Sunday, November 25, 2012

අන්තිමේ දී ගොඩනැගිල්ලක් දිනුවෙමු..

පේ පාසල් අධ්‍යාපන රටාව තුලදී සාමාන්‍ය පෙළ දක්වා අපි ඉගනගන්නේ අපි කැමති වුනත් නැති වුනත් අපිට බලෙන් උගන්නන දේවල් කියලා මම කිවුවොත් ඒක හරි වෙන්න ඕන. මොකද සාමාන්‍ය පෙළ විභාගය වෙනකන් තියෙන සමහර විශයන් වලට අපි අකමැති වුනත් අපිට ඉගනගන්න සිද්ධ වෙන නිසා. ඒ වගේම තමයි අපි කැමති සමහර විශයන් සා/පෙළ අධ්‍යාපන රාමුවට ඇතුලත් නැති අවස්ථාත් තියෙනවා.

Tuesday, November 20, 2012

දැං මං නිදහස්...


මීට මාස 04කට කලින් මූණ දීපු මගේ ජීවිතේ වැදගත්ම කඩයිමේ ප්‍රථිපල  ඔන්න අද දැනගනන ලැබුනේ අද. ඒ කියන්නේ විභාගේ ප්‍රථිපල ඇවිත්. හරියකට මාස පහකට පස්සේ. මෙච්චර කාලයක් බලං හිටිය දවස අද උදා වුනේ කිසිම සද්දයක් බද්දයක් නැතුව. අද හෙටම මේ සුභ ආරංචිය ලැබේවි කියලා හිතාගෙන හිටියට අදම ඒක ලැබේවි කියලා ‍නිකමට වත් හිතුනේ නෑ. 

Sunday, November 11, 2012

ලෝකෙන්ම උතුම් රටේ...

ටක් සංවර්ධනය වෙන්නේ ඒ රටේ කා(ර්)පට් පාරවල් වැඩි වුනා කියල වත්, උස ගොඩනැගිලි තිබුනා කියල වත්, ත්‍රස්තවාදීන් පරාජය කලා කියල වත් නෙවෙයි. සංවර්ධනය කියන්නේ ඊට වඩා පුළුල් දෙයක් කියලා අපේ රටේ තියෙන හාල්පාරු ආන්ඩුවේ ඉන්න ඇමතියොන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන්න  නම් මම දන්නේ නෑ.

Sunday, November 4, 2012

නග්ගගන්න ගිහිං වුන වැඩේ..

ටික ටික වැහි කාලේ ලඟට ආව නිසා මේ දවස් වල හවස් වෙනකොට හුළං බින්දුවක්වත් නැතියෙන්න පටං ගන්න හින්දා මේ දවස් වල සරුංගල් කෙරුවාව කරන්න වෙන්නේ නෑ. ඒත් ඉතිං වෙනද පුරුද්දට හවස  4.00 වෙද්දී ගෙදර ඉන්න බැරිකමෙන් නලියන නිසා ඔන්න ආයෙත් අපිට හිතුනා හෙළිකොප්ටර් කෝස් එක ආයෙම පටං ගත්තොත් හොඳයි කියලා. එහෙම හිතලා අපේ හෙළියේ අලුත්වැඩියා කටයුතු ටිකත් කරගෙන ඔන්න ලැහැස්ති වුනා භාන්ඩේ අරගෙන මිෂන් එකට යන්න. කලින් ගිය තැන ටිකක් දුර නිසා මේ සැරේ අපි හිතුවා අපේ ඉස්කෝලෙට ගිහිං යවනවා කියලා.