Tuesday, January 31, 2012

සෝරෝ [01 කොටස - ජාලගතවූ හැටි]

2006 මැයි මාසේ එක දවසක මමයි මගේ අතීසාර මිත්‍රයයි වලක් බහින්න හිතාගෙන ටවුන් එක පැත්තට ගියා.. ටවුන් එක හරියට කිටට්ටු වෙද්දී එක පැත්තකින් සිංදුවල සද්දයක් ආව නිසා අපි දෙන්නත් ගියා බලන්න ඒ පැත්තට.. අපි හිතුවේ අර රේඩියෝ චැනල් වලින් කරන රෝඩ් ෂෝ එකක් වෙන්නැති කියලා.. ළඟට තියාම තමා දැක්කේ රැකියා පියස කියන ආයතනයෙන් කරන රැකියා පොළක් කියලා.. අපි දෙන්නත් ඉතිං කොක්ටත් කියලා ඒ පැත්තට ගිහිං පුරවලා දුන්නා ඇප්ලිකේෂන් දෙකක්..


ඒ වෙද්දී අපි දෙන්නා VTA එකෙන් IT කෝස් එකක් කරලා තිබුන නිසා ඒ පැත්තෙනුයි, උ/පෙල ට වාණිජ්‍ය වලින් කරපු නිසා ඒ පැත්තට ගැලපෙන රැකියායි ඉල්ලා තමා ඇප්ලිකේෂන් එක පිරෙවුවේ.. පුරවලා එතන හිටි කෙනෙකුට දුන්නම නම්බර් එක ලියපු පොඩි කොල කෑලි දෙකක් දුන්නා අපි දෙන්නට.. දීලා කිවුවා සතියේ දවසක බෙලිඅත්තේ තියෙන රැකියා පියස කාර්යාලයට සහතික අරං ඇවිත් පෙන්නලා රෙජිස්ටර් වුන එක කන්ෆෝර්ම් කරගන්න කියලා.. ඔහොම ටික දවසක් ඉඳිද්දී අපි දෙන්නටම මේක අමතක වුනා.. ටික දවසකින් මගේ යාලුවාට කැම්පස් ගියා.. මටත් ඉතිං සීන් එක අමතක වුනා.. ඔන්න එක දවසක් හදීසියේම ඇමතුමක් ආවා.. ඒ කාලේ ඉතිං මොබයිල් ෆෝන් තිබුනේ නෑනේ.. ගෙදර ෆෝන් එකට තමා ආවේ.. ෆෝන් එක අරං බැලුවම බෙලිඅත්ත රැකියාපියස ඔෆිස් එකෙන්.. “මේ සතිය ඇතුලත දවසක සහිතික අරං ඇවිත් රෙජිස්ටේෂන් එක කන්ෆෝර්ම් කරන්න“ කියලා තමා කිවුවේ..

ඔන්න ඉතිං ඊට දවස් දෙකකට විතර පස්සේ මමත් ගියා අදාල ස්ථානෙට.. ගියාම තමා දැක්කේ තව කීප දෙනෙක් ඇවිත් ඉන්නවා කියලා.. මම තමයි අන්තිමයා.. මම ගියාට පස්සේ කවුරුවත් ආවේ නෑ.. ඔන්න ඉතිං මමත් මගේ චෑන්ස් එක එනකන් පැත්තකට වෙලා බලං හිටියා.. හරි ඔන්න දැං කවුරුත් ගියාට පස්සේ මගේ වාරේ ආවා.. මමත් ඉතිං පොර වගේ ගියා මැනේජර් කියලා ගහලා තිබුන තැනට.. ගිහිං බැලුවම තමා එතන හිටි කෙනා කිවුවේ අද මැනේජර් සර් නෑ කියලා.. කොහොම හරි එතන හිටි කෙනා මගේ සහතික ටික බලලා ඇහුවා මම නොහිතපු ප්‍රශ්නයක්.. ඒ තමයි “කැමතිද මෙහේ ට්‍රේනිං වෙන කෙනෙක් විදියට වැඩ කරන්න“ කියලා.. මමත් ඉතිං ගත් කටටම කිවුවා හා කියලා.. කොහොමත් කම්මැළිකමේ ගෙදර ඉඳලා එපා වෙලා හිටියේ.. එහෙනම් හෙට ඉඳන් වැඩට එන්න කිවුවා.. හැබැයි පඩි නෑ බස් ගාස්තු දෙන්නම් කිවුවා.. ඔන්න ඉතිං මමත් වැඩේට කැමති වෙලා ඊළඟ දවසේ වැඩ කරන්න..

මට තිබුන වැඩේ තමා කස්ටිය පුරවලා දෙන අර ඇප්ලිකේෂන් ෆෝම් එතන තියෙන ඩේටාබේස් එකට දාන්න.. කෙලින්ම කියනව නම් ඩේටා එන්ට්‍රි.. ඔන්න ඉතිං මට ලැබුනේ කොනේම තිබුන මැෂින් එක.. ඒක වැඩිය පාවිච්චි කරලා තිබුනේ නැති නිසා ඒ වෙද්දී ඒක හොඳ තත්ත්වයේ තිබුනා.. ඔන්න ඉතිං කිසි විශේෂයක් නැතුව ඔහේ දවස් ටික ගෙවිලා ගියා.. ආ විශේෂ දෙයක් කියන්න අමතක වුනා.. එහේදී තමා මම මුලින්ම ඉන්ටර්නෙට් ගියේ.. දැං වගේ ඒ කාලේ හැමතැනම ඉන්ටර්නෙට් කඩ නෑ නේ.. අනික ඒ දවස් වල අපි ඉන්ටර්නෙට් යන්නත් බයයි.. කොහොම හරි ඔය ඇප්ලිකේෂන් එන්ටර් කරන අතරේ නෙට් එකේ රවුම් ගහන්න පටං ගත්තා.. නෙට් එකට අලුත් කාලේ ඉතිං ඕකේ හොයන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. මමත් ඉතිං කරේ ඕක තමා.. ඔහොම ටික කාලයක් යද්දී ඒකත් එපා වුනා.. ඇයි ඉතිං ෆෝටෝ බලනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ.. අනිත් එක බයයි මොනවා වෙයි ද කියලා..

ආ තව දෙයක් අමතක වුනා.. මෙතන නෙට් කැෆේ එකක් විදියට නෙට් පාවිච්චි කරන්නත් පුළුවන්.. හැබැයි ඉතිං ඒ එන අයට දෙන්නේ ඔෆිස් එකේම වැඩ කරන්න තියෙන මැෂින්.. කැෆේ එකට කියලා වෙනම මැෂින් නෑ..  ඔන්න ඉතිං ඒක නිසා එනවා එක එක අය.. එක පොරක් හිටියා ඌ එනවා දවසකට සැරයක්.. ඔහොම ආව දවසක පොරට දෙන්න වුනේ මගේ මැෂින් එක.. ඔහොම පොරගේ වැඩේ ඉවර කරලා ගියාම මම ආයෙත් ගියා මගේ මැෂින් එක ළඟට.. එතකොට තමා දැක්කේ පොර වින්ඩෝ එක ක්ලෝස් කරලා ගිහිං නෑ කියලා..
මමත් ඉතිං ඒ වින්ඩෝ එකේ එහෙට මෙහෙට ගිහිං බැලුවා.. මොනවත් හොයාගන්න නෑ.. නිල්පාට ස්ක්‍රීන් එකක මැද වැටිලා තිබුනා යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දාන්න පොඩි කොටුවක්.. මට ඉතිං එහෙම එකක් නැති නිසා එතන තිබුන රෙජිස්ටර් කියන එක ඔබලා මමත් රෙජිස්ටර් වුනා ඒකේ.. පස්සේ පාස්වර්ඩ් එක එහෙම දාලා ලොග් වුනා මේ මොකක් ද බලන්න.. මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තමා ආවේ ලොග් වුනාම.. පස්සේ තමා මට මීටර් වුනේ මේ මොකක් ද කියලා.. මේක ෆ්ලෑෂ් චැට්රූම් එකක්.. දැං නම් මේ වගේ ඒවා තියෙනවද කියලා දන්නේ නෑ.. දැං ඉන්න අය මේවා දන්නවද දන්නෙත් නෑ.. හැබැයි ඒ කාලේ නම් මේවා හෙනට ප්‍රසිද්ධයි.. ඕකේ යූආර්එල එකේ තිබුනේ http://www.srichat.com/ කියලා.. දැං නම් මේක වැඩ නෑ.. ඔන්න මේ සයිට් එකෙන් තමා මම මුලින්ම චැට් කරන්න ගත්තේ.. මේකෙන් අඳුරගත්ත යාලුවෝ අදටත් කතා බහ කරලා ඉන්නවා.. හැබැයි මම මුලින් දාගත්ත නම සෝරෝ නෙවෙයි..

දිග වැඩිවෙනවා... එකකට ලියන්න බෑ වගේ.. ඉතුරු කොටස හෙට දාන්නම්..

43 comments:

  1. කෝ බන් පටන් ඇරන් විතරනේ...

    ReplyDelete
  2. එහෙනම් මොකක්ද මුලින් දාගත්ත නම.....?

    ReplyDelete
    Replies
    1. ඒක ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න... :P

      Delete
  3. මම උඹව අඳුණගත්තේ කොහොමද කියලා මම උඹට කලින් කිව්වා මයේ හිතේ.., මොකක් උනත් මෙහෙම දාපු එක මරු..!

    ReplyDelete
    Replies
    1. ඔවු උඹ කිවුවා.. හැබැයි ඒ කාලේ අපි දෙන්නට දෙන්නා අඳුරන්නේ නෑ නේද..

      Delete
  4. අය්යෝ පටන්ගෙන එහෙම්මම නවත්තලා... තව ටිකක් ලියන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. මම අත්දැකීමෙන් දන්නවා එතකොට කියවන්න කම්මැළියි බං.. :D

      Delete
  5. අහ් එල එල පරණ කතාවක් :) මට මතක විදියට සොරොව මුලින්ම ඔන්ලයින් සෙට් වුනේ ෆෝරම් එකකින් නේද? :D ඒවත් දන්නා

    ReplyDelete
    Replies
    1. ආ ඔවු ඔවු උඹයි මමයි සෙට් වුනෙත් ෆෝරම් එකකින් තමා.. බලමු ඒවත් ලියන්න.. හැබැයි මෙගා එකක් වෙයිද දන්නෑ.. :D

      Delete
    2. මෙගා වෙයිද නැද්ද කියන්නේ කොහොමද බන් නොලියා :D ලියහන් නිකන් ඉන්න එකේ කියවන්නවත්

      Delete
  6. පටන්ගත්ත තැනම නවත්තලනෙ. ඉතුරු ටිකත් කියමු.

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා.... :)

      Delete
  7. කෑව නේද රුපියල් පහ? :D :D
    ඉතුරු ටිකත් දාපිය ඉක්මනට

    ReplyDelete
    Replies
    1. හයියෝ ෂල්ලි... ඉවසපං ඉවසපං... :D

      Delete
  8. මොකක්ද බන් මේ අසික්කිත වැඩේ... පටන් ගනිද්ඩිම නවත්තලා

    ReplyDelete
    Replies
    1. හරි හරි බං ඉවසපං.... :D

      Delete
    2. කේවා... තෝ... සුපියල් 5 කේවා

      Delete
  9. මදැයි හෙන කඩු පයිට් එකක් බලලා යන්ඩ ආවා....

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට නේ.. හැබැයි හොඳ හොඳ සෙල්ලං තියේවිද දන්නෑ... :D

      Delete
  10. මතු සම්භන්ධයි !!!

    ReplyDelete
  11. මොකුත් කියලා තියෙනවද කියවන්න......

    ReplyDelete
  12. කියන්න ගියේ එකක්...කිවේ එකක්ද මන්ද...හා හා...හෙටවත් ඉතිරිය බලමුකෝ....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. ඒකත් එහෙමද කොහේද... :D

      Delete
  13. කෝ කෝ ඉතිරිය........ :D

    ReplyDelete
  14. මම උඹව අඳුර ගන්න කලින් උඹ මාව අඳුරනව වගේ නේද? :D

    ReplyDelete
    Replies
    1. අර ෆෝරම් යුද්දේ තිබුන කාලේ අපි සටං ක0රා දන්නෑ නේ... :D

      Delete
  15. හප්පා පුදුම ගේමක් නේ දීල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. එච්චර ගේමක් නෑ... :D

      Delete
  16. ඉවසන්නම් කො හෙට වෙනකන් එහෙනම් !

    ReplyDelete
    Replies
    1. ආ ඔය තියෙන්නේ... :D

      Delete
  17. උඹත් දෙයියනේ කියල වැඩ අල්ලල තයෙන්නේ මරු ජොබකින් ආ? :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. පට්ට සිරා ජොබක්... :D

      Delete
  18. ඔෆිසියේදී පොඩ්ඩක් බැලුවා.. ආ ඉතිරියත් දාලා නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු දෙවෙනි කොටසත් දැම්මා... :D

      Delete
  19. දෙවෙනි එකත් බලලම ඉන්නම්...

    ReplyDelete
  20. මම පටංගත්තෙ කපුටා චැට් එකෙං

    ReplyDelete
    Replies
    1. අපේ කාලෙදී කපුටා එක චාටර් වෙලා තිබුනේ..

      Delete
  21. මේකෙත් චැට් එකක් !!

    ReplyDelete