Friday, September 24, 2010

කලකට පසු...


ම්ම්ම්
සැහෙන්න කාලෙකින් මේ පැත්තෙ ආවේ.. හම්මෝ.. මකුළුදැල් කඩලම මහන්සියි.. මේ පැත්තෙ ආපු අයගෙන් මම සමාව ඉල්ලනව ඇඟේ පතේ මකුළුදැල් එහෙම පට්ලැවුන නම්.. පොඩ්ඩ්ක් මකුළු දැල් පිහදාල මට පොඩි උදවුවක් කරන්න...


මේ දවස් වල වහින් හින්දා එපා වෙලා තියෙන්නේ.. වහින්න ගත්තමත් වහිනවනේ එපා වෙන්නම.. ඩ්ඩක්වත් එළිය්පැත්තට් බහින්න බැහැනේ.. හෆොයි මඩ ගොඩවල් මතක් වෙනකොටතැඟ හිරිවැටෙනවා.. ඒ අස්සේ මෙන්න මගේ සැල් පෝං එකට මැසේජ් එකක් ආව.. ඒක කියනව

"පවතින වැහිබර කාළගුණේ තව දින කිහිපයක් ඉදිරියටත් පවතිනව
කියල..

අෆොයි හෙට වැස්සොත්නම් ඉවරයි.. හෙට වැස්සොත් ඉතිං මම අහවල් රාජකාරියට යන්නෙ කොහොමද..? [හවල් රාජකාරිය කියුවේ ඇත අතීතෙ ඉඳන් යන කලාස් එකට..] අලි කුඩෙත් කරතියාගෙන තමා ඉතිං යන්න වෙන්නේ... ඒ කියන්නේ පොත් ටිකයි කැම එකයි මදිවට තව කුඩයකුත් ගෙනියන්න වෙනව නේ... ම්ම්ම්.. පොත් ටික නම් කමක් නැ, කැම එක.. හතරදෙනෙකුට හරියන්න ගෙනියන කැම එක.. මොනව නැති උනත් ඒක නම් ගෙනියන්න ඕන.. නැති වුනොතිං කීදෙනක් නම් බඩගින්නේද..

කලාස් නොගිහිනුත් බහැනේ.. දැනට නම් කමක් නැ.. ඒත් විභාගේ ළං වෙනකොට තමයි පස්ස උඩ දාගෙන නෝට් හොයන්න වෙන්නේ... ඊට මීට වැඩිය හොඳයි කොහොම හරි කලාස් එකට යන එක...


ඔන්න එහෙනම් හෙට වැස්සත් නැතත් මම යනවා කලාස්.. මේ ඉන්නේ අෆේ කලාස් එකේ කෂ්ටිය නෙවෙයි හොඳද.. හික්ස්...

එහෙනම් මේ පැත්තෙ ආවහැමදෙනාටම ශුභ දවසක්... ආයෙත් ඉක්මණින්ම මුණ ගැහෙමූ...

2 comments:

  1. හප්පා මකුලු දැල් වල පැටලිලා හරිම වැඩේ.. එහෙනම් ඉතින් පරිස්සමින් පන්ති ගිහින් එන්නකෝ.. හෙට වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නම් මම..

    ReplyDelete
  2. @හසී - සොරි වෙන්නඕන මක්ළුදැල් වල පැටළුනා නම්.. තැන්කුයි වෙන්නඕන ආවට මේ පැත්තට..

    ReplyDelete