Monday, February 14, 2011

හපොයි මෙහෙමත් විනාසයක්...

බ්ලොග් සතියෙන් පස්සේ ඔනන අද තමා මේ පැත්තට ආවේ.. මකුළු දැල් එහෙම ඇඟේ වැදුනොත් එහෙම පොඩ්ඩක් සමා වෙලා පිහදාගන්න.. ආ..... මතක ඇතුව මකුළුදැල් කඩන කොස්සකුත් ඇන්න එන්න.. මේ විසේස නිවේදනේ එන අනිත් අයටත් කියන්න හොඳද... :D


අද බලපු තරමක් බ්ලොග් පෝස්​ට් බැලුවේ "වැලන්ටයින්" එකට ලියපු ඒවා.. අනේ මන්දා මුන්ට ආදරේ කරන්නත් වෙනම ​දවසක්.. එක අතකට බැලුවම ඒකෙත් වැරැදදක් නෑ.. ඇයි ඉතිං "මවුවරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, වැඩිහිටියන්ගේ දිනය.." ආදී වශයෙන් එකී මෙකී නොකී හැම එකටම විශේෂ දින තියෙන එකේ, ආදරේ කරන්න විශේෂ දිනයක් තිබුනහම මොකෝ නේද.. :D හැබැයි ඉතිං ප්‍රශ්නෙකට තියෙන්නේ ඔය ආදරේ අදින් ඉවරද යන එක.. අනේ ඉතිං අපි නම් ඕවා දන්නේ නෑ.. :D


මට පේන විදියට මේ කට්ටියම ආරවන්තයින්ගේ දිනේ කියලා පටලවාගෙන තියෙන්නේ අර "වැලන්ටයින් සාමි ස්වර්ගස්ථ වෙච්චි දවස" කියලා තමා මම අහලලා තියෙන්නේ.. දුකට පත් වෙච්චි ආදරවන්තයින්ට, ඔය සාමි සෑහෙන්න උදවු කරලා තියෙනව ලු නේ.. එක නිසා එතුමා ස්වර්ගසථ වෙච්චි දවසේ දී ආදරවන්තයින් තමන්ගේ ආරය සමරන්නව ලු.. වැඩි විස්තර නම් දන්නේ නෑ මම..

අද දවස ආදරවන්තයින්ට නම් අමුතුම දවසක් වෙන්නැති.. :D ඇයි ඉතිං අපේ ආදරවන්තයින්ගෙන් වැඩිදෙනක් ආදරේ සමරන්නේ "හෝටල් කාමර වල, මල් පඳුරු අස්සේ, වැටකෙයි පඳුරු අස්සේ" නේ..  ඒක නිසා ඔය ගුබ්බෑයම් වගේ පොඩි පොඩි හෝටල් කාමර හිමියොන්ට නම් ඉතිං අද දවසේ මල්ල කරේ ඇති නේ.. අහලා තියෙන විදියට ආදරවන්තයින් වැඩිපුර රිංගන්නේ ඒ වගේ ඒවට ලු.. :D ඒ ඇරෙන්න මල් පඳුරු වලට, වැටකේ පඳුරු වලට ත් සෑහෙන්න වැඩ තියෙන දවසක් වෙන්නැති අද දවස.. අනේ මන්දා ඉතිං ඕවා නම්.. :D

කී​දෙනෙක් අද දවස නිසා තමන්ගේ සල්ලි නාස්ති කරගන්න ඇද්ද.. තමන්ගේ පෙම්වතා/ පෙම්වතී සතුටු කරන්න රෝස මල් ද, කාඩ් ද, අරව ද මේව ද ගිහින් දෙන්න.. ඒ විතරක් මදෑ.. ඇයි හොටල් වලට ගෙව්න්නත් ඕනි නේ.. :D

ආදරවන්තයින් විතරක් නම් කමක් නෑ නේ.. සික්.. මේ පැත්තක ඉන්න මාවත් ගාවගෙන නේ.. බුකියේ පිංතූර වලට ටැග් ​කරනවා, බුකි මැසේජ් එවනවා, ඊ-මේල් එවනවා.. ඒ විතරක් නම් මදෑ ඇස්.ඇම්.ඇසුත් එවනව නේ.. හු​ටා ඔන්න ඒ අස්සේ ඩයලොග් කොම්පැණියේනුත් මැසේජ් එනවා උන්ගේ වැලන්ටයින් ප්‍රමෝෂන් ගැන කියලා.. :D


කොහොම හරි ඔන්න මම එක ඉල්ලීමක් අපේ ආදරවන්තයින් ගෙන් ඉල්ලන ගමන් මේක ඉවර කරන්නම්..



 ඔයාලගේ ආරේ අදට විතරක් සීමා කරන්නේ නැතුව හැමදාම ආදරෙන් ඉන්න..

14 comments:

  1. කොල්ලොන්ට වැලේ වැල් නැතිවෙන දවසක්..... එල එල

    ReplyDelete
  2. ඔය වැලා මලා කියලා මුන් අහවල් එකට දුක් මහන්සියෙන් හම්බ කරන දේවල් වියදම් කරණවද කියලා මට නං තේරෙන්නේ නැ....ආයේ කිව්වට මොකෝ.. මම නං උපන්තේකට ඔය දිනේ වෙනුවෙන් සත පහක් වියදම් කරලා නැහැ.... මන් වෙනුවෙන් වෙන කවුරුත් වියදම් කරලත් නැහැ....

    ReplyDelete
  3. ආදරේ තියනවනම් අවංකවම හදවතේ හැම දවසක්ම ආදරවන්තයින්ගේ දවස් තමා. නැතුව එක දවසකට සීමා වෙන එකක් නම් එයින් ඇති පල කිම.
    හැබැයි එක දවසක් වෙන් කරගෙන සැමරුම හොඳයි ආදරේ අළුත් කරගන්න. ඒත් ඔය කියන තැන් වලදී නම් නොවේ.

    ReplyDelete
  4. අද ඉතින් මුදලාලිලාගෙ දවස නොවැ. මොකට තරහ ගන්නවද?

    ReplyDelete
  5. සෝරෝත් ලිව්වේ වැලන්ටයින් ගැන නේ.....ඉකේයියා

    ReplyDelete
  6. අනිවාර්යෙන්ම ආදරය කියන්නේ එක දවසකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි ඒක ජීවිත කාලයටම තියෙන්න ඕන දෙයක්.

    ඔන්න එහෙනම් සෝරෝටත් සුබ වැලන්ටයින් මංගල්ලයක් වේවා කියලා පැතුවා ......

    ReplyDelete
  7. මෙන්න මම වගේ හිතන කොල්ලෙක්.......... එළ සොලෝ එළzzzzzzz :)

    ReplyDelete
  8. ඔන්න මං ඉතිහාස කතාව දැම්මා ..

    http://dreamsofharee.blogspot.com/2011/02/blog-post_14.html#more

    ReplyDelete
  9. අන්තිමට අපේ මුදලාලි තුමා තමා වැලන්ටයින්ගෙනුත් හම්බ කර ගත්තේ!
    මරු දිනේ!

    ReplyDelete
  10. දැන් වැඩියෙන්ම ඕක සමරන්නේ ඉස්කොලේ යන ළමයි

    ReplyDelete
  11. @සෝඩා - හක්කේ ඉදන් දත් පැන්නෙන්නේ..

    @සුදු හංසි - පුහ්.. ඔය කිවුවට අපි නොදන්නවැයි..

    @ප්‍රියා අයියා - අළුතෙන් ආයේ අළුත් කරන්න දෙයක් නෑ නේ බං අයියේ හැා ආදරෙන් හිටිය නම්..

    @පිණිබිදු - තරහ නොගෙන කඩයක් දාගත්ත නම් නරකයෑ..

    @රත්ගමයා - ලියන්න හැදුවේ වෙන එකක්..

    ReplyDelete
  12. @මධුරංග - හා හා එසේම වේවා..!!

    @ජේ.ඩී - දාන්න පුතා පහක්..

    @හරී - තැංකිවු වේවා..

    @සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata - මුදලාලිලා කියන්නේ ඒකනේ..

    @ayesha - ඔයා සමරන්නෑ ද ඒ කියන්නේ..

    ReplyDelete
  13. වැලන් ටයින් තියෙන්නේ ධනපති පන්තියේ අයට සමරන්න විතරයි නේද ?

    නියමයි ..සෝරෝ !

    ReplyDelete
  14. ඔවු බං සඳරූ.. සල්ලි තියේනම් හැමදාම වැලන්ටයින්... :D

    ReplyDelete