Friday, June 22, 2012

සතුටින් ගෙවුන දවසක්...!!

ද උදේ, වෙනදට වඩා කලිං ඇහැරුනේ හිතේ ලොකු බරක් තිබුන නිසා. ඒ තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බලපාන විභාගයක් අද තිබුන නිසා. මොකක් හරි විශේෂ දෙයක් තියෙන දවසක් නම් කොහොමත් මට ඒ දවසේ දී උදේට කලිං ඇහැරෙනවා. එහෙම නැත්තං ‍රෑ ජාමෙකදි ඇහැරෙනවා. කොහේ හරි යන්න, කවුරු හරි හම්බෙන්න, මොනවා හරි තියෙන, මොනව හරි දෙයක් කරන්න වගේ දවස් වලට ඔය සීන් එක සැරට තියෙනවා.

Friday, June 8, 2012

එපා.... එපා.... විකෘති කරන්න එපා.......!!

මිනිස් ඉතිහාසයේ මුල් කාල වල මිනිසා‍ගේ අවශ්‍යතා ඉතාමත් සීමිත ප්‍රමාණයක් වූ අතර තමාට අවශ්‍ය එම සීමිත අවශ්‍යතා තමා විසින්ම සපයාගන්නා (නිශ්පාදනය කරගන්නා) ලදී. නමුත් කල් යාමේදී ඔවුන් සතු අවශ්‍යතා එම සීමිත බවෙන් ඔබ්බට යාමට පටං ගත් අතර මේ නීසා තමාට අවශ්‍ය සියළුම භාන්ඩ තමාටම නිෂ්පාදනය කිරීම අපහසු කාර්‍යක් විය.