Friday, December 31, 2010

2010 න් 2011​ට

හ්ම්ම්ම්ම්............
ඔන්න ​අලුත් අවුරුද්ද හෙටින් පටන් ගන්නවා නේ... කස්ටිය අලුත් අවුරුද්දට ලෑස්ති වෙනව කියල එහෙන් මෙහෙන් ඔන්න ආරංචි එනවා...

මම නම් ඉතිං කියන්න තරම් විශේෂ ලෑස්තියක් වුනේ නෑ... වෙනදා වගේම හෙට දවසත් එළි වෙන්නේ නැතැයි... :D

හැබැයි ඔන්න මම මගේ ​බ්ලොග් දෙකට නම් අලුතින් ඈඳුම් අන්දලා පොඩ්ඩක් අලුත් කරලා ගත්තා... අලුත් කළා කිවුවට මොකද දෙකටම ගාපු පාට කළු... :D මම කැමතිම පා​ටක් තමා කළු.. ඒක නිසා ඔන්න මම කළු කරා බ්ලොග් දෙකම... මේ තියෙන්නේ එකක්, අනික මෙන්න ...

මගේ කැමති පාටක් වුනා​ට කළු, අපේ තාත්තට නම් පෙන්නන්න බැරි පාටක් තමා කළු කියන්නේ... කළු වලට කොච්චර අකමැතිද කියනව නම් අඩුම තරමේ කළු පාට කලිසමක් වත් නෑ එයාට... ඉස්සර දවසක් මම කළු ටී'ෂර්ට් එකක් අරගෙන ඈහුවෙ නැතෑ බැණුම් අම්බානකට... :D


කොහොම හරි 2010 අවුරුද්දේ වෙච්ච විශේෂ සිද්ධියක් තමා මගේ ඩිප්ලෝමා එක අවසන් වුන එක... අවුරුදු හතරක් කියන්නේසෙල්ලම් කාලයක් ද...:D ඒත් ඉතිං අවසාන විභාගේ ප්‍රතිඵල නම් තාම නෑ ආවේ... ඊළඟට තියෙන්නේ ඉතිං ජොබ් කට්ටක් හොයාගන්න එක තමා... 2011 අවුරුද්දෙදී ඒකට ෆුල් ගේමක් දෙන්න ඕනි... මුළින්ම පොඩියට පටං ගන්න තමා අදහස... එකපාරට ලොකු අතු අල්ලන්න බෑ නේ...


මම මුල්ම සැරේට සි​රීපදේ ගියෙත් ​2010 නේ... ඒකත් ඉතිං අවාරේ...මේ තියෙන්නේ විස්තරේ...

ආහ් තව පොඩ්ඩෙන් තවත් විශේෂ එකක් අමතක වෙනවා...  මේකත් 2010 අවුරුද්දේ වෙච්ච විශේෂ සිද්ධියක්... :D ඒක තමා මම බස් [Buzz] වලට ඈබ්බැහි වීම... ඒ ගැන ඉතිං පොඩි කවියකුත්මේන්න මෙතැන දැමමනේ ඒ කා​ලේ... :D

තව විශේෂ සිද්ධි නම් ගොඩයි... කොහොමින් කොහොම හරි ඔන්න ඔහොම තමා 2010 ගෙවුනේ...


හරි එහෙමනම් අපි අළුත් අවුරුද්දෙදී හමුවෙමූ.....

 සුභ අළුත් අවුරුද්ක් වේවා හැමෝ​ටම..........!! 


4 comments:

  1. හැමදාටම සුභක්!!!

    ReplyDelete
  2. සුභ අළුත් අවුරුද්ක් වේවා

    ReplyDelete
  3. සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  4. පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    මෙන්න හසියගෙන් පුංචිම පුංචිම තෑග්ගක්....


    (මේ උඹේ සයිට් එකේ ඇඩ් එනවනේ බං...පොඩ්ඩක් බලපං ඒක...දිගටම ලියන්න...)

    ReplyDelete