් තම යටත් වැසියන්ට මුදලක් හඳුන්වා දෙන ලදී. 

http://midasgoldentouch.blogspot.com/2011/05/islamic-dinar-and-dirham.html

මෙහිදී මෙලෙස හඳුන්වාදුන් මුදල් වල අභ්‍යන්තර වටිනාකමක් තිබුන අතර කල් යාමේදී මෙම මුදල් ද අසාර්ථක වූයේ එසේ අභ්‍යන්තර වටිනාකමක් සහිත වීම නිසාය. එයට හේතුව වන්නේ මෙම මුදල් වලට සොර සතුරු උපද්‍රව අධික වීමයි. මේ හේතුව නිසා පසුව මුහුණත වටිනාකමක් පමණක් ඇති පොදුවේ පිළිගන්නා දෙයක් මුදල් ලෙස එක් කරන ලදී. අද අපි භාවිතා කරන කාසි හා නෝට්ටු මේ වර්ගයට අයිති  වන අතර මෙම මුදල් ද සොර සතුරු උපද්‍රව වලට නිතර මුහුණ දෙන නිසා වාණීජ්‍ය බැංකු විසින් E-Money හඳුන්වා දෙන ලදී. වර්ථමානයේදි අප භාවිතා කරන ATM Cards, Credit Cards, Debit Cards, යනාදිය මේ ගනයට අයත් වේ. මෙලෙස මුදල් භාවිතය අද වන විට බොහෝ දුරක් පැමිණ ඇති අතර තවමත් අප බොහෝ විට භාවිතා කරන්නේ කාසි හා නෝට්ටු වේ.
ප්‍රථම වරට 1875 මැයි මස 10 වැනි දින ශ්‍රී ලංකාවේ ද මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලද බවට සාධක ඇත. ශ්‍රී ලංකාව රුපියල් සත ක්‍රමයට අවතීර් වුයේ 1872 ‍ජනවාරි 1 වැනි දින ය. මෙතෙක් ව්‍යවහාර මුදල් කොමසාරිස් වරුන්ගේ කාර්‍යක් වූ ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ කාර්‍ය 1950 අගෝස්තු මස 28 ‍වැනි දින උපත ලද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුළුමනින් ම පවරා ගන්නා ලදී. එය නිකුත් කල මුදල් නෝට්ටුව මුද්‍රණය කරන ලද්දේ "රාජකීය ටංකනය" විසිනි. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාල තුල දී මුදල් නෝට්ටු කාණ්ඩ කිහිපයක් මුද්‍රණය කර ඇත. ඒවා නම්.....
  • vi වැනි ජෝර්ජ් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු කාණ්ඩය
  • ii වැනි එළිසබෙත් රැජිනගේ රුව සහිත මුදල් නෝට්ටු කාණ්ඩය
  • i වැනි පරාක්‍රමබාහු රජුගේ රුව සහිත මුදල් නෝට්ටු කාණ්ඩය
  • බණ්ඩාරණායක රුව සහිත මුදල් නෝට්ටු කාණ්ඩය
  • ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සහිත මුදල් නෝට්ටු කාණ්ඩය
  • වන සත්ත්ව හා වෘක්ෂලතා පිළිබිඹු වන මුදල් නෝට්ටු කාණ්ඩය
  • ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තේමා රැගත් මුදල් නෝට්ටු කාණ්ඩය
  • ශ්‍රී ලංකාවේ පැරණි උරුමයන් විදහා දැක්වෙන මුදල් නෝට්ටු කාණ්ඩය
(ම විසින් මෙම කොටස උපුටාගත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරන ලද අත් පත්‍රිකාව නිකුත් කරන ලද්දේ 1998 හෝ 2000 කාලයේ පමණ ලෙස මගේ මතකයේ ඇති අතර වර්ථමානය වන විට ‍තවත් නෝට්ටු කාණ්ඩ නිකුත් කර ඇති බව ඔබ දන්නවා ඇති.) 

වර්ථමානය වන විට අප රටේ මෙම කාසි හා නෝට්ටු නිකුත් කි‍රීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. මේ වන විට මහ බැංකුව විසින් නවතම නෝට්ටු කාණ්ඩයක් නිකුත් කර ඇති අතර ඒවා නිකුත් කර ඇත්තේ අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රමාණට වීම විශේෂයකි. මෙසේ පෙර පැවති ප්‍රමාණයට වඩා කුඩාට නෝට්ටු නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ එම නෝට්ටු "විකල නෝට්ටු" වීම වැලැක්වීම බවයි මගේ නම් අදහස. එම නිසා නෝට්ටුව භාවිතය පහසු වන අතර නෝට්ටුවේ ආයු කාලය ද දිගු වේ.

විකල නෝට්ටුවක් ලෙස හැඳන්වෙන්නේ යම් නෝට්ටුවකට මොනයම් හෝ ආකාරයෙන් විකෘතියක් සිදු වී ඇති නෝට්ටු වේ.

  • පොඩි වී ඇති නෝට්ටු
  • පළුදු වී ඇති නෝට්ටු
  • පෑන් භාවිතා කර ඇතැම් දේ ලියා ඇති නෝට්ටු
  • වර්ණය වෙනස් වී ඇති නෝට්ටු
මෙලෙස විකල නෝට්ටු වලට උදාහරණ කිහිපයක් ලෙස දැක්විය හැක.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙසේ විශාල මුදල් ප්‍රමාණයක් වැය කර නිකුත් කරනු ලබන මුදල් නෝට්ටු මහ ජනතාව විසින් පරිහරණයේදී එම නෝට්ටු වලට හානි නොවන ආකාරයට භාවිතා නොකරන අන්දම ඔබ මෙන්ම මා ද දැක ඇත.

නොවැලැක්විය හැකි හේතු නිසා පමණක් නොව හිතා මතාම විකෘති කරන ලද විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගලා එන අතර එසේ විකෘති කරන ලද මුදල් නෝට්ටු සඳහා විශාල වියදමක් දැරීමට සිදු වන බව බොහෝදෙනා සැලකිල්ලට නොගන්නා බව ඉහතින් මා සඳහන් කල මහ බැංකු අත් පත්‍රිකාව පවසනු ලබයි. 

මේ ලෙස කරුණු ගෙනහැර දැක්වීමක් සිදු කිරීමට මා පෙළඹුනේ අද දින, මහජන බැංකුවේ තංගල්ල ශාඛාවට ගිය මොහොතේ අසන්නට ලැබුනු විශේෂ දෙයක් නිසාවෙනි. එනම්...
එක්තරා පුද්ග‍ලයෙකු විසින් රැ‍‍ඟෙනා ආ මුදල් නෝට්ටුවක් භාර ගැනීම එම අවස්ථාවේ දී එහි සිටි බැංකු නිළධාරියා ප්‍රතික්ෂේප කල අතර එයට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කර හිටියේ "මෙහෙම පාටවෙනස් වෙච්ච සල්ලි කොල අපිට ගන්න එපා කියලා වැඩමුළුවකදී මහ බැංකුවෙන් අපිට කිවුවා." ලෙසයි. එහිදී එම පුද්ගලයා කියා සිටියේ එම නෝට්ටුව තමා වෙත ලැබුනේ ද බැංකුවකින් බවයි. එයටද ප්‍රතිඋත්තර දුන් නිළධාරියා පැවසූවේ "බැංකුවෙන් වුනත් ඔය වගේ සල්ලි කොල දෙනව නම් එපා කියලා කියන්න" කියා ය.
මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් ඔහු කී දෙයින් අපට ගත යුත්තක් ඇත. එනම් මුදල් නෝට්ටු භාවිතයේදී අප මීට වඩා සැලකිලිමත් විය යුතුය. යම් කෙනෙක් අපට විකල නෝට්ටුවක් ලබා දෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමට අපිට හැකියාවක් ඇත.

නොදැනුවත්ව අප මුදල් නෝට්ටු භාවිතයේදී යම් යම් විකෘති වීම් සිදු වුනද දැන දැන එවැනි දේ සිදු කිරීම ට පෙර මොහොතක් සිතා බලන්න.

එසේම ඔබ "මේ ආණ්ඩුව සල්ලි නාස්ති කරනවා" කියනවා වෙනුවට ඔබ අතින් මුදල් නෝට්ටු වලට වන විකෘතිය අවම කිරීමට අදම සිතට ගන්න.

20 comments:

  1. විකල නෝට්ටු බැංකුවකින් භාර නොගන්න එක නම් අසාධාරණයි නේද? ඔය පොඩි නෝට්ටුවක්නං අවුලක් නෑ... ලොකු ඒව සවුත්තු වුණාම බැංකුවකින්මනෙ මාරු කරගන්න වෙන්නේ...

    ReplyDelete
  2. අපි පරිස්සම් කරා නම් හරි තමා ඒත් හැමෝම එහෙම හිතන්නේ නැහැ නේද?

    හරි කිව්ව එකට මාත් එකඟයි

    ReplyDelete
  3. @hare -

    මමත් හරේගේ කීමට එකඟයි. සමහර විට මේ නිළධාරියා කියපු එක නොවෙන්නත් පුළුවන්.. මම නෙට් එකේදිම කොහේ හරි දැක්කා තියෙනවා එහෙම ‍නෝට්ටු තියෙනව නම් මහ බැංකුවට ලියාපදිංචි තැපෑලෙන් එවන්න කියලා.. හැබැයි ඒකෙත් සත්‍ය අසත්‍ය බව නම් හරියටම දන්නේ නෑ..

    ReplyDelete
  4. @නිශාන් -

    ඔවු ඔයා කියන එක හරි. සමහර අය කරන්නෙම එපා කියන දේ නේ. හැබැයි අපිට පුළුවන් එහෙම විකෘති වෙච්ච නෝට්ටු නොගෙන ඉන්න..

    ReplyDelete
  5. මුදල් නොට්ටුවක් ගත්තම එය කියන විදියෙ විකෘති වීම් වෙනව පාවිච්චි කරන කාලය ස්ථාන අනුව. ඒක නවත්වන්න බෑ. බැංකුවෙන් කියනව නම් ගන්න බෑ කියල ඒක බරපතල වැරැද්දක්. මොකද පරණ උනත් වලංගුභාවය තහවුරු වෙනව නම් ගන්න ඕන. ලොකු මුදල් ගණුදෙණු කරන තැන්වදි නෝට්ටු වලම ගණන සටහන් කරනව මම දැකල තියනව. ඒව නම් වැරදි වැඩ තමයි.

    ReplyDelete
  6. @රාජ් -

    කාලයක් ගියාම විකෘති වෙන එක ඇත්ත. ඒත් නොසැලකිල්ලෙන් වෙන අවස්ථාත් තියෙනවා නේ. අන්න එහෙම ඒවා තමා මගහරවන්න ඕන. නෝට්ටු වල ගණුදෙනු ව සටහන් කරනවට අමතරව සමහර පොරවල් ටෙලිෆෝන් නම්බර් පවා ලියනවනේ. අන්න ඒවා බෙහොම වැරදියි.

    බැංකු වලින් සල්ලි ගන්න බෑ කියන එක නම් පිළිගන්න බෑ තමයි මටත්..

    ReplyDelete
  7. මම හිතන්නේ විකල නෝට්ටු භාර ගන්නවා. නෝට්ටු අංකය, සහ රේඛනය කල රේඛාව දිය සලකුණ නොමැකී තිබුණහොත් බැංකුවකින් අදාල නෝට්ටුව මාරු කරගන්නට හැකියාව ඇති බව අසා ඇත.
    අගේ ඇති ලිපියකි. ජය!

    ReplyDelete
  8. @Lishan -

    ඉස්සර නම් ගත්තා මචං ඒත් මේක කිවුවේ අද නේ.
    නෝට්ටු අංකයට අමතරව නෝට්ටුවෙන් 3/4ක් තියෙන්න ඕන. නැත්තං දෙන්නේ නෑ.

    ReplyDelete
  9. සල්ලි පරිස්සම් කරගන්ඩ වෙන්නේ.

    ReplyDelete
  10. @මධුරංග -

    ඔවු ඒත් ඉතිං ඒක කරන්නේ නැති එක නේ ‍අවුල..

    ReplyDelete
  11. අයියෝ ශල්ලි...... :)

    ReplyDelete
  12. අගේ ඇති ලිපියක්...

    උඹ විභාගෙට පාඩං කරපුවා මතක් වෙන්න බ්ලොගේ ලියනවා වගේ... :) හැබැයි වටිනා කියන ලිපියක්... :)

    ReplyDelete
  13. මම දන්න විදිහට ඕනම විදිහක විකල උන නෝට්ටුවක් බැංකුවක් බාර ගන්න ඕන.. ඒක බැංකුවේ රාජකාරියක් කියලයි ඉස්සර අපිටනම් ඉගැන්නුවේ.. දැන් වෙනස් වෙලාද මන්දා..

    නෝට්ටුවල අත්සන් කරපු වගේම ඇඩ්‍රස් ලියපුවත් ඉතින් අපිට ඉදලා හිටලා හම්බුවෙලා ඇති.. සමහර වෙලාවට ඒවා ගත්තත්, ඉරුන නෝට්ටුවක් නම් අපි ගන්න පැකිලෙනවා.. මොකද තව කෙනෙක්ට ඒක දෙන්න ගියාම ප්‍රශ්ණ බව දන්න නිසා..

    වැදගත් ලිපියක් යාළුවා..

    ReplyDelete
  14. මගේ අතටත් ඕන තරම් ඔය වගේ ටෙලිෆෝන් නම්බර්ස් ලිවුව..නානාප්‍රකාර දේවල් ලිවුව මුදල් නෝට්ටු හම්බෙලා තියෙනවා..එහෙම දේවල් කරන්නෙ නම් මොලේ විකෘති වෙච්ච උදවිය...
    මම නම් ඉරුණ නෝට්ටු ලැබුනම ඒක එපා කියලා වෙන එකක් ඉල්ලනවා..සමහර වෙලාවට කඩේකින් මේක එපා වෙන එකක් දෙන්න කියලා කියද්දි මුදලාලිගේ මූන දෙක වෙන අවස්ථාත් තියෙනවා..ඒ උනත් අපි ඒක අරන් වෙන කෙනෙක්ට දෙද්දි හරි වෙන කඩේකට දෙද්දි හරි අපෙන් ඒ නෝට්ටුව ගන්නත් අදිමදි කරනවනේ....

    මොනා උනත් වැදගත් ලිපියක් සෝරෝ..උ/පෙල විශයයන් ආයේ මතක් උනා...:))

    ReplyDelete
  15. @අඩවි රජ - දෙයියන්ගේ මල්ලි නේ.. :D

    @වන්නි - උ/පෙ ට පාඩං කරපුවා තමයි මේ ලිපියේ මුල හරියේ තියෙන්නේ... :D

    @Dinesh - මා‍ත් ඉගනගෙන තියෙන්නේ නම් එහෙම තමා බං. ඒත් මේක දැනගත්තේ ඊයේ නේ. මමත් ඉරුන නෝට්ටු නොගත්තත් අනික්වා නම් ගත්තා ඉස්සර. ඒත් දැං ඔය පාර ඒ කිසිම දෙයක් නොගෙන ඉන්න වෙනවා..

    @නිෂ් - මොලේ විකෘති වුන අය නෙවෙයි ගොඩකෛන් එහෙම කරන්නේ නොදැනුවත් කම නිසා. එයාලා දන්නේ නෑ ඒ කරන හානියේ බරපතල කම. ඔවු ඉරුන නෝට්ටු දෙන්න ගොඩක් අය කැමති වුනාට ගන්න නම් කැමති නෑ. උ/පෙ මතකෙන් තමා මු ටික ලිවුවේ.. :D

    ReplyDelete
  16. වලංගු මුදල් නෝට්ටුවක් නම් එය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම වාණිජ බැංකුවකට කිසිසේත් කලනොහැක එය පවත්නා නිතියට අනුව වරදක්වේ ,මුදල් නෝට්ටු පලුදුවී දුර්වර්ණ වී පැහැය වෙනස් වී ඇත්නම් එවැනි මුදල් නෝට්ටු ඕනෑම වාණිජ බැංකුවක් හරහා මාරු කරගැනීමට අවස්ථාව සලසා දීමට වාණිජ බැංකු බැදී සිටි මක්නිසාද යත් මහබැංකුව වෙනුවෙන් අදාළ කාර්යය සිදුකිරිමට බලයලත් ආයතනය ලෙස ක්‍රියාකිරීම ඔවුන්ගේ වගකිඉම වන නිසාය .
    මහබැංකුව යනු බැංකුකරුවන්ගේ බැංකුවයි,එය සාමාන්ය මිනිසුන් සමග ගනුදෙනු කරන්නේ නැත ,ගනුදෙනු කරනු ලබන්නේ වානිජ බැංකු හරහා පමණි ....

    ReplyDelete
  17. එළ මචාz :) වැදගත් ලිපියක්.

    ReplyDelete
  18. සෝරෝ මේ ටිකේම සල්ලි ගැනමයි කතාව නේද...? සුවීප් එකක් ඇදුන හිතට සෑහෙන්න සන්තෝසයි වගේ.... :D

    ReplyDelete
  19. සල්ලි තමයි සල්ලි. බල්ලෝවත් නොකන සල්ලි. ඒත් කරන්න බැරි දෙයක් නැති සල්ලි

    ReplyDelete
  20. ලිශා කිවුව්ව වගෙ නොමැකී තියෙනව නම් එය බාර ගන්න බෑ කියන්න බෑ බැංකුවකට කෑලී වලට ඉරුන නෝට්ටුවක් උනත බාර ගන්න ඕනි.

    ReplyDelete