Friday, June 22, 2012

සතුටින් ගෙවුන දවසක්...!!

ද උදේ, වෙනදට වඩා කලිං ඇහැරුනේ හිතේ ලොකු බරක් තිබුන නිසා. ඒ තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බලපාන විභාගයක් අද තිබුන නිසා. මොකක් හරි විශේෂ දෙයක් තියෙන දවසක් නම් කොහොමත් මට ඒ දවසේ දී උදේට කලිං ඇහැරෙනවා. එහෙම නැත්තං ‍රෑ ජාමෙකදි ඇහැරෙනවා. කොහේ හරි යන්න, කවුරු හරි හම්බෙන්න, මොනවා හරි තියෙන, මොනව හරි දෙයක් කරන්න වගේ දවස් වලට ඔය සීන් එක සැරට තියෙනවා.

කොහොම හරි උදේ පාන්දරම ඇහැරුන නිසා ආයෙමත් නිදාගන්න ට්‍රයි කලත් හරිගියේ නැති නිසා ෆෝන් එකේ හෙඩ්සෙට් එක කනේ ගහත්තා සිංදුවක් අහන්න ඕන කියලා හිතාගෙන. ඒ කරලා ප්ලේ බට්න් එක ප්‍රෙස් කලාම ඇහුනේ සංගීත ලෝකේ නොනැමැකෙන නමක් තියපු මගේ ප්‍රියතම ගායකයගේ සිංදුවක්. ඒ කියන්නේ වික්ටර් රත්නායකයන්ගේ සිංදුවක්. ඒ සිංදුව තමයි "දෛවයෝගයකින් නොවේදෝ" කියන සිංදුව. 

ඔය සිංදුව ඇහෙනවත් එක්කම මගේ හිත සිංදුව එක්ක දිව්‍යලෝකෙට යන්න ප‍ටං ගන්නවා වගේ කියලා මට දැනුනා. මගේ දිව්‍යලොකේ තිබුනේ 2007 - 2008 අවුරුද්ද වගේ කාලේ නිසා මගේ හිත ගියේ ඒ කාලෙට. හිත කියන්නේ හරිම පුදුම දෙයක් නේ. එක සැරේට වැඩ කීයක් නම් කරන්න පුළුවන් ද. සිංදුවත් අරහෙම දිව්‍යලෝකෙට යන ගමං මට හිතුනා "ඒ අතීත දිව්‍යලෝකෙදී මගේ ළඟින් හිටි කෙනා අනේ අදත් දකින්න ඇත්තං..." කියලා.. ඒ වෙලාවේ ඔහොම හිතුනට ඉතිං මට ඕක ගැන අමතක වෙලා ගියා.

ඔහොම ටික වෙලාවකිං සුභ ආරංචියක් ආවා ඒ තමයි අපේ බස් රේඩියෝව ගැන මේ සතියේ තරුණයා පත්තරේ ආටිකල් එකක් ගිහිං කියලා. ඒක නිසා උදේ පාන්දරම ගිහිං පත්තරෙත් අරං ඇවිත් බලලා පොඩ්ඩක් පාඩං කරන්න ගත්තා.

කොහොමහරි දවල් 11.30ට විතර ජීමේල් එක පැත්තට රිංගුවම දැක්ක දෙයින් මට අදහාගන්න බැරි වුනා. ඇත්තටම එක මොහොතකට මාව ගල්ගැහුනා. මම බැලුවා මම මේ දකින්නේ හීනයක් ද කියලා. අද උදේ මට හිතපු දේ ඇත්තටම සිද්දවෙලා. මෙන්න මෙයා ඔන්ලයින් ඇවිත්. මට මගේ ඇස් අදහාගන්න බැරි වුනා. ඒ හිටියත් ඉතිං වචන දෙකයි කතා කලේ. කතා නොකරත් ඉතිං දැක්ක එකත් ඇති මගේ හිතේ මල් දාහක් විතර පිපෙන්න. අද දවසේ මට වෙන මොනවත් ඕන නෑ. මේක ඇති මට සෑහෙන කලක් ජීවත් වෙන්න.

ඔන්න කොහොම හරි ඔය සීන් එක නිසා මගේ මූඩ් එක ෆුල් හැපී. විභාගේ තියෙන්නේ හවස 2.00 නිසා විභාගේ ලියන්න තව ගැම්මක් ආවා. පස්සේ ඉතිං ගිහිං විභාගේ ලියන්න පේපර් එක අතට ගත්තම මට තවත් හැපී. මම හිතුවට වඩා පේපර් එක ලේසියි. ඉතිං ඒ ෆිට් එකයි අර කික් එකයි එකතු කරලා විභාගෙත් ඉවර කරලා ගෙදර ආවා. 

ඔය විදියට තමයි මගේ ජීවිතේ හොඳ දවසක් විදියට අද දවස ගතවුනේ.


http://www.pathguy.com/j_jump.htm

19 comments:

  1. සන්තෝසයි !!!

    ReplyDelete
  2. සා මරුනේ.. මේ එක නෙමේ ඔයා විභාගේ ඉවර වෙලා පාවුනාද මෙයා... ;)

    ReplyDelete
  3. අහා සොරෝට අද සැහෙන්න මල් 7 දවසක් වගේ...:)
    එහෙනම් විභාගයත් ඉහලින්ම ගොඩ ඇති...
    හැමදාම මේ වගේ දවස් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  4. "නේත්‍රා"ව රත්තරන් දිවුරා ඔබට කියන්නම්
    මගේ සිතේ කිසි තරහක් නෑ.. ලොලේ ලොල් :D

    ReplyDelete
  5. වට් අ ලකී ඩේ ආහ්?

    ReplyDelete
  6. එළකිරි ආ............... :D

    ReplyDelete
  7. අහන්නත් සංතෝසයි! හැමදාමත් මේ වගේම වාසනාවන්ත වේවා!

    ReplyDelete
  8. සන්තෝසයි ලොක්කා ..

    ReplyDelete
  9. හැමදම දවස මේ වගේ වාසනාවන්ත වෙන්න ඕන..

    ReplyDelete
  10. සැමදා සුබ වේවා !

    ReplyDelete
  11. පාවි ...යනවා මා අකාශයේ....ජයවේවා!

    ReplyDelete
  12. නියමයිනේ
    අපිටත් ඔය වගේ දවස් එනකම් තමා බලන් ඉන්නේ :)

    ReplyDelete
  13. සතුටුයි සතුටුයි !!!!

    ReplyDelete
  14. හැමදාම වාසනාව උදා වේවා...

    ReplyDelete
  15. එල එල. වැඩ ඉවරනං දැන් ලෑස්ති වෙයන්!!

    ReplyDelete
  16. මේ වගෙ සියල්ල යහපත් විදියට වෙන දවස් අහන්නත් අඩුයි. ජය වේවා අර විභාගයෙනුත්.
    henryblogwalker the Dude

    ReplyDelete
  17. කෝ බොල අස්සයා........? ඔන්න මමත් මේ පැත්තේ ආව.

    ReplyDelete