Friday, January 20, 2012

බලපු, නොබලපු සැමට "ස"...

පි සංගීතයට සවන් දෙන්නේ අපේ ගතට සිතට සහනයක් දෙන්න වුනත් අද කාලය වන විට බිහිවෙන ඝෝශාකාරී සංගීතයෙන් අපි ඒ බලාපොරොත්තු වෙන දේ ලබාගන්න පුළුවන් වෙනවාද කියන එක ගැටළුවක් කියල තමා මට නම් හිතෙන්නේ.. ඒ වුනත් ඒ ගීත අතරිනුත් බිහිවෙන ඇතැම් ගීත සාපේක්ෂව වරදක් නැති වුනත් බොහෝමයක් ඒවගේ තියෙන්නේ කිසි ගැලපීමක් නැති වචන ටිකකට සංගීතයක් දාලා.. ඒකත් වෙන කොහේ හරි තියෙන මියුසික් එකක් තමා ගෙඩිය අරං ඇවිත් දාලා තියෙන්නේ.. මේවට කැමති අයත් ඉන්නවා ඇති.. හැබැයි ඒ සුළු පිරිසක් වෙන්නැති කියලා තමා මට හිතෙන්නේ


හැබැයි ඉතිං පැරණි ගී වලට සවන්දෙනව නම් අපේ අරමුණ ඉටුකරගන්න පුළුවන් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. ඔන්න ඔය හේතුව නිසාම මම වැඩියෙන් අහන්න කැමති පැරණි සරළ ගී වලට.. තේරුමත් පැහැදිලියි නේ.. හැබැයි ඉතිං අලුත් සිංදු නොඅහන්නෙම නෑ.. ගොඩක් වෙලාවට වෙන්නේ බලෙන් අස්සවන අවස්ථාවල් වලදී ඇහෙන එක තමා.. බස් එකක හරි ත්‍රීවීලර් එකක හරි යනව නම් ඉතිං අනිවාර්යෙන්ම එයාලා කැමති සිංදු නේ අපිට අහන්න වෙන්නේ.. හැබැයි දැං ඉතිං මගේ අලුත් පෝං එක නිසා බස් එකේ යද්දී මට ඕන ඒවා තමා මම අහන්නේ.. හැබැයි ත්‍රීවීලර් එකේ යද්දී නම් ඒ වැඩේ කරන්න බෑ.. ඇයි ඉතිං ඒවගේ බෆල් තියෙන්නේ කන අස්සේ නිසා හෙඩ් ෆෝන් දැම්මට වැඩක් වෙන්නේ නෑ.. ඒක නිසා ඒ වෙලාවට නම් ඒ සිංදු ඇහෙනවා..

අද රේඩියෝ චැනලුත් වැහි වැහැලා තිබුනත් ඒ එකක වත් මම නම් හිතන්නෑ අපිට අහන්න පුළුවන් සිංදු යනවා කියලා.. කාලෙකින් රේඩියෝ එකේ චැනල් එකක් අහපු නැති නිසා දන්නේ නෑ.. හැබැයි අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් එකතු වෙලා කරන බස් රේඩියෝවේ නම් යන්නේ ඔය ඝෝෂාකාරී සංගීතයෙන් මිදුනු විඳින්න පුළුවන් ලස්සන සිංදු.. ඕන කෙනෙකුට අහන්න පුළුවන්.. රේඩියෝවේ මීටර් කරකව කරකව ඉන්න ඕන නෑ.. හරි ඔන්න ඇඩ්එක ඉවරයි..

වික්ටර් රත්නායක, සෝමතිලක ජයමහ, ටී.එම්. ජයරත්න, කීර්ති පැස්කුවෙල්, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා... (මීට අමතරව තව ඉන්නවා) ඔය වගේ අයයගේ සිංදු වලට නම් මම මාර පෙරේතකමක් තියෙන්නේ.. ඒ අතරිනුත් වැඩියෙන් කැමති කාගෙද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. දන්නේ නැත්තං දැනගන්න, ඒ තමා වික්ටර් රත්නායකයන්.. එතුමගේ බොහෝමයක් සිංදු වල සංගීතයේ තියෙන සරළබව නිසාම වෙන්නැති මම ඒවට කැමති..  හැබැයි ශාස්ත්‍රීය ගීතත් නැතුවාම නෙවෙයි.. කොහොම හරි ඔය ආසාව නිසාම මගේ හිතේ තිබුන ලොකු හීනයක් තමා “ස“ ප්‍රසංගය බලන්න යන එක.. අපේ වෙනිවැල්ගැටයියා නිසා ඒ හීනේ හැබෑ වුනා විතරක් නෙවෙයි වික්ටර් රත්නායකයන් එක්ක පිංතූර කෑල්ලක් ගන්නත් පුළුවන් වුනා..

මේ තියෙන්නේ ඒක.. ගත්තේ අබීතයියා..

“ස“ ගැන කියනව නම් ඉතිං මම හිතනවා ගොඩක් අය කැමති ඇති කියලා “ස“ බලන්න, අහන්න.. මට මතකයි මාරයියත් පහුගිය දවසක ගිහිං තිබුනා..

හරි ඔන්න එහෙම නම් “ස“ බලලා නැති අයටයි, ආයේ බලන්න කැමති අයටයි මගේ ගානේ මෙන්න ෂෝ එක.. හැබැයි අනුග්‍රහය නම් kokila2244 කියල කෙනෙක්.. මමත් අඳුරන්නේ නම් නෑ.. යූටියුබ් එකේ රවුමක් දාන වෙලාවක අහම්බෙන් අද උදේ තමා සෙට් වුනේ.. ඉතිං මේක යූටියුබයට දාපු කෝකිලට බොහෝම ස්තූති වේවා..

මෙන්න එහෙනම් මුළ ඉඳන්ම “ස“ බලන්න..











--
ප.ලි - උඩම ෆොටෝ එකත් අබීතයියගේ

34 comments:

  1. මේ අගය කිරීම් අද රටේ තරුණ පරපුරෙන් කෙරෙන්නම ඕනෑ දෙයක්. මේ උත්සහයට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මට නම් ඉතිං නම ඇහුනත් ඇති... :D

      Delete
  2. ඔන්න මමත් ආව මේ පැත්තෙ...ඇත්තටම අයියෙ අර මුලින් සඳහන් කරපු නම් අතරට එකතු වෙන තව ගායකයොත් ඉන්නව.

    මම නම් ආසම සෝමතිලක ජයමහ මහත්මයගෙ සින්දු වලට....

    ReplyDelete
    Replies
    1. මම එතන අදහස් කලේ ඒ වගේ අය කියලා.. නියැඳියක් අරං පෙන්නුවේ.. ඔන්න වරහන් ඇතුලේ දාලා හරිගැස්සුවා...

      Delete
  3. සෝරෝ මල්ලිගෙ අතෙත් කෝප්පයක් තිබුන නම් හොඳටෝම ගැලපෙනවා..
    මාරයාට චැටක් දමන කොට තමයි කීවෙ සෝරෝ "ස" වලට කැමති කියලා.. ඒ හින්දා රෙකමන්ඩඩ් බයි මාරයා කියලා දමමු !

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ මතක් කරා නම් ඔයා අතේ තිබුන එක අරගන්නව නේ... :D

      කෝම හරි පියංතයියං පිං මට චෑන්සෙකක් අරං දුන්නට...

      Delete
  4. මමත් තාම "ස" ප්‍රසංගයක් බලල නං නෑ.. හැබැයි අහලනං තියනව.. හික්ස්
    හරි හරි ඔරිජිනල් එක අහන්න සහ බලන්න ආසයි..

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙයි යකෝ මේක අහපං... :D

      Delete
  5. හප්පා "ස" ප්‍රස්ංගය නොබැලූ දෑස් කුමටද
    ජයවේවා

    ReplyDelete
  6. අහෝ! මටත් තවම චාන්ස් එකක් ලැබුනෙ නෑ. අහල නං තියනව.

    ReplyDelete
    Replies
    1. තිස්සයියා කියපු එක තමා කියන්න වෙන්නේ... :D

      Delete
  7. මම නං වතාවක් බලල තියෙනවා. ඒ වතාවෙ අපට වික්ටර් රත්නායක මහත්තය එක්ක විනාඩි කීපයක් කතා කරන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ වුණාට ඔය ප්‍රසංග එකකට එකක් වෙනස්. ඒ නිසාම තව කීප වතාවක්වත් බලන්නයි ඉන්නේ. මොනව වුණත් කවදාවත් හිස් ආසන නොතියෙන ප්‍රසංගයක් විධියටයි 'ස' ගොඩක් වාර ගණනක් බලපු අය කියන්නේ. ඒක හරි වෙන්න ඇති. මොකද අපි බලපු වතාවෙත් හිටගෙන හිටියා සීයක් විතර.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ඇත්ත.. අපි බලපු දවසෙත් හෝල් එක පිරෙන්න හිටියා.. ආයෙත් දවසක බලන්න ආසයි මටත්...
      හැබැයි මම නම් අහලා තියෙන්නේ “ස“ වලදී කියන්නේ එක රාගයක සිංදු කියලා.. මම නම් හරියට දන්නේ නෑ...

      Delete
    2. එහෙම වෙන්නත් ඇති... අනේ අපි දන්න රාග තාල ;-)

      හැබැයි ප්‍රසංග දෙකකදි කියන සින්දු වෙනස්. එහෙම කියන්න පුළුවන් තරමට සින්දුත් තියෙනවනෙ ඇති පදම. අපි බලපු වෙලේ අපි හිතාගෙන හිටියෙ අපේ ෆේවරිට් පෙම්බර මධූ කියයි කියලා. ප්‍රසංගය අවසාන වුණාම අපි ගිහින් අපේ බලාපොරොත්තුව බ්ඳ වැටුණ කියල වික්ටර් මහත්තයට කිව්වම එතුමා තමයි ඔය වෙනස් සින්දු වල කතාව කිව්වෙ. ඉතිං අපි ප්‍රසංගෙ බලල එලියට එද්දිම ප්ලෑන් කරල ඉවරයි අනිත් ප්‍රසංගයත් බලනව කියල... ඒ අවුරුදු 5කට විතර කලින්.

      මාත් එක්ක එදා ඒක බලන්න ගිය උන් සේරම දෙනා මේ වෙනකොට ප්‍රසංග දෙක තුනක්වත් බලල. ඉන් එකෙක් එක 'ස' එකක් සංවිධානය කරන වැඩෙත් කලා. ඌ තවම සෙට් වුණාම කියවන්නෙ ඒකමයි :P

      මට තවම දෙවෙනි වතාවට බලාගන්න බැරි වුණා.... :-(

      Delete
    3. මගේ ෆේවරිය් එක තමා “රූකඩ මඩු යාග පොල“ :D

      Delete
  8. සෝරෝ අයියා මාර වාසනාවන්තයි සං තාම එක ප්‍රසංගයක් වත් බලල නෑ කොලිටි වීඩියෝ එකක් තිබ්බනං මරු අයියේ

    මංජු

    ReplyDelete
    Replies
    1. මටත් මේක අහම්බෙන් බං සෙට් වුනේ අද උදේ.. මම ඉස්සර වෙලා හිතුවේ වීඩියෝ ටික විතරක් අරං ඒ පැත්තේ දාන්න කියලා.. ඒත් පසසේ හිතුනා බ්ලොග් පෝස්ට් එකක්ම ලියනවා කියලා..
      කොලිටි වීඩියෝ නම් හොයාගන්න බැරි වෙයි මම හිතන්නේ...

      Delete
  9. "ස" එක පාරක් හරි බලන්න මගෙත් මාරම ආසාවක් තියෙන්නේ.. හැබැහින් දකින්න ලැබෙනකම් දැනට මේ වීඩියෝ එක බලනවා..

    ReplyDelete
    Replies
    1. එල එල මාත් බාගත්තා....

      Delete
  10. වික්ටර්ගෙ සින්දු අහනව කියන්නෙ නම් භාවනාවකට සමවැදුණ වගේ තමයි. "ස" නම් බලන්න බැරිවුණා. ඒත් වික්ටර්ගෙ සිංදුවක්නම් දවසකට එක සැරයක් හරි අහනව නිකම් පුරුද්දක්, ඇබ්බැහියක් වගේ.

    ReplyDelete
    Replies
    1. අන්න මගේ ටේස්සෙක තියෙන පොරක්... මටත් ඔය උණ තියෙනවා.. දවසකට එක සිංදුවක් වත් අහන්නෝන..

      Delete
  11. ස ප්‍රසන්ගේ එක පාරක් බැලුව මචන් ... ඒත් තව තව බලන්න ආසයි.
    අර රෑ ඉර පාන පළමුවෙනි දවසේ බන්දුල නානායක්කාරවසම් කියන්නේ එය ස ප්‍රසන්ගේ 28 පාරකට වැඩිය බැලුව කියල.
    එහෙම හිතද්දී ස නොබැලුව දෑස් කුමටද???

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. “ස“ එක පාරක් බැලූ ඕන කෙනෙක්ට ආස හිතෙනවා ආයෙත් බලන්න..

      Delete
  12. අඩේ ස බලලා ෆොටෝත් අරගෙන. මරු ඈ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. “ස“ නොබැලූ දෑස් මක්කටෙයි.. :D

      Delete
  13. මොනා කරන්නද මචෝ .. . මෙහෙම වීඩියෝ එකකිංවත් බලනවා ඇරෙන්න

    ReplyDelete
    Replies
    1. එක පාරක් හරි ඇත්තට බලපං මචෝ...

      Delete
  14. ලයිව් බලලා නැහැ බොල. වික්ටගේ සද කැන් වැසිලා සිංදුවට තමා මේ සෑමා කැමතිම !

    ReplyDelete
    Replies
    1. බලපං බලපං.. එක සැරයක් හරි බලපං...

      Delete
  15. සෝරෝ සහ සෝරෝගේ අංකල්ගේ පින්තූරෙ දැක්කෙමි......... හික් හික්

    ReplyDelete
  16. වාසනාවන්ත ෆොටෝ එකක් මිලුෂ් මල්ලි :)

    ReplyDelete