Thursday, December 20, 2012

ඕං මම නම් ලැහැස්තියි...

ද තමයි 2012 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 20 වෙනිදා. ඒ කියන්නේ අපේ පෘතුවි තලයට විශේෂ දවසක් අද. මොකද කියනවා නම් හෙට නේ ඒ කියන්නේ 21 වෙනිදා ලෝක විනාසේ වෙන්නේ. වෙන්න තියෙන දෙයක් වලක්වන්න අපිට බැරි නිසා මේකට‍ ලෑස්ති වෙන එකතමයි හොඳම දේ. මේක කියලා තියෙන්නෙත් ඉතිං එසේ මෙසේ කට්ටියක් නෙවෙයි නේ. මීට සෑහෙන්න කාලෙකට කලින් ජීවත් වුන මායාවරුන් කියලා කට්ටියක් නිසා සීන් එක ටිකක් බරපතලයි.

‍කොයිකටත් කියලා මාත් ඔන්න ඔහේ ලෑස්ති වුනා හෙට දවසට මූණ දෙන්න. හෙට ලෝක විනාසේ වෙන්න පටං ගන්නේ දවස් හතක් එක දිගට කළුවරේ ඉන්න වෙන එකෙන් කියලා, දැං සතියකට හමාරකට කලිං දවසක මම කහට එකක් බොන ගමං පල්හෑලි ටිකක් එකතු කරන්න කියලා හන්දියේ කඩේ ළඟට ගිය වෙලාවේ එතනට ආපු අප්පුහාමි සීයා කියනවා ඇහුනා. ඒ වෙලාවේ සීයා ලෝක විනාසේ වෙන කතාව රස කරලා කියද්දී මටත් ආසා හිතුනා. ඇයි ඉතිං ලෝක විනාසයක් ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වෙන එකත් වාසනාවක් නොවෑ.

සීයා කතාව අහං ඉඳපු අය ලෝක විනාසෙට ලැහැස්ති වෙන්න හිස්ලූ ලූ අත දුවලා ගියාට පස්සේ මම හෙමීට සියා ළඟට කිට්ටු කරලා ඇහුවා, සීයා කොහොම ද ලෝක විනාසේ ගැන දැනගත්තේ කොහොම ද කියලා. සීයත් ඉතිං ගානක් වත් නැතුව කිවුවා "මම හැමදාම උදේට ගොසිප් වෙබ් සයිට් බලනවා බොලං" කියලා. ඒ කතාව අහපු මට දෙවියන් සිහි වුනේ. "ඇයි හත් දෙවියනේ මම ගොසිප් සයිට් බැලුවේ නැත්තේ" කියලා. කොහොම හරි ඔත්තුව ලැබුන නිසා මා‍ත් ප්ලෑනක් ගහගත්තා සීන් එකට ෆේස් කරන්න. 

මුලින් ම දවස් හතක් කළුවර වෙන එකට ලැහැස්ති වෙන්න ඕන නිසා මම ඉස්සර වෙලාම කලේ මගේ ෆෝන් එකට අමතර තවත් බැටරි හයක් අරගෙන ෆුල් චා(ර්)ජ් කරගත්ත එක. දැං මට බැටරි හතක්ම තියෙනවා දවස් හතට එක ගානේ. ඇයි ඉතිං ෆෝන් එක වැඩ නෑ කියන්නෙ ලෝක විනාසෙට වඩා අන්ත දෙයක් නිසා. ෆෝන් එක වැඩ කලේ නැති වුනොත් කෝල් එකක් ගැනිල්ල කෙසේ වෙතත් මම කොහොම ද ඒකෙන් බුකිය අප්ඩේට් කරන්නේ. ඔන්න ඔහොම තමා මුල්ම පියවර ගත්තේ.

ඊළඟට මම ගත්තා චා(ර්)ජ් කලොත් ජීවිතේට බැටරි බහින්නේ නැති ඉමේජන්සි ලයිට් එකක්. කළුවර වෙන නිසා මේක අනිවාර්‍යයෙන්ම ඕන නේ. අඩුම තරමේ බත් සුට්ටක් කනකොට කට වත් පේන්න ඔන ‍නේ.

ඊට පස්සේ ගත්තා බූමිතෙල් ගැලුමක්. හදිසියේ වත් අර ඉමේජන්සි ලයිට් එකේ බැටරි බැස්සොත් ඉතිං ලාම්පුවක් වත් පත්තු කරගන්න ඕන නිසා. 

දැං මේ තුන නිසා දවස් හතක කළුවරකට නොබියව මූණ දෙන්න පුළුවන් නිසා මම දැං ෆුල් හැපී එකේ ඉන්නකොට මතක් වුනා දවස් හතට හරියන්න කෑම බීම ලෑස්ති කරගත්තේ නෑ නේ ද කියලා. ඒත් ඉතිං, අපේ අම්මා මේ දවස් වල මන්තරේ වගේ කියන "උඹට ෆෝන් එක ඔබ ඔබ ඉන්න තියෙනව නම් කන්න බොන්නත් ඕන නෑ නේද" එක මතක් වෙලා කෑම එකතු කරන එක අතෑරියා. ඇයි ඉතිං ෆෝන් එක‍ට බැටරි හතක්ම තියෙනව නේ. හදිසියේ හරි කෑම ඕන වුනොත් ලාම්පුවක් එල්ලගෙන පුඩ්සිටියට ගිහිං බයිට් පැකට් එකක් හරි අරං එන්න බැරියෑ. ඇරත් ලෝක විනාසේ වෙනව කිවුවට කෑම හිඟ වෙනවා කියලා කොහේ වත් කියලා නෑ නේ.

අන්තිමටම මම ගත්තා පියාඹන පීරිසයක්. හත්වෙනි දවසේ හවසට මම ඒකේ නැගලා යනවා පිටසක්වලට..

ටටා බායි.....!!

ප.ලි. - මට කියන්න අමතක වුනා. පිටසක්වලකට යන නිසා එහේ ඉස්ටැයිල් එකට මම මගේ මූනත් වෙනස් කරගත්තා..


33 comments:

  1. අප්පා.... මූණ නං දැං ඉස්සරට වඩා හොදයි... බැරියැ පිටසක්වලින්වත් කෙල්ලෙක් සෙට් කරගන්න.. හි හි

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට තමා මම මේ පුල් ටයි එක දාන්නේ... :D

      Delete
  2. අම්මට සිරි මට හෙන දුකයි බන්. මේක තමා මම උඹට දාන අන්තිම කමෙන්ට් එක. මතු සංසාරේ කොහෙදි හරි හමුවෙමු මචන්. රේල් පාරවල් තියෙන ලෝකෙකම ඉපදේවා :D

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සා......
      ඒ පාර්තනාව ඒ ආකාරයෙන්ම ඉටු වේවා...!! :D

      Delete
  3. ඔය පීරිසිය ගත්තෙ කොහෙන්ද කියල කියන්න බැරිද? ලීස් කරලද ගත්තෙ. වාරිකේ කීයක් විතර වෙනවද?

    ReplyDelete
    Replies
    1. මචං ඒවා කියන්න බෑ. මම මේක ගත්තේ රහස්‍ය සැපයුම්කරුවෙකුගෙන්. ලීස් කරලා නෙවෙයි බං ෆුල් පේමන්ට් කරලා ගත්තේ.. :D

      Delete
  4. කෝ බන් උඹ උවමනාම දේ අරන් නැහැ නේ
    බොන්න ගත්තේ නැද්ද?
    බොන්න නැතුව ලෝකේ තිබ්බත් වැඩක් තියෙනවද බන් :-D

    ReplyDelete
    Replies
    1. දවස් හතක් ශේප් කරං ඉන්නවා බං. ඊට පස්සේ පිටසක්වලට ගිහිං කන පැලෙන්න ගහනවා ඒ දවස් හතටත් එක්කම.. :D

      Delete
    2. බොන්න දේවල් ගත්තලු. ඒත් ෂන්ඩි ගන්න බැරි උනාලු. අමුවෙන් තමා කොටන්න වෙන්නේ.

      Delete
  5. හික් හික් අම්මප ගල් බෝතල් ටිකක් අරං නෑනෙ උඹ. පිටසක්වල කොහෙද බං ගල් අරක්කු?

    ReplyDelete
    Replies
    1. අලුතා, වැඩක් නැහැ බන් මේ වගේ උන් ඉන්නවට වඩා විනාස වෙලා යන එකමයි හොඳ :-D

      Delete
    2. ඇයි අලුතෝ බං පිටසක්වල ගල් ගැන උඹ අහලා නැද්ද... :D

      Delete
  6. අවුලක් නෑ. මේ මූන දැක්ක ගමන් එන කෙනෙක් මෙයාව අරන් යයි. ..... ගිහාම අපිටත් msg එකක් එවන්න ඕන හොඳේ...

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා

    ගැනීමට)

    ReplyDelete
    Replies
    1. අනිවා මසාජ් එකක් එවන්නම්... :D

      Delete
  7. එහේ අස්පයෝ නෑතිව ඈති අස්පයකුත් මෙහෙන් අරන් පල...

    ReplyDelete
    Replies
    1. එහේ ඉන්නවා අස්සයෝ... පිටසක්වල අස්සයෝ මෙහේ උං වගේ නෙවෙයි බං... :D

      Delete

  8. ඇත්තටම මචන් මුන් අපේ ඔලු ගෙඩි පලල
    ජූස් හදල බොයිද ?
    උබ මොකද හිතන්නේ ?

    ReplyDelete
    Replies
    1. කවුරු ගැන ද බං උඹ කියන්නේ...?

      Delete
  9. තනියම යන එකේ කාව හරි දාගෙන ගියොත් නරකද??

    ReplyDelete
    Replies
    1. බෑ බං උඹලා දැක්ක ගමං උං දැනගන්නවා සී ලංකන් කාරයෝ කියලා... :D

      Delete
  10. පාන් ගෙඩියකුත් ගන්න. ඔය යානේ නැඟලා යද්දි ඒකෙන් කෑල්ල කෑල්ල කඩලා බිමට දාන්න... එතකොට කොයි ලෝකේ ගියත් ආපහු එන්න පාර හොයා ගත්තැහැකි.

    ReplyDelete
    Replies
    1. කියන්ට අමතක උනා.. පිංතුරේ නං කියලා වැඩක් නෑ. මාරයි...සොරෝගේ අස්සයා එහෙම මේ ෆොටෝ දැක්කා නං ආයේ නැති වෙනවා..

      Delete
    2. පාං දාන්න තියා පාං කියාගන්න බැරුව ඉන්නේ... :D

      ඇයි අස්සයා මේ පොටෝ එක දැක්කම මක් වෙනව ද ඌට...?

      Delete
  11. සෝරෝ අයියව මෙච්චර ලස්සනට දකින එකම ෆොටෝ එක මේකමද කොහෙද ? :)

    ReplyDelete
    Replies
    1. ඔවු බං දැං මමත් පිටසක්වලයෙක් වගේ නේ.... :D

      Delete
  12. අපේ පැත්තටත් ඇවිල්ලා මේ අසරණ අවතාර් අවතාරයක් වෙන්න කලින් බේර ගනින් මචන්

    ReplyDelete
    Replies
    1. උඹව ගැලපෙන්නේ නෑ පිටසක්වලට.... :D

      Delete
  13. පිටසක්වලට සාදරයෙන් පලිගනිමු.

    ReplyDelete
    Replies
    1. පිටසක්වළ කොහේද බං අඟහරුවෝ... ඉන්නේ පිටසක්වලයෝ නේ... :D

      Delete
  14. කළුවර වුනේ නැති නිසා බැටරි ටිකට දැන් මොකද කරන්නේ? ලාමුතෙල් ටික නම් විකුනන්න පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. බැටරිකෑලි ටික ටෝච් එකට දැම්මා... :D

      Delete