Sunday, May 11, 2014

සුභ ගමන් ජනිතා....!

2010 වසරේ අවසාන කාලය කියන්නේ මම ගූගල් බස් වලට සෙට් වෙච්ච මුල් කාලය වගේ තමා මට මතක. එතනට යද්දී අඳුරගෙන හිටියේ දෙතුන් දෙනෙක් නිසා කස්ටිය අඳුරගන්නම සෑහෙන්න කාලයක් ගියා. හැබැයි ඒ අඳුරගත්ත ඇඳුරුම්කම අද වෙනකන්ම තියෙනවා. [එහෙම නැති අයත් නැත්තෙම නෑ.]

ඒ කාලේ හිටියේ ගෙදරම නිසා කොයි වෙලෙත් කොම්පියුටර් එක දාගෙන ලවක් දෙවක් නැතුව බස් එකට වෙලා අනිත් අය එක්ක වල් පල් කතා කර කර තමයි කාලය නාස්ති කලේ. කාලය නාස්ති කලත් ඒ කාලේ අපරාදේ කියන්න බෑ හොඳ යාලුවෝ ටිකක් හම්බුනා. [ඊට පස්සෙත් නැත්තෙ නෑ.] ඒ හම්බුන අය එකිනෙකාට වෙනස්  ‍ක්ෂේත්‍ර වල නිසා බොහොම උදවු ගන්න පුළුවන් වුනා. ඒ බොහෝමයක් ඒවා ඔන්ලයින් උදවු තමා ඉතිං. [අදටත් එහෙමයි.]

ඔහොම කාලයක් බස් පැද පැද ඉන්න අතරේ තමා අපේ ඉලංදාරියා අසනීප වුන නිසා ඒ වෙනුවෙන් අපි ඉලං ට උදවු කරන්න පෙල ගැහුනත් නොහිතපු විදියට අපි දාලා යන්න ගියා. මම ආශ්‍රය කරපු යාලුවන්ගෙන් අවසන් ගමන් ගිය පළවෙනියා ඉලං නිසා ගොඩක් හිතට දැනුනා මට ඒ සිද්දිය. ඒ සිදුවීම වුනේ 2011 අවුරුද්දේ මැයි මාසේ. ඊට අවුරුද්දකට පස්සේ අපි කාගෙත් හිත දිනාගෙන හිටපු ඔබා මාමා හෘදයාබාධයක් නිසා අපෙන් සමුගෙන ගියේ 2012 අවුරුද්දේ මැයි මාසේ. 

දැං මේ ගතවෙන්නේ 2014 අවුරුද්දේ මැයි මාසය. මේ අවුරුද්දෙත් මැයි මාසේ පටං ගනිද්දී හම්බුනේ දුක්මුසු ආරං‍චියක්. ඒ අපේ බස් හිතවතියක් වන ජනිතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, ජයවර්ධන පුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, ස්වාභාවිකව ස්වසවය සිදු කල නොහැකි නිසා කෘත්‍රීමව ස්වසනාධාර ලබා දෙන බවත් ය. ඩුබායි සේවය කල ජනිතා එහේදී ආහාර විශවීමක් නිසා මෙම තත්ත්වය ඇතිවූ බවත් ඒ නිසා ප්‍රතිකාර සඳහා ලංකාවට ගෙන්වාගත් බවත් ජනිතාගේ මව සමඟ මුහුණු පොතේ කල සංවාදයකදී එතුමිය කියා සිටියා.

හැකියාවක් ඇති නං රෝහලට පැමිණ ජනිතා බලා යන මෙන් එතුමිය කියා සිටියත් දැඩිසත්කාර ඒකකයේ සිටින රෝගියෙක් බැලීමට යාම එම රෝගියාට සිදුවන හිරිහැරයක් නිසා අප කතා කරගත්තේ ඇයගේ රෝගී තත්ත්වය සුව වී රෝහලෙන් පිටවූ පසු නිවසට ගොස් ඇයගේ දුක සැප බලා එමු යි කියා ය.

ඒත්........................

ඒත් නොසිතූ අයුරින් ඇයත් අප හැර යන්න ගොසින්. ඇයත් අපෙන් සමු අරන් ගියේ අනෙක් දෙන්නා වගේම මැයි මාසයේ වීම අහම්බයක් ද...? 

මතු උපදින කිසිම අත්භවයක මෙවැනි උවදුරක් සිදු නොවෙන්නට මෙම ආත්මයේ දීම ඇයට නිවන් සුව ලැබේවා.....!
‍ 
ජනිතා ඇගේ මව සමඟ

ප.ලි - දේහය තැන්පත් කර තියෙන්නේ බොරලැස්ගමුව මල්ශාලාවේ බවත් අවසන් කටයුත් 13 වන අඟහරුවාදා බවත් දැනගන්නට ලැබුනි

22 comments:

  1. ජනිතා රාජපක්ෂ නැඟනියනි, ඔබට මෙවන් අකල් මරණයක් උපනූපන් ජාතිවත් නොවේවා....!

    ReplyDelete
  2. Boralesgamuwa මල් ශාලාව කිව්වෙ බෙල්ලන්විල පාරෙ තියෙන එකද

    ReplyDelete
  3. ඔබට මෙවන් අකල් මරණයක් නිවන් දකිනා ජාති දක්වා සිදු නොවේවා....!

    ReplyDelete
  4. ජනිතා අක්කේ යලි අප අතරම ඉපදේවා . ඔබට මෙවනකල් මරණයක් සිදු නොවේවා , ඔබට නිවන්සුව

    ReplyDelete
  5. උප නූපන් සෑම ආත්මෙකම ඇයට අකල් මරණයත් හෝ කිසිදු දුකක් ඇති නොවේවා කියලා නෙතින් එහා අපි හදවතින්ම පතන්නෙමු.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. ඔය ඇඩ් එක මෙතෙනට ඕනමද මචන්???????????????????????????

      Delete
  6. නිවන් දකිනාතෙක් මෙවන් අකල් මරණයක් නෙවේවා කියලා ප්‍රාර්ථනා කරනවා....!!

    ReplyDelete
  7. නිවන් සුව අත්වේවා !.

    ReplyDelete
  8. නිවන් සුව අත්වේවා !

    ReplyDelete
  9. ජනිතා ඔබට නිවන් සුව අත්වේවා !

    ReplyDelete
  10. මං මේ මැත දවසකත් ගුගල් ඩ්‍රයිවු එකේ සේවු වෙලා තිබ්බ බස් පීඩී එෆ් එකක් කියො කියො තනියෙන් හිනා වුනා..
    මට නම් එහැටි මතකයක් නෑ මේ අක්කා ගැන.. එත් සැහෙන්න දුක්යි.. මොකද මේ වසන්ත කාලෙ කියන්නෙ අපෙ බ්ලොග් ලියන කට්ටියට එච්ච සුබ කාලයක් නෙවෙ කියලා හිතෙන නිසා..
    නිවන් සුව අක්කේ..

    ReplyDelete
  11. ඇයට නිවන් සුව පතමි.

    ReplyDelete
  12. ඔබට නිවන් සුව ජනිතා අක්කේ

    ReplyDelete
  13. ඇයට “නිවන් සුව“ අත්වේවා යැයි පතමි!

    ReplyDelete
  14. බ්ලොග් කලාවේ ලොකු ලොකු පොරවල් ජනිතා වෙනුවෙන් හෙන ෆේස්බුක් ස්ටේටස් දාගෙන පොර ටෝක් දෙද්දි... ඒ වෙනුවෙන් තංගල්ලේ ඉඳන් අවමඟුලට සහභාගී වෙච්ච උඹව ඇත්තටම අගය කල යුතුයි මචන්....

    ReplyDelete
    Replies
    1. කටේ මසුරන් දාන්න ඕනි ඔය කතාවට...කට්ටියටම රිදෙයි සෑහෙන....

      Delete
  15. මේ අපේ ජනී???? කඳුළු බිංදුව????
    හිතට නම් ව්ශ්වාස කරන්න හිතෙන්නෙම නෑ......
    ඔයාට නිවන් සුව පතනවා ජනී......!!!! හිතා ගන්න බෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා..........

    ReplyDelete